- 86 -

4.4K 708 311
                                    

" මොකද මේ මූණක හැටි ?  " අරවින්ද් ඇහුවේ මියුන් උත්තරයක් නොදීම, ෆොන් එක පැත්තකින් තියද්දි... කෝමත් ඒ උගේ විදියනේ....

" එයාව බලෙන් නේ ඇදගෙන ආවෙ....  " මෙවීනා උත්තර දුන්නේ මියුන් ඒකටත් සද්ද නැතුව එයාගේ බෑග් එකේ තිබ්බ නවල් එක ඇදලා අරගෙන එයා බඩ්ස් දෙක කනේ ඔබාගනිද්දි....

" නරකට හිටිවි පවුලේ අයත් එක්ක ට්‍රිප් එකක් ගියාම... නේද ක්‍රිෂ් අක්කේ ? " ඒ අරවින්ද් ....

" කවුද දන්නේ එක්සැම් ඉවර කරලා  වෙන කාත් එක්ක හරි යන්න ප්ලැන් කරන් ඉදියද කියලා ? " ක්‍රිෂ් අක්කාත් එබිල නෝන්ඩියටම ඇහුවේ අරවින්ද්ට බෑග් එක පාස් කරන ගමන්....

"  නැ නැ... ඔය අර කුක්කව දාලා එන්න වුන නිසා.... " තාමත් නවත්තලා තියෙන කෝච්චිය වටේ සෑහෙන ඝෝෂාව... අරහේ මෙහේ කෑ ගහන ඒවායි.. සනෝශ් තනෝශ් දෙන්නගේ වලියයි.... මියුන් එයාගේ ස්පෙක්ස් දෙක ඇජස්ට් කරගෙන, බඩ්ස් දෙක තව කනට තද කරගත්තේ අරවින්ද් හිනා වෙලාම උගේ පිටට තට්ටුවක් දාද්දි... බැටළුවෙක් මරන්න එක්කන් යනව වගේනේ මේකාව ට්‍රිප් එකක් එක්කන් යන එක.....

" කට්ටියම බෑග්ස් දැම්මද ? නිනේලි ?  හේෂාර්යා ?"  අරවින්ද් ඇහුවේ පොඩිම කෙල්ලො දෙන්නත් ඔලුව වනද්දි......

" ඔය සනෝශ් තනෝශ් නිනේලි එක ළග ඉදල හරි යන්නැ... මෙහ්.... නිනේලි එන්න මෙහෙට අක්කා කතා කියන්නම්..... " තුන් කට්ටුවගේ වැඩ දන්න නිසාම නිශා අක්කා කිව්වේ නිනේලිව එයාගේ ළගට අරගෙන.....

මියුන්... මියුන්ගේ එහා පැත්තේ මෙවීනා... ඉස්සරහා සීට් එකේ නිශා අක්කා... නිනේලි... අනිත් කවුළුව පැත්තේ සනෝශ්ලා ඉදපු එකට ඉස්සරහ අරවින්ද් ...  සේරමලව පොදුවේ බලන්න ඕනේ කමට.... සනෝශ් තනෝශ් ඩබල ඉතින් වෙන් කරනවා බොරුනේ... එහා පැත්තේ අක්කා නගෝ ඩබල නිනේලියි හේෂාර්යායි.... කෝමටත් හැම අදුරුද්දකම එක්සැම්ස් ඉවර වෙලා කට්ටිය ඇවිදින්න යන්නේ අද ඊයෙක ඉදන් නෙවෙනේ.....  ඒත් අපරාදේ කියන්න බෑ මියුන්ගේ දාහට අරන් සීයට දීලා වගේ මූණ ඇරුනම ඉතිරි සේරමලා ඉන්නේ කෝච්චිය අද්දනකන් බලාගෙන.......

හරියටම කිව්වොත් හැමදේම හොදින් තිබුනා , ඊට විනාඩි පහළවකට පස්සේ එයාලගේ පරම්පරාගත ප්‍රතිවාදියෝ උන වේඝර්ණලා තුන් වෙනි පරම්පරාවම ඒ කෝච්චි පෙට්ටියටම ගොඩ නොවුනා නම්...... !!! ඔව් , අහම්බෙන් වගෙ..... තනිකරම අගම්බෙන් වගේ.... ගවීෂ් වේඝර්ණාරච්චි ඇතුළු වේඝර්ණ ගැන්සිය බැග්ස් ටිකත් කරේ දාගෙන වෙනම ලයින් එකක් දීගෙන කොච්චි පෙට්ටියට ගොඩ උනේ මාර හදිසියකින්.....

- Plot 23 -Where stories live. Discover now