-110 -

6.6K 793 548
                                    

ඉර බැහැගෙන ගියාටත් පස්සෙ වේඝර්ණ මැන්ශන් එකේ තියෙන්නේ භයානක නිහඩතාවයක්...සමහර විට ආර්ය වේඝර්ණාරච්චි මැන්ශන් එකට ආවම ඇවිළිල යන්න නියමිත කුණාටුවට කලින් තියෙන නිශ්ශබ්දතාවය... තවමත් එයා ආයේ මැන්ශන් එකට ආපු හේතුව ගවීෂ්ටම පැහැදිලි කරගන්න බැහැ.. විෂ එයාගෙ මනස තව තවත් දුර්වල කරනවා..

ඔරලෝසුවේ මහත කටුව, ඉලක්කම් කිහිපයක්ම පහු කරන් ගිහින්.. ඒත් එතන මාරාන්තික නිහඩතාවක් විතරයි... අහ් , මියුන්ගේ හාට් එක ගැහෙන සද්දේ ඇර මුළු රූම් එකම නිහඩයි.... ගවීෂ්ගේ බලාපොරොත්තු විරහිත ඇස් තවමත් එල්ලවෙලා තියෙන්නේ ජනේලෙන් එළියට.... මියුන්ගේ හුස්ම බෙල්ලේ පිටිපස්සේ වදිනවායි , එයාගේ අත බඩ වටේ සැරින් සැරේට ආයෙම එති එතීම පුළුවන් තරම් එයාව ඇග අස්සට ගන්නවා ගවීෂ්ට නොදැනුනාම නෙවේ...

මියුන්ගේ බැක් හග් එක අරගෙන එන්නේ ගොඩක් සුවපහසු හැගීමක්.... ඒත් ඒ සුවපහසු හැගීම එක්ක කොච්චරවත් කොල්ලා දැන් ඉන්නේ වේඝර්ණ මැන්ශන් එකේ බවත් ගවීෂ්ට අමතක වෙනවා.... අරවින්ද් දැනගත්තොත් බෙල්ල මිරිකෙන්නේ උගේ බවත් ගවීෂ් දන්නවා... ඒත් , දැන් මියුන්ට යන්න කියන්න තරම් ගවීෂ් ගල් කණුවක් නෙවේ... එයාට මියුන්ව ඕනේ...!! කවදාවත් දැනිලා නැති තරමට ඕනේ.... ඇරත් ගවීෂ්ගේ විශ්වාසය බිදුන ඇස් දැක දැකම මියුන් යයි කියලා හිතන්නේ කොහොමද ? එයා මැන්ශන් එකට ගවීෂ්ට යන්න දුන්නෙත් නැති තරම්... අන්තිමට ගවීෂ් බලාපොරොත්තු නොවුනත් යොවන්දි මියුන්ව පරිස්සමට ඇතුළට අරන් දුන්නේ , ඩියෝන් එනකන් ගවීෂ්ට කාමරෙන් එළියට බහින්නත් තහනම් කරලා....

මියුන් දැනට කොච්චර වෙලා මෙහෙම ගවීෂ්ව බැග් හග් කරන් ඉදියත්, තව ඉස්සරහට ඉන්න හිතන් ඉදියත් ගවීෂ්ගේ ඇස් ආයේ තිබ්බ වගේම විශ්වාසෙන් පුරවන්න එයාට බැරි බව මියුන් තේරුම් අරගෙන ඉවරයි... තවමත් හේතුව නොදන්නවා උනාට , උරුමයන් දෙක දෙපැත්තට උනේ නිකන් නෙවේ කියලා මියුන් හොදටම දන්නවා.... ඒ වගේම ඒ කැඩිලා ගිය විශ්වාසේ තමන්ට දෙන්න බැරි බවත් එයා දන්නවා... තවමත් ගවීෂ් කිසිම පැහැදිලි කිරිමක් නොදුන්නට එයා විටින් විට ඇස් පියාගෙන ගුලි වෙන්නේ හොද මතකවලට නම් නොවෙන බව මියුන්ට විශ්වාසයි... දෙතුන් පාරක්ම ගවීෂ් එයාගේ අත අල්ලන් ඉකි ගැහෙන්න ගිය එක නවත්තගත්ත බව මියුන් දන්නවා.... කලින් දවසේ අඩල අඩල හිත හදාගත්තම තවත් අඩලා පිට කරන්න තරම් කදුළු ගවීෂ්ට නැති බව මියුන් අනුමාන කළා.... ගවීෂ්ගේ බාහුවට මියුන් බෙහෙත් දාලා තිබ්බත් ඒ ගැන ගවීෂ් තාම කිසිම විදියකින් කොල්ලට දැනගන්න දුන්නේ නැහැ... කොහොමද කියන්නේ , එයා තව දුරටත් සාමාන්‍ය වේඝර්ණ කෙනෙක්ගෙන් වෙනස් නොවෙන බව... ගවීෂ්ගේ හිත තාමත් තියෙන්නෙ ඒ ඇත්තෙන් ගොඩක් ඈත.... ගවීෂ් ඇස් තදින් පියාගෙන ගුලි වෙද්දි මියුන් තවත් කොල්ලව අත් දෙක අස්සේ හිර කරගත්තේ ගවීෂ්ගෙන් කිසිම රියැක්ශන් එකක් ලැබෙන්නේ නැති බව හොදටම දැනගෙන ......

- Plot 23 -Where stories live. Discover now