- 21 -

5.7K 852 22
                                    

සතියක්.. ඊට පස්සේ තව සතියක් ගානේ සති දෙකක්ම ගෙවිලා ගියා... පළවෙනි සතියේ හැමතැනම මාතෘකාව , සියාට කියන්නැතුවම සේරම දේවල් බාර දීලා පවුල අතඇරලා ගිය යුවනිදු... දෙවෙනි පරම්පරාවේ පළු බැනුම් අහන යුවනිදුගේ නම ඇරුනම වෙන කිසිම දෙයක් වේඝර්ණාරච්චි මැන්ෂන් එකේ කතා නොවුන තරම්... ආශදි ඇරෙන්න වෙන කවුරුත් ඒකෙන් සැලුන බවක් නං ගවීෂ් දැක්කේ නැ... සමහර විට වාශිත් ඒක තෙරුම් ගන්න පොඩි වැඩි ඇති.. සීයා , ගවීෂ්ව ගෙන්නලා යුවනිදු ගැන අහද්දි ගවීෂ් කලේ හැම එකටම දන්නැ කියලා ඔළුව වනපු එක විතරයි... හැබැයි ගවීෂ්ගේ ෆෝන් එක බැලුවා නං නම් යුවනිදුයි එයාගේ ජර්මන් ගර්ල්ෆ්‍රෙන්ඩ්නුයි , හනිමූන් ට්‍රිප් එකට පේරු ගිහින් ගහපු ෆොටෝස් දැක්කා නං සියාට හාට් ඇටැක් උනත් හැදෙන්න බැරිකමක් නෑ.... හහ්.. ගවීෂ් ඒක පෙන්නුවා නම් ආශදීට විතරමයි.. එතනින් පස්සේ තමයි ඒ කෙල්ල හිත හදාගත්තේ...

පළවෙනි සතිය එහෙම ඉවර වෙද්දි දෙවෙනි සතියේ ඉස්කොලේ සෙටාර් එක මහා පරිමාණෙන් ප්ලැන් කරපු රට වටේ සංචාරේ එක්ක ගවීෂ් එකතු උනේ පෙරුම් පුරාගෙන කිව්වොත් හරි.. දවස් හතරක්ද පහක් ද මන්දා නම් ගම් දන්නැති තැන්වල ඇවිද ඇවිද උගුර නැති වෙනකං සිංදු කිය කිය , කකා බිබී , බඩේ අමාරු හදාගෙන ෆුල් ආතල් එකේ ,ඇතුළේ ලෝකේ අමතක කරලා කරන්න පුලුවන් සේරම කුප්ප වැඩ කරලා , ගවීෂ් ගෙදරට වාර්තා කලේ ඊයේ මධ්‍යම රාත්‍රියේ , තනි සොම්බි වර්ෂන් එකෙන්..... දැන් ඉතින් අතුරු ආබාධවල තත්වය කොහොමද කියනවා නං හවස හතර වෙනකනුත් මිනිහා ඇද උඩ දොයි...

ජිවිතේ අනිත්‍ය මතක් වෙන්නේ මේ වගේ වෙලාවල්වලට තමයි.. ආශදි , ඩියෝන් දෙන්නාම ඒලෙවල්ස් කරන්න මෙලො කැමැත්තක් නැති උනත් දෙන්නටම හුස්ම ගන්නැති වෙන්නම ක්ලාස්.. ඩබලම ගෙවල්වල නැ.. චුටි මාමාත් මේ දවස්වල අලුත් ඩිග්‍රියක වැඩ... හැම ජාතියෙන්ම තියේ චූටි මාමාට ලව් ලයිෆ් හැර... සුදු මාමාට කෝමත් වටින්නේ අර කව් බෝයි තමයි හහ්... දැන් හවසට හවසට ගෙදර එනකොට බෙල්ලේ දිගට තොරණ වගේ බලන්න මදුරු සපාකැම් තියෙනවා සුදු මාමාගේ කෝමත්... කෝමත් මට කියන්නැ ඒවා.... ගවීෂ් හිතුවේ සුදු මාමාගේ කල්කිරියාව එන්න එන්නම අර අවිනාශ් මෑන්ස් නිසා නරක් වෙනවා කියලා හිත හිත.. නැත්තන් ගෙදර අහිංසකකමට , විනීතව හැදුන කොලුවා අපේ සුදු මාමා... 

- Plot 23 -Where stories live. Discover now