- 74 -

5.1K 752 140
                                    

අනෙ ඉටිම් පපුවේ ඇවිලෙන ගින්දර හුස්මක් විදියට පිට වුනා නන් තමුසෙත් දැන් මකරෙක් ගවීෂ් !!!! 

කරුමෙට බූරුවෙක්වත් නැති මකරෙක්.... !!

මනුස්සයෙකුට කළකණ්ණි විය හැකි ක්‍රම .... යටතේ උඩින්ම තරුවක් දාලා තියාගන්න ඕනෙ එකක් තමා ඔලුව යටිකුරු කරගෙන , ඔලුව ඇදෙන් පහළට වැටෙන විදියට ඉදන් , උඩට ඉස්සිලා කකුල් දෙකේ හැඩ බැලීම !! ඔව් , දැන් මිනිහාගේ ප්‍රථම රාජකාරිය වෙලා තියෙන්නෙ ඒක....  දවස් තුනක ලොක් ඩවුන් එක.... වේදනාව නම් නොදැනෙන තරමටම හුරුවෙලා දැන්....

" මාස්ට ගවීෂ්.. "

ගවීෂ් කකුල් දෙක පහලට අරන් එහෙමම අමාරුවෙන් නැගිට ගත්තෙ ඇගට පණනැති ගතියට ඇදෙනුත් අල්ලගෙන.... එයා අඩියක් තිබ්බත් අඩි දෙකක් ආපස්සට විසිවෙන ගානයි... කම්මුලට වැදුන පාරවල් නිසා හැම කෑමකින්ම ලේ රහ දැනෙද්දි මිනිහාගේ කෑමත් අඩු වෙලා කලන්තේ ගතිය සෑහෙන සාධාරණයි .... ඒත් ඒමයි කියල මිනිහා නොකා ඉදියෙත් නැ... පළවෙනි දවසෙම වගේ කාපුවා සේරම වමනේ ගියත් , කොල්ලා මේ දොර ඇරියේ රෑ කෑම එක ගන්න අදහසින්...

" ගවීෂ් !! "

හරිනෙ හරිනෙ !! දොර අරින්නේ කොයි වෙලේද කෙල්ලො දෙන්න  දොර ගාව ....

" මොකද යකුනෙ මේ ? ෆිට් බොල මම ෆිට්... " ගවීෂ් තම්බ්ස් අප් එකක් දුන්නේ , පුංචි බොක්සස් ටික අතට අරගෙන....  එයා ඒක අරගන්න පරක්කුවට, යොවන්දි පැනලා ගවිෂ්ගේ සාක්කුවට ස්පාක්ලින් කෑන් දෙකක් එබුවේ ගවීෂ් කීයටවත් ලොක් ඩවුන් එකේ අන්තිම දවසත් ඉවර වෙනකන් එයාලට මේ කාමරේ දොර නන් ඇරෙන්නෙ නෑ කියල තේරුම් අරගෙන වගේ....

" මේ ...  මුකුත් ප්‍රශ්න උනාද ? " ගවීෂ් ඇහුවේ කාමරේ දොර කෙල්ලො දෙන්නට රිංගගන්න බැරි තරමකට අඩවන් කරගෙන...

" ඩියෝන් කතා කලා... "

" අහ් හ ! මොකද කියන්නේ මිනිහා ? දැන් හොදයිලු ? "

" ඔව්.... "

" ලොකු දෙයක්... ම්.. ගුඩ්නයිට් ලස්සන ගෑනු ළමයි.... මම දොය්.. " ගවීෂ් හිනා වෙවීම උත්තර දුන්නේ දොර සම්පූර්ණයෙන්ම වහගෙන අගුල දාගන්න අතරේ.... ඇද උඩ ලැප් එක දිගැරල දාලා තිබ්බේ මුනින් අතට.... ඇතිරිලිවල ලේවලින් රටා..... , ඇදන් ඉන්න ටී ෂර්ට් එකෙන් පවා තුවාල පැරෙන නිසාම ගවීෂ් පුළුවන් තරම් ඉදියේ ටී ෂර්ට් එකක් නැතුව... බොක්සස් සේරම පැත්තකින් තියපු ගවීෂ් , ආශදී සාක්කුවට ඔබපු ස්පාක්ලින් කෑන් දෙක ඇදල අරගෙන බෙඩ් ටේබ්ල් එක උඩින් තියාගෙනම ඇදෙන් පරිස්සමට හාන්සි උනේ හිටගෙන ඉදල සැහෙන ශක්තියක් වැයවුනා වගේ දැනෙන කලන්තෙ ගතියට.....

- Plot 23 -Where stories live. Discover now