- 114 -

6.7K 770 452
                                    

" එතකොට මෙයා නියුධාශ්‍රමය හොයාගත්තේ කෝමද හරියටම ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් උරහිස් අකුළද්දි... අනිත් අතට ගවීෂ්ටම ගුලි වෙලා ඉදපු මියුන් කොහොමටවත් ඉන්නේ උත්තර දෙන්න පුළුවන් මානසිකත්වයක නොවෙන බව තේරුම් ගත්ත අරවින්ද් , හිමින් නිශ්ශබ්ද උනේ ගැඹුරු හුස්මක් අරන්.....

" මං මාස්ට නාල්‍යාට කතා කරලා එන්නම්..." මියුන්ට වෙලාව දෙන්න හිතාගෙන අරවින්ද් හෙමින් මිමිණුවේ එහෙමම නැගිටින ගමන්....

" අනේ නිකන් කෝලං නැතුව වාඩිවෙයන් බං..." ගවීෂ් කිව්වේ එයාගෙ අතේ තිබ්බ ලියුම එහෙමම අරවින්ද් අතට දීලා නිදහස් උන අතිනුත් මියුන්ව බදාගෙන.... ඒ ඇග පුරා තියෙන ශක්තිය අසීමිත ගවීෂ්ට හොදටම දැනෙනවා.. මියුන්ට අනිවාරෙන් කියන්න ගොඩක් දේවල් ඇති... එහෙම තියෙන්නම ඕනේ... මේ ලියුම මේ පොඩි එකාට බර වැඩියි දෙය්යනෙ...!! ගවීෂ් හිතුවේ එක අතකින් මියුන්ගේ ඔළුවත් පරිස්සමට අත ගාන අතරේ....

" නාකි හුරතල් මුන්ගේ...නිකන්  බොරු නැතුව ඉදපන් බං.... " ගවීෂ් මියුන්ගේ ඔළුවත් අතගාන ගමන්ම නෝන්ඩියට කිව්වේ අරවින්ද් ඒ සැරේ ගවීෂ්ට රවද්දි...

" ඇයි ඇයි උබ රවන්නේ ? "

".... පලයන් යකෝ නිකන්... පොඩ්ඩක් ආදරේ පෙන්නුවා කියල හෙණ ගහන්නැ උබට.... මං විනාඩි දහයෙන් එනවා......" අරවින්ද් ගවීෂ්ගේ කොන්දට පයින් ඇනගෙනම ආශ්‍රමය පැත්තට හැරුනෙ මාස්ට නාල්‍යාව මුණ ගැහෙන්න... අහන්න ඕන තරම් ප්‍රශ්න කොල්ලගේ හිතේ තිබ්බා... අරවින්ද් සැලකිය යුතු දුරකට යනකන් ඉදපු ගවීෂ් ඊළගට එබුනේ මියුන් දිහාවට...

" හරි !! අරු ගියා... කෝ උබ දැන් ඔළුව උස්සපන් ඉස්සෙල්ලා... " ගවීෂ් තදින් කිව්වට මියුන් නෙවේ අගලක් හෙලවුනේ.....

" මොකො උස්සන්න බැ ? කෝ ? දෙනවා දෙකක් ඔයපාර...!! " ගවීෂ් ආයේ කිව්වේ අත් දෙකෙන්ම මියුන්ගේ ඔළුව උස්සන්න හදන අතරේ උනාට , මියුන් ආයෙම මුරණ්ඩුකමට ඔළුව පහළට අරන් උරහිස අස්සේ ඔබාගත්තේ ඒ සැරේ ගවීෂ් වැඩේ අතඇරලා දාද්දි..... මියුන්ට එහෙමම ඉන්න දීපු ගවීෂ් පොඩි එකාගේ කොණ්ඩේ පරිස්සමට ඇවිස්සුවේ සැහෙන මන්දගාමිව.... මියුන් අඩනවද නැද්ද කියලා තහවුරු කරගන්න බැරි උනත් තමන්ගේ තාත්තගේ අන්තිම වචන එයාට මීට වඩා අඩුවෙන් බලපායි කියලා හිතන්නේ කොහොමද ?

- Plot 23 -Where stories live. Discover now