-39-

5.1K 768 36
                                    

වතාවත් සේරම උදේ හය වෙද්දි ඉවර කරලා , උදේ අටට සේරම වැඩ ටිකෙන් රිලීස් වෙලා , ගෙදර ඇවිත් වොෂ් දාගෙන ගවීෂ් යන්තං ඇදට පැන්නා විතරයි.. යාදම් වතාවත් දවස කියන්නේ මේ දවස් හතටම, රෙස්ට් එකක් කියලා ලැබෙන එකම දවස... ආයේ හෙට , යාදම් උත්සවේ අන්තිම දවස, යාදම් සැණකෙළිය... මුළු විලේජ් එක පුරාම කානිවල් එකක් වගේ කිව්වට වැරැද්දක් නෑ.... කනවා නං කෑම , බොනවා නම් බීම , සෙල්ලං කරනවා නං කරන්න පුළුවන් හැම සෙල්ලමක්ම..... නැටුම් බලනවා නම් , සිංදු නම් සිංදු.... හැම ජාතියම....එදාට නම් තනිකර ආතල් එකක් විතරයි ඉතිරි කොහොමත්... බාරදුර දූර බාර වැඩකටයුතු සේරම අහවර කොරලා , කූචි කුචි සොප්ට් සබන් ගාලා නාලා , සූද ගගහා ඇදට පැනලා ඇස් දෙක පියාගත්තා විතරයි ---

ආදරණීය ෆෝන් එක වැළපෙන්න අරගෙන !!!!....

දැන් නළවපන්කො.. ගවීෂ් කුණුහර්ප මුමුණන ගමන් ඇස් දෙකත් පියාගෙනම කොට්ටේ අස්සේයි , රෙද්ද අස්සෙයි හැම තැනම අත දදා ෆෝන් එක අතට අරගත්තෙත් හෙන ගේමක් දිලා.... අහ්හ්හ් ...... අහ්හහ් හහ්හ්.... අහවලානේ මේහ්..... එක ඇහැක් යන්තං ඇරලා ස්ක්‍රීන් එකේ බැලුව ගවීෂ් නිදිමත යනකං තව තත්පරයක් ඉදියේ ෆෝන් එක එහෙමම තියාගෙන..... තාම ඇහැරුනේ නෑ මිනිහා හරියට.... මූ මොක ද දන්නෑ මේහ්.... මොකා උනත් නින්ද මට ලොකුයි හ්හ්.... ගවීෂ් එහෙමම ෆෝන් එක ආන්ස කරලා කනේ තියාගත්තේ ඒකත් එක්කම බ්ලැන්කට් එක අස්සට තව චුට්ටක් රිංගලා ගුලි වෙන ගමන්...

'' ඇයි ? '' පැහැදිලි නැති , කුනු කුනු ගාන හිරි කැඩිලා නැති , මූසල , කුජීතම කම්මැලි කටහඩින් ගවීෂ් ඇහුවේ නින්ද කඩපු එකට සාප කර කර... යකු දවස් හතකින් එයාගේ සප්තලන් ඇද ඇස් දෙකට දැක්කේත්...

'' දැන් පහත් පහුයිනේ ? '' ටික වෙලාවක් සද්ද නැතුව ඉදපු මියුන් ඇහුවේ ගවීෂ් බාගේට ඇරපු ඇස් දෙකත් පුංචි කරගෙන බිත්තියේ තඩි ඔරලෝසුව දිහා බලද්දි.....

'' -ටහුඩු !!! පහයි විස්සයිනේහ්...'' ගවීෂ් තාම නිදිමතේම කිව්වේ හිමින් හිමින් කෙලින් වෙලා ඇදට හේත්තු වෙන ගමන්.... ඒත් යකූ මේ දැන් නේ ඇදට ආවේ..... ??? බුදු අම්මේ අත.... උරහිස.... කොන්ද ..... අය්යො බෙල්ල...... ඌහ්... ඇග පත හැම මගුලම රිදෙනවා... දවස් හතක් තිස්සේ අරහේ මෙහේ දුවලා පණ පිටින් ඉන්න එකම මදැයි..

- Plot 23 -Where stories live. Discover now