- 3 -

8.8K 1K 93
                                    

තෙත කොන්ඩේයි , ඇගේ තැන තැන තිබ්බ වතුර බිංදුයි එක්කම බාත් රූම් එකේ කණ්ණාඩිය ඉස්සරහ හිටගත්ත මියුන් කන්නාඩියේ බැදිලා තිබ්බ හුමාලේ අතින් පිහිදැම්මා... එයාට පේන එයාගේම රූපේ දිහා මියුන් බැලුවේ තුන් වෙනි වතාවට.... ඉස්කෝලේ යන නිසාමදො කොටටම කපලා තිබ්බ කොන්ඩේ එයාගේ අයිස් වගේ මූණට හරි අමුතු විදියකට ගැළපුනා.... උඩට ඉස්සිලා ලස්සනට මතු වෙලා පේන කොල(ර්) බෝන්ස් දෙකෙන් පහලට බේරිලා යන්නත් වතුර බිංදුවලට ගොඩක් මහන්සි වෙන්න උනාදත් මන්දා.... පිටින් බැලුවම ටිකක් කෙට්ටුයි වගේ පෙනුනත්  අඩුවක් නැති තරමට මියුන්ගේ ඇග පිරිලා තිබ්බා.... මියුන්ගේ තද කළු ඇස්වල තිබුණේ ඕන කෙනෙක්ව යටත් කරගන්න පුලුවන් පෙනුමක්.. ඇහි පිල්ලම් ගහනකොට විතරක් කැපිලා පේන දිග ඇස් පිහාටුවලත් වතුර බිංදු රැදිලා... කොහෙත්ම සමාජශීලී නැති , කාත් එක්කවත් පැටලෙන්නැති , පැටලෙන්න ගියොත් ලේසිත් නැති මියුන් ටිකක් වෙනස් චරිතයක් කිව්වට වරදක් නෑ හැබැයි.... එයාගේ බෙල්ලේ කළු පාට සුරය දිහාවට නොදැනුවත්වම මියුන්ගේ අත යොමු වුනේ පුරුද්දට වගේ... ඇගිලි තුඩුවල ඒ සුරය ගැවෙනකොට විතරක්ම ඒ සුදුමැලි මූණේ කම්මුල්වල යන්තමින් පීච් පාටක් ඇදිලා ආයේ අතුරුදහන් වෙන්නේ කොළයක් අයිනේ තියන පිනි බිංදුවක් බිමට වැටෙන තරම් වේගෙන්...

සුදු පාට ටවල් එක පිටින්ම කාමරේට ආව මියුන් එයාගේ ඇදුම් දාලා තිබ්බ කළුවර අල්මාරියේ දොර ඇරියා.. අල්මාරියේ දොරේ චූටි පින්තුරයක්... අප්පච්චි... මියුන් පුරුද්දට වගේ ෆොටො එක උඩින් මාපටගිල්ල තිබ්බා... ඒත් ඒ එක විනාඩියකට විතරයි.. හිමින් සැරේ අල්මාරියේ දොර වහපු මියුන් අළු පාට ෂෝටයි කළු පාට ටී එකයි දාගත්ත මියුන් ආයේ ජනෙල් පඩිය ගාවට ගියේ ටවල් එක රැක් එකට විසි කරන ගමන්....

'' මේ අය්යේ... රෑ කැම කන්න එන්නලු.. '' මෙවීනා දොරට තඩි බැවේ මියුන් කොයි වෙලෙත් දොර ලොක් එකේ තියනවා කියලා දන්න නිසා...

'' මට බෑ. '' මියුන් ගානක් නැතුව කිව්වේ එයා මේ දවස්වල කියව කියව ඉදපු පොත දිග අරින ගමන්..

'' අය්යේ .. අද සීයා එනවාලු... අනේ එන්නකො. දන්නවනේ මට තනියම බැ... '' මෙවීනා කිව්වේ නහයෙන් අඩ අඩ.. ඒ පාර නම් පොත එහෙමම වහලා තිබ්බ මියුන් කිසි කතාවක් නැතුව නැගිටලා දොර ඇරියේ මෙවීනා දෙවියන්ට පින් දෙද්දි....

- Plot 23 -Where stories live. Discover now