- 54 -

5.4K 767 94
                                    

ඉස්තරම්ම විදියේ ප්ලැන් ගොඩක් ගහලා , කුකුලයි කොල්ලයි දෙන්නම අතින් අරගෙන පිටත්වෙලා ආවාට මොකද වැහි දෙය්යොන්ගේ මෙලෝ අනුකම්පාවක් නැති හැටි විතරක්...!! පස්නේ වැස්සම නෙවේ , එක සිය ගාණට උණ අරගෙන දෙතුන් පාරක් සිහිනැති වෙච්ච මනුස්සයෙක් එක්කලා යන්තම් වහින සීතල පිනිපොද වැස්සේ කන්දක් නගින එක...

'' එයැයිව තෙමන්න එපා කිව්වට අහන්නෑනේ !!!  '' ගවිෂ් කිව්වේ රේන් කෝට් එකත් අස්සෙනුත් හිතුවක්කාර විදියට මියුන්ව තෙමන වැහි බිංදුවලට හෙන මෝඩ විදියට අතින් ගහන ගමන්... ඒම නවත්තන්න පුළුවන් මගුලක්යැ..... තමුසේට පිස්සුද ගානට මියුන් එහා දිහාට දාපු බැල්මට තොල් දෙක තද කරගත්ත ගවීෂ් ආයේ ඉස්සරහා බලාගත්තේ පදුරු ටික පීරන ගමන්....

වැස්සටම බර වුන පදුරු තැනිතලාවට පහත් වෙලා.... පින්නත් එක්ක මූණේ ඇවිත් වදින හුළග හොදට ඔරොත්තු දෙන ඇගකට නම් ගානක් නැති තරම්.... ඒත් දැන් ඒම නෙවෙයිනේ... හය්යෙන් වහිනවා නම් එකක් , පිනි බිංදු එක්ක සීතල කියන්නේ සැරින් සැරේට කොනිත්තලා යනවා වගේ වැඩක්... අහලා නැද්ද ලෙඩ වෙන්නේ එක දිගට වහින වැස්සට නෙවේ , සැරින් සැරේට වැටෙන පොද වැහි වලට කියලා..... අහස නම් ගොඩක් බර වෙලා..... වැඩි වෙලා යන්න කලින්ම හොද වැස්සක් ඇදගෙන වැටෙනවා ෂුවර්....

'' මට තියන ප්‍රශ්නේ, උඩටත් වහිනව ද දන්නෑ '' මියුන් කිව්වේ තාමත් බොර පාට ගගේ වතුර දිහා බලලා... ගග පටන් ගන්නම හරියේ මෙච්චර බොර වෙලා නම්.... ආයේ දෙකක් නෑ උල්පත් තියන උඩ හරියට නම් ලෙසටම වහිනවා තමයි.....

'' සැලෙන්න හොද නෑ බ්‍රෝ... වැස්ස නං ඉතින් සාපයක් තමයි... '' මූණට වැදිලා නහය දිගේ බේරෙන පිනි බිංදු නොසලකා ගවිෂ් කිව්වේ අහස අදුරු කරලා තියන විදියට අද ඉර පෑවිල්ල නං බලන්න වෙන්නේ නැති විත්තිය තේරුම් අරගෙන... ඒම තමයි..යම් යම් දේවල් හැම එකම ප්ලැන් කරපු විදියටම වෙනවැයි හහ්....

'' තමුසේට කිසි රසවින්දයක් නෑ , ඒකයි ප්‍රශ්නේ....  '' මියුන් කිව්වේ නිදහසේ වැස්සට අත අල්ලන ගමන්...

'' අම්මො හෙනම රස වින්දනේ.. මේ සීතලේ. '' ගවීෂ් නැවතිලා කොන්දට අත් තියාගෙන කිව්වේ ටිකෙන් ටික දර්ශන පථයෙන් ඈත් වෙන ඈත ගම දිහා බලලා... දැන් එන්න එන්නම බ්‍රින්ධව් කන්ද ඇතුළ් පැත්තට ළං වෙනවා ඒ කියන්නේ.... අනිත් පැත්තට , ඊයේයි පෙරේදායි ඇගට තිබ්බ සේරම අමාරු හොදයි මියුන්ගේ , එළියට බැහලා තෙමුනම.... කොටින්ම මිනිහා ඇවිදින වේගේට ගවීෂ්ටවත් කන්ද නැගගන්න බැ.... පොඩ්ඩක් හෙමින් නගින්න බැරියැ..

- Plot 23 -Where stories live. Discover now