- 2 -

11K 1.2K 105
                                    

'' ඔය ඇති බං.. ''  එයාගේ චූටි මාමා අතේ තිබ්බ ග්ලාස් එක උදුරලා ගනිද්දි ගවීෂ් බලන් ඉදියේ පොඩි එකෙක් වගේ...

'' අය්යො ඉදලා ඉදලා...උබටත් ඒ කෙල්ලටම හිත ගියානේ..'' ඩියෝන් කිව්වේ අද දවාලේ වෙච්ච සිද්ධිය මතක් කරලා...

'' උබට මට කියන්න තිබ්බනේ ඩියොන්.. ඇහ්.. නැත්තන් මං අර ආශක්‍යසිංහලා ඉස්සරහ අච්චර චාටර් වෙනවද ආ්හ්... '' ගවීෂ් කිව්වේ තඩිම තඩි ඉක්කාවක් ඇරලා...

'' දැන් මේක සියා දැනගත්තොත්... '' ඩියෝන් කිව්වේ ගවීෂ්ට ඊළග ග්ලාස් එකත් හිර වෙද්දි...

'' තව ටිකකින් සීය මෙහේ ආවොත් කොහොමත් අපි සේරමලා එළියට දානවා ගෙදරින්.. '' ගවීෂ්ගේ තව කසින් කෙනෙක් උන ආශදී කිව්වේ බාබිකියු දාපු චිකන් ටික ටේබල් එක උඩින් තියන ගමන්...

ගවීෂ්ගේ ෆැමිලි එකේ දැන් තුන්වෙනි පරම්පරාව ඒ කියන්නේ ගවිෂ්ලා, ඒ පරම්පරාවේ ළමයි හයක් ඉදියා... මේක ඉතින් ඇවිත් එසේ මෙසේ පවුල් ගහකුත් නෙවේ... ගවීෂ්ගේ සියාට ළමයි හයක් ඉදියා... හය දෙනාගෙන් ගවීෂ්ගේ අම්මා තමයි දෙවෙනියා..ගවීෂ්ගේ ලොකු අම්මා නැති වෙලා...  ගවීෂ්ට ඉතින් එයාගේම කියලා කවුරුත් නැ.. එකා යකා කියලා කියනවනේ.... ගවීෂ්ගේ ලොකු මාමාගේ පුතා  ගවීෂ්ට වඩා දෙකක් වැඩිමල් ලොකු අය්යා දැන් ඉන්නේ කැනඩාවල..  එයාගේ නංගි තමයි දැන් කිව්ව ආශදී,.. ආශදීට තව අවුරුදු දොළහක මල්ලියෙක් ඉදියා.. එයා තමයි පවුලේ පොඩ්ඩා.....

ගවීෂ්ගේම වයසේ ගවීෂ්ට වඩා වැඩිමල් යොවන්දි , දැන් නම් බරටම ඒලෙවල්වලට වැඩ කියලා ගවීෂ් දන්නවා... යොවන්දිගේ මල්ලි වුන ඩියෝන් තමයි ගවීෂ් එක්ක ඕන එකටට වල බැස්සේ... ඒ අැවිත් ගවීෂ්ගේ පුංචි අම්මගේ ළමයි...  තව ගවීෂ්ගේ සුදු මාමයි චූටි මාමයි තාම ඉතින් තනිකඩයි.. තනිකඩයි කියලා කිව්වට සුදු මාමාට නං සම්තින් සම්තින් තිබ්බා කියන්න සේරමලා වගේ දන්නවා.. ඉතින් ඒ තමයි වේඝර්ණාරච්චි ෆැමිලි එක... තාම ඉතින් උඩින්ම ඉන්නේ ගවීෂ්ගේ සීයා... අපරාදේ කියන්න බැ වේඝර්ණාඅච්චි තුන්වෙනි පරම්පරාවේ එක පරාණයක් නෑරම සියාට පණ බයයි...

'' ආශදී තමයි වගකියන්න ඕන... උබව ඩ්‍රොප් කරන්න ක්ලාස් එක ගාවට ගියාමයි ඒකිව මං මුලින්ම දැක්කේ.... කවුද බං දුරට දැක්කම ආශක්‍යසිංහ කෙනෙක් කියලා දන්නේ... ආහ්.. ඒකි ලස්සනට ඉදියා පීච් පාට ටීෂර්ට් එකටයි , බ්ලැක් කාගෝ එකටයි... තනි කොන්ඩේ ගොතලා.. ඉහීක්.... ජිවීතේ දුකක් බං... '' ගවීෂ් කිව්වේ ග්ලාස් එකේ අඩිය කටට හලාගන්න ගමන්....

- Plot 23 -Where stories live. Discover now