- 31 -

5.5K 808 31
                                    

'' ගවීෂ්... ''

මෙතුල ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා එහෙමම එහා පැත්තේ තිබ්බ ගල උඩින් වාඩි වුනේ , මිනිහාගේ අතේ මැහුම් දාලා තිබ්බ තුවාලෙත් බලලා... පහන් පූජා උත්සවේට කට්ටියම තැන තැන... සමහරු එයාලාගේ පහන් සරසනවා... සමහරු දවස් හතරක මහන්සියට ඉබාගාතේ වැටිලා.... වැඩවලට එහා මෙහා දුවන සේරම එක තැනකට ගේන්නේ ඉතින් පහන් උත්සවය තමයි.... දැන් ඉතින් සේරම ලැස්තියි.. හෝරාව උදා වෙන්න විතරයි තියෙන්නේ...

'' දැන් මොකො අත ? ''

'' අවුලක් නෑ සුදු මාමේ.. '' ගවීෂ් කිව්වේ එයාගේ අතේ තිබ්බ ෆ්ලෝටින් ලෑම්ප් එකේ කළු මාක පෙන් එකෙන් ලිය ලිය ඉදපු එක නවත්තලා සුදු මාමා දිහාවට හැරෙන ගමන්...

'' ෆ්ලෝටින් ලැම්ප්ස් ද යවන්නේ ? '' මෙතුල ඇහුවේ ගවීෂ් දත් සෙට් එකම පෙන්නලා හිනා වෙද්දි..

'' නෑ , ජේඩ් ලැන්ටන් එකක් යවන්න කිව්වා සීයා.. ''

'' ජේඩ් එකක් නං ඕක ගත්තේ ? ''

'' මේකත් යවනවා ඉතින් හුහ්.. ඇයි බෑද ? අන්න ඔයාගෙයි අවී මාමාගේ එක මං අරන් තිබ්බා ... යොවන්දි ගාව ඇති... ''

'' හ්ම් යොවන්දි දුන්නා... මං අවීට තියාගන්න කියලා මේ ආවේ ... එක්කෙනෙක් මේ ගග ගාවට වෙලා තනියම මොනවද කරන්නේ බලන්න... '' මෙතුල කිව්වේ ගවීෂ් බිම බලාගෙන යන්තං හිනා වෙද්දි...

'' තනියම ..... ද ? '' ගවීෂ් '' ද '' අකුර හයිලයිට් කළේ මෙතුලගේ උරහිසට උඩින් එහා පැත්ත බලන ගමන්.... මෙතුල ගවීෂ් දිහා බලලා ආයේ හිනා වෙලා පිටිපස්ස බැලුවේ මේ කොල්ලාගේ හොරේ අල්ලගන්න .. හරිනේ ඔය ඉන්නේ , ග්‍රහ වස්තුව වටේ කැරකි කැරකි..... ටිකක් විතර එහාට වෙන්න ආශක්‍යසිංහලා ඉදපු හරියේ මියුන් ගල උඩ වාඩි වෙලා කකුල් දෙකත් වතුරේ ඔබාගෙන ෆ්ලෝටින් ලැන්ටන් එකක මොනවද ලියනවා බරටම.... හ්ම් හ්ම්.. සාමාන්‍යයෙන් මල් වෙඩිවලට ආස නිසාම ඒවා තියන  තැනකින් හෙලවෙන්නැති ගවීෂ් කවදාවත් නැතුව ෆ්ලෝටින් ලැම්ප් එකක් අරන් පැත්තකට උන හේතුව ඇස් පනාපිට තියෙන්නේ ඔය ලස්සනට... ඉර බහින වෙලේ දෙන්නා ගං ඉවුරට වෙලා හැතැම්මයක් විතර දුරින් ඉදන් , මොනවා කරනවද මන්දා...

- Plot 23 -Where stories live. Discover now