- 107 -

4.5K 741 410
                                    

" නැ අය්යේ...... මං ප්‍රෙග්නන්ට් !!"

ආශදීගේ වචන සම්පූර්ණයෙන් ඇති කළෙ නිශ්ශබ්දතාවයක්.... ගවීෂ් බෙල්ල ඇල කරේ එයා කියපු දේ හරියට හිතාගන්න බැරි ගානට.... ඒ තරමට කම්පනයකින් ගවීෂ් ආශදීගේ අතින් අල්ලගත්තේ කෙල්ල ඒක විහිළුවක් කියලා මේ දැන් හිනාවෙයි කියන සෑහෙන බලාපොරොත්තුවෙන් .... මේ කෙල්ලට අමු කැවිලද දෙය්යනේ ?

" ආශි ?? "

" මං ....... ප්‍රෙග්නන්ට්..." ගවීෂ්ගේ ඇස්වල තිබ්බ බැල්ම දරාගන්න බැරි තැන කෙල්ල ආයෙම මිමිණුවේ බිම බලාගෙන.... ඒත් එක්කම එයාගේ බෙල්ලට තද උන ගවීෂ්ගේ අතට කෙල්ල පිටිපස්සේ බිත්තියට තද උනේ, මෙච්චර වෙලා හිර කරගෙන ඉදපු ඉකිය පිට පනිද්දි...

" පුළුවන් නම් ආයේ කියපන් බලන්න !! " ගවීෂ් දත් මිටි කාගෙන මිමිණුවේ ආශදීගේ බෙල්ලේ ග්‍රහණය තද කරන ගමන්.... ගවීෂ්ට මාරාවේෂ උන ගානයි කියලා ආශදීට නොපෙනනවා නෙවේ.... ඒ කේන්තිය පිටිපස්සේ හැංගුන බලාපොරොත්තු කඩවීමකූත් කෙල්ලට නොපෙනනවම නෙවේ....ඒ හැමදේටම වඩා කෙල්ල වැඩියෙන්ම කඩන් වැටෙන්නේ ගවීෂ්ගේ ඇස්වලට හංගගන්න බැරි උන වේදනාව දැක්කම...

" උබ මෙතන අඩන්න තියාගන්න එපා...!! මොකක්ද ඒ කිව්වේ දැන් ?? ආයෙ කියපන් !!!  අහ්හ් ?  " ගවීෂ් ආයේ ගිගිරුවේ කෙල්ලගේ බෙල්ල තව තද කරන ගමන්.... ගවීෂ්ගේ ඇස්වලට මුහුණ දෙන්න බැරිකමටම කෙල්ල අහක බලාගත්තේ ගවීෂ්ව තවත් යක්ශාවේෂ කරගෙන.... කෙල්ලට කම්මුලටම ගහන්න අත ඉස්සුවට මොකද කෙල්ල ඇස් පියාගත්ත විදියට ගවීෂ් අත මිට මොළව ගත්තේ වෙව්ලන කේන්තියෙන්මයි.... ඒ පරක්කුවටම තමන්ගේ ඇස්වල කදුළුත් පිරෙනවා ගවිෂ්ට නොදැනෙනවා නෙවේ..... එයා කේන්තියෙන්ම ආශදීව බිමට ඇදලා දැම්මේ කිසිම අනුකම්පාවක් නැතුව...

"  උබව මෙච්චර පරිස්සම් කලේ මේකටද ?? !! අහ් ආශදී ??  " .

" ගවීෂ් අය්යේ... අනේ... "

" කට වහපන් !! නැත්තන් මගෙන් මොනවා කියවෙයිද මන් දන්නෑ... !! "

" අනේ අය්යේ.......... "

" මම තමුසෙගේ අය්යා නෙවේ !! " 

ගවීෂ් කැගැහුවේ දෙවෙනි සැරේටත් කෙල්ලට ගහන්න අත උස්සලා.... කොහේ ගහන්නද !! ඔච්චරයි ඉදියේ නංගි කෙනෙක්ට.... මෙච්චර වෙලා ඉවසන් ඉදපු හැම එකක්ම දූවිලිවෙලා ගිය ගානයි කෙල්ලගෙ ඒ වචන දෙකට... !! ගවීෂ් කේන්තියෙන්ම ආශදීගේ කොණ්ඩේන් අල්ලලා එයාගේ ඇස් මට්ටමට සමාන්තර කළේ කේන්තියට වෙව්ලන අත් තද කරගෙන.....

- Plot 23 -Where stories live. Discover now