- 28 -

5.3K 779 35
                                    

බර්ඩ්‍රේන්ස්ලාට වගේම , ඩ්‍රොමිඩියන්ස්ලාට උපත තරම්ම පරණ යාදම් පූර්ව උත්සවේ දෙවෙනි දවස... !!හරියට බැලුවොත් යාදම් උත්සවයට කට්ටිය ලැස්ති වෙන්නේ දවස් හතක් තිස්සේ.... පළවෙනි දවස ඍධි දවස බන්ෂ් එකේ ඍෂිවරුන්ට වෙන් වුන දවස... මුලු ගමම යාදම් උත්සවේට ලහි ලහියේ සුදානම් වෙද්දි ඍෂිවරු එයාලා දන්න පරණ භාවනා ක්‍රමවලින් මේච්‍යුරි ගහත් එක්ක සම්බන්ධ වෙන්න උත්සහ කරනවා....අද දෙවෙනි දවස... ඒ කියන්නේ දෝවන දවස.. 

එයාගේ ඉස්සරහ හිටගෙන ඉදපු අරවින්ද් දිහා නොන්ඩි බැල්මක් දාපු ගවීෂ් සුදු පාට නෙළුම් මල් දාපු කළය උරහිස උඩින් තියාගත්තේ අරවින්ද්නුත් එයාගේ කළය එක පාරින්ම උස්සලා උඩට ගනිද්දි.... එසේ මෙසේ බරක් නෙවේ , කොල්ලො දෙන්නම කාගෙන උස්සගෙන ඉන්නේ... අරවින්ද්ගේ අත්වල නහර ඉලිප්පිලා තියෙන්නේ කොහොමද ඒ හා සමානව ගවීෂ්ගේ මූණට ලේ පිරිලා... මෙච්චර අමාරුවෙන් කළයක් උස්සන් ඉන්නවා... අදාළ එකා නිකමටවත් බලනව ද ? නැනේ... හහ් !! දෝවන වතාවත් !!!... පහළ මළුව වටේ එක පැත්තක ආශක්‍යසිංහලා , අනිත් පැත්තේ වේඝර්ණාරච්චිලා... පරම්පරා දෙකේම තරුණ ජවය දිහා බලාගෙන මුමුණනවා... යෞවනේ පොපියන චමත්කාරය තමයි ඉතින්...

එයාට ඉස්සරහා ඉදපු අරවින්ද් එයා දිහා බැලුවේ මොන විදියේ බැල්මකින් ද කියලා හිතාගන්න බැරුව ගවීෂ් ඇස් දෙක පුංචි කලේ ආපස්සට රවන ගමන්...
අරවින්ද් වැඩේ නාගනියි කියලා හිතුවට මොකද , වැඩිය ඇයි හොදැය්යක් නැති මියුනුයි අරවින්ද්නුයි එකතු උනාම හැදෙන්නේ එසේ මෙසේ සුසංයෝගයක් නෙවේ කියලා වේඝර්ණලා තේරුම් ගත්තේ , එයාලාගේ ටෙන්ට්ස්වල ඕඩර් කරලා තිබ්බ බඩුවල ඕඩර් එක ආශක්‍යසිංහලා වැඩි ගානක් දිලා අරගත්තා කියලා දැනගත්තම... බන්ෂ් එකට ගිහින් ගවීෂ්නුයි ඩියෝනුයි එකතු වෙලා අරවින්ද්ට සද්දයක් දාලා ආවාට මොකද අලුතින්ම බජට් හදලා ඕඩර් එක දෙන්න වේඝර්ණලාට සිද්ධ වුනා... හොද වෙලාවට චූටි මාමා ඉදිය නිසා ඔයින් ගොඩ ගියා...

ඊළගට ඇදුම් වැඩේට ආශදීයි , වාශිත්නුයි එකතු වෙලා වෙනම ගේමක් ගැහුවා... ආශක්‍යසිංහලාට හිතවත් යොරෙස්ලා අස්සේ රිංග රිංග , වාශිත්ව යවලා ඇදුම්වල බ්ලොක් ෆොටෝස් ගහගන්න ඒ ඩබලට ගියේ උපරිම දවස් දෙකයි... තුන් වෙනි දවසේ උදේ වේඝර්ණාලත් එයාලාගේ උත්සව ඇදුම් ටික මහන්න දිලා අහවරයි... අද දෝවන වතාවත් ටික කරන්න කට්ටිය එකතු වෙලා ඉදියාට මොක ද , තාම ඉවර නැති වැඩ දෙපැත්තටම ඕන තරම් තියෙනවා....

- Plot 23 -Where stories live. Discover now