- 59 -

5.4K 719 129
                                    

මහ රෑ වේඝර්ණ මැන්ෂන් එකේ වහලෙන් ආරක්ෂිතව ආයේමත් කාමරේටම ගොඩ බැහැපු ගවීෂ් දෙවෙනි පාරටත් දොර ලොක් කරලා නේද කියලා තහවුරු කරගත්තේ ලියුම් පෙට්ටියත් අරන් ඇද උඩට පනින අතරේ.... කාමරේ ලයිට්ස් ඕෆ් කරගෙන , සුදු මාමාගේ මූන් ලැම්ප් එක ඇද උඩින් තියාගත්ත මිනිහා නළලට වැටෙන තරමට දික් වෙලා තිබ්බ කොන්ඩේ ඉස්සරහින් චුට්ටක් අල්ලලා උඩට කරලා පොල්ගහකුත් බැදගත්තේ ටයිඩ්‍රැක්ස් එකේ වාර්තා ලියපු පොතත් පැත්තකින් තියාගෙනම.... ඇවිත් වොෂ් දාගෙන කාලා බීලා උඩට ආපු ගමන් කරන්න තිබුන පළවෙනිම වැඩේ ඔව් !! අයෝද්ම ඍෂි කියපු වචනවලින් පස්සේ මේ ටික කියවලා ඉවර කරනකම් ගවීෂ්ට සැනසීමක් නැති තරම්.....

එයාගේ ආසම ෆ්ලේවර් එකෙන් ස්පාක්ලින් කෑන් එකත් කඩලා ඇද උඩින් තියාගත්ත ගවීෂ් නවත්තපු තැන හොයාගත්තේ ලියුම් එකින් එක කලවම් නොවෙන්න පරිස්සමට පැත්තකින් තියන අතරේ.... එක අතකට භාතිය ආශක්‍යසිංහගේ අකුරු කටුවැල් බටු වගේ උනාට මියුන් ආශක්‍යසිංහගේ අකුරු දැකලම නැති විත්තිය මිනිහාට මීටර් වෙන්නේ දැන් !..හිහ්..කොහෙන් ගියත් ඒ යකානේ.... ගවීෂ් එයාටම හිනා වෙලා ඊළග ලියුම් ටික අතට ගත්තේ පරිස්සමින්....

.
.
.
.
.
.

මගේ මෝඩ ගැනූ ළමයො ,

ඔයාගෙන් ලියමනක් එනකම් මම මග බලාගෙන ඉදියේ.... මගේ හිතේ තියෙන වරදකාරී හැගීම නිසා මම ඔයාට ලියන එකෙන් හිතලාම නැවතුනා කිව්වොත් ඔයා මාත් එක්ක තරහා වෙනව ද මගේ ඇපල් මල ? ඇත්තටම නැහැ මං හිතුවේ නැ ඔයා මාත් එක්ක අමනාපෙන් කියලා... ඒත් , ඔයා එහෙම අමනාපෙන් නම් ,මේ පාර නම් ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා මගේ කෙල්ලේ ඒම වෙන්න... මගේ නිශාට, හරි ක්‍රිෂාර්යාට හරි ඔය වගේ දෙයක් උනොතින් මං නම් ඔයා තරම්වත් ඉවසන එකක් නෑ කෙල්ලේ.... මේක තනිකරම ආශක්‍යසිංහලාගේ වැරැද්ද .... නෑ මං කීයටවත් මේවිභූගේ ඇගේ සුදු හුණු ගාන්නේ නැහැ ...

ඉතින් , සුදූට කොහොම ද දැන් ? ඔයා තාමත් එයාට බෙහෙත් පොවාගන්නේ සූකිරි දීලා ද ? නළලේ තිබ්බ තුවාලේට මොක ද ? ඔව් සමහර ඔයාට ආරංචි ඇති ,  ගිය සුමානේ මං සුදූව බලන්න ඉස්පිරිතාලේට ගිය විත්තිය... මෙහේ අය මොනවා කිව්වත් මගේ අතින් ඒකවත් කෙරෙන්න ඕන නැද්ද සිනල්යා ? මේ පවුල් කෝන්තරවලට ඒ පොඩි දරුවා පළිද ? ඔයා ඉදියා නම් ඔයාත් මේකම කරාවි මං දන්නවා.. අනික ඔයා හිතනවා වගේ , ඔයාගේ අහිංසක මල්ලිට වඩා වැරැද්ද කරපු මගේ ඥාති නංගිව මට ලොකු නෑ දරුවො... ! අහ් , මගේ මතකේ හරි නම් මේ පවුල් අවුල් කියන්නේ අපි මේම රණ්ඩු කරන්න ඕන මාතෘකාවක් නෙවෙි කියලා අපි දෙන්නා තීරණය කරලා ගොඩක් කල් නෙවේ ද මගේ කෙල්ලේ ?

- Plot 23 -Hikayelerin yaşadığı yer. Şimdi keşfedin