-24-

5.7K 844 39
                                    

විනාඩියක් දෙකක් කිසිම සද්දයක් නැතුව ඉදපු මියුන් පොතේ ඉතිරිවෙලා තිබ්බ අන්තිම පිටු ටිකේ එන්ට්‍රිස් ටික පෙරළුවේ ගවීෂ්ට එහෙමම ඉන්න ඇරලා...හ්ම්. හිතුවා වගේම ඒකේ එයාගේ බර්ත් ඩිටේල්ස් ගැන කිසිම සදහනක් නැහැ... පොත වැහුවත් , මියුන් තාම ගවීෂ්ට එහාට යන්න කියලා කිව්වේ නැ... ගවීෂ් සැරින් සැරේට ගැහෙන විදියටයි , එයාගේ උරහිසට දැනෙන තෙතමනයයි නිසා ගවීෂ් අඩනවා කියලා මියුන් දන්නවා... එක අතකට ඒකාත් හර අමුතුම විදියේ කොල්ලෙක්... පොඩ්ඩ ඇත්තන් තද වෙන , කේන්ති ගියාම එයාටම කන්ට්‍රෝල් එකක් නැති , බරක් පතළක් නෑ වගේ හැමතිස්සේම හැසිරෙන්න බලන ඒත් ඇතුලෙන් හැම බරක්ම ඔළුවේ තියාගෙන හැම හැගීමකටම සාධාරණයක් කරන්න හදන සංවේදි වගේම ආදරණීය ඒත් ඒක හංගගෙන හැම ප්‍රශ්නයක්ම ආතල් එකට අරගෙන හිනාවෙන ජාතියේ කොල්ලෙක්...

'' මට උබට කියන්න ඕන උනේ....- ''

''එහාට පලයන්.... '' මියුන් මැද්දෙන් පැන්නේ ගවීෂ් ආයේම කටවහගනිද්දි..  වෙනදාට මොනා කරලා හරි එයා හරි කියලා ඔප්පු කරන්න දගලන ගවීෂ් කට පියාගෙන පැත්තකට වුනේ මියුන්ව ආයේ ආයේ නිරුත්තර කරලා... මුකුත් නොවුනා වගේ ගවීෂ්ට ආයේම රවපු මියුන් ෆෝන් එකට ඉයර්ෆෝන්ස් දෙක කනෙක්ට් කරලා කනේ ඔබාගත්තේ නිහඩතාවය දරාගන්නම බැරි තැන....   

'' නුඹ සදක් වෙලා පායා...
මට එළිය දුන් වගයි... 
නුඹ සදක් සේම බැස යයි...
මට ඉතිරි කළුවරයි.. '' 

එයාගේ ඉයර් ෆෝන්ස් දෙකේ ප්ලේ වෙන්නෙත් කරුම සිංදු තමයි...  කළුවරේ ලොස්ට් වුන දවසට තමුසේටත් කියන්න තියන සිංදුව මේක.. දැන්ම අහලා තියාගත්තට පාඩු නෑ එක අතකට....

ගවීෂ් කෙලින් වාඩිවෙලා අත් දෙකෙන් ජැක් එකක් ගහගත්තේ අහස දිහා බලන ගමන්...... මියුන්ගේ රස්නෙට ගිනිගන්න නළලේ  වේගෙන් ඇවිත් වදින හීතල හුළග , ඒ පුංචි රස්නෙත් අරගෙන යනවා ගවීෂ්ට දැනෙනවා... ඒත් මිනිහා සැලෙන්නැතුවම බලාගෙන ඉන්නේ හද දිහා... මේ අහස යටම , මේ හැගීම ලියවුන තවත් ඇස් කියක් මේ විදියිටම දැන් හද දිහා බලාගෙන ඇද්ද ? !! පුදුමයක් නෑ හද ගැන අච්චර සිංදු තියන එක .. ගවීෂ් හිතුවේ මූණේ වැදෙන හුළගට ඇස් දෙක හිමින් පියාගන්න ගමන්... ඇස් ඇරගෙන ඉදියා නම් කදුළු වුනත් ඒ හීතල හුළගට මිදෙන්න තිබුනා!!...

- Plot 23 -Where stories live. Discover now