- 58 -

5.5K 783 141
                                    

'' තිමෞර්ය දැකලා තියේ ද , අර තණකොළ අයිනේ තියෙන පිනි බිංදු.. කොළෙත් දෙකට නවන්නේ ? ''

'' ම්... ''  මියුන් ඒ උත්තරය බලාපොරොත්තු වුන ගානට ගුහාවේ බිත්තියටම හේත්තු වුනේ ගවීෂ් ආයේ ඉස්සරහා බලාගනිද්දි... මියුන් ඉන්නේ අනිත් කෙළවරේ....මැද ලොකු පරතරයක්..... තනිකර නිශ්ශබ්දතාවයකින් ආයේමත් ගුහාව පිරිලා ගියා....

'' නෑ, මට එක පාරට මතක් උනා.... ''

'' පිනි බිංදු නිසාම කොළය නැවෙන තරමට , හැමදේකම කෙළවර ලොකු බරක් තිබුනා , ඒක නිසා එක්කො පිනි බිංදුව හිතලම කඩන් වැටෙන්න ඕන , නැත්තන් අර කොළේ පිනි බිංදුව ගසලා දාන්න ඕන.... ඒක කියන්න ද තමුසේට ඕන ? ''

'' මං එච්චර දෙයක් අදහස් කළේ නෑ !!!!!.. ''

'' තමුසේ කියන්න හැදුවේ ඒක තමයි !! ''

'' තිමෞර්ය ඒ උබ විහින් හිතාගත්තු දේ... ''

'' හහ්...  මං පොඩි කාලේ හිතුවේ .....  මං කියන්නේ ඒක මගේ මෝඩකමට හිතපු දෙයක් මිස , කරන්න පුළුවන් වෙයි කියලා හිතපු දෙයක් නෙවේ... !!! '' ගවීෂ් කිව්වේ යන්තම් හිනා වෙන ගමන්....

'' ම්ම් ? ''

'' කවදාම හරි බොක්කෙන් ලව් කරන දවසට , අක්මාවෙන් විදවන්න ලැබෙන්න එපා කියලා...- නෑ මං කිව්ව දේ උබට තේරුනේ නෑ !!! '' මියුන් මුකුත් කියන්න කලින් ගවීෂ් කිව්වේ මියුන් ඉතිරි ටික කියනකම් ඉවසීමෙන් බලාගෙන ඉද්දි...

'' කවදාහරි මං එයාට සමුදෙනකොට කම්මුලෙන් චූටි කිස් එකක් දෙන්න... එතකොට මිනිස්සු බලනවා ළමයෝ , කියලා එයා මට පොඩ්ඩක් සැර කරාවි.. ඒත් එයාට සමුදීලා ආවාම , ඒ චූටි කිස් එකට එයා රතු වුන විදිය මතක් වෙනකොට මට තනියම හිනා යාවි.. !!  ඉතින් එයා ළග නැති වුනත් මං සැහැල්ලුවෙන් ඉදිවි... මං හිතුවේ ඒම...'' ගවීෂ් කිව්වේ මියුන් දිහා බලලා යන්තම් හිනා වෙන ගමන්....

'' තිමෞර්ය... මං ඇවිත් උබේ අතින් අල්ලගන්න ද ? '' කි වෙනි වතාවට ද දන්නැති වුනත් මියුන් ආයෙමත් ඇහුවේ සන්සුන්ව...

'' එපා!!! '' ගවීෂ් මුරණ්ඩු විදියට කිව්වේ ගුහාවේ එහා කෙළවරේ ඉදපු මියුන් දිහාවට බෙල්ල හරවන අතරේ....

- Plot 23 -Where stories live. Discover now