- 14 -

6.4K 916 61
                                    

'' දැන් මොනා හොයන්නද මෙහේ ආවේ ? '' අරවින්ද් ඇහුවේ සද්දයක් නැතුව එයාගේ පිටිපස්සෙන් ආපු මියුන්ගෙන්...

''දෙයක් ගන්න ආවේ.. සීයාගේ වැඩේ ඉවරනේ ..'' මියුන් අරවින්ද්ට කිව්වේ එතන තිබ්බ ලොකු කළු පාට පරණ තාලේ ෂොප් එක ඉසසරහා පොඩ්ඩකට නැවතිලා... 

විලේජ් එකේ ඩ්‍රොප් සෝන් එක කියන්නේ තිබ්බ මගොඩි වැඩ සේරම සිද්ද වුන පැත්ත... ඩ්‍රග්ස් , හොරබඩු , ෆයිට්ස් තව හැමජාතියෙන්ම... සමහර විට මිනිමැරුම් පවා.. පාළු කඩ වීදි දෙකකින් කෙළවර වෙලා පස්වලට පවා අගුරු අළු කලවම් වෙලා තිබ්බ ඩ්‍රොප් සෝන් එක ගැන කොහොමත් අවුරුදු ගානක් පරණ පුරාවෘත්තයක් තියේ කියලා ඕනම විලේජර් කෙනෙක් දන්නවා... ආශක්‍යලාත් , වේඝර්ණලාත් අතරේ අවුරුදු ගානකට කලින් ඇවිළිලා තිබුන සටන නිසා ඩ්‍රොප් සෝන් එකට මෙහෙම උනා කියලාත් සමහරු කියනවා.. තව සමහරු කියන්නේ එයාල එකතු වෙලා  කරන්න ගියපු අත්හදාබැලිමක් වැරදිලා ඩ්‍රොප්සෝන් එකට මෙහෙම උනා කියලා... අදටත් ආශක්‍යලා වගේම වේඝර්ණලා අතර ඇතිවෙන ඕනම ෆයිට් එකක් තියෙන්නේ මේ ඩ්‍රොප් සෝන් එකේ තැනක තමයි..

'' නිශා අක්කට මේක ලස්සන වෙයිද ? '' මියුන් අැහුවේ චූටි ඩයමන්ඩ් පෙන්ඩන්ට් එකක් තිබ්බ චේන් එක උස්සලා අරවින්ද්ට පෙන්නන ගමන්... ආශක්‍යසිංහලා උනාට මොකද මියුනුයි අරවින්ද්නුයි පොඩ්ඩ ඇත්තන් ඇවිලෙනවා... දෙන්නටම තරහා යන නිසයි , දෙන්නම සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසයි කවුරුම හරි මැද්දට පනිනකම් ඉතින් වලිය ඇදෙනවා.. දෙන්නා එකට එළියට බහින්නේ එහෙමත් කලාතුරකින්... හැබැයි අපරාදේ කියන්න බෑ , නිශා අක්කාගේ ඕන වැඩකදි දෙන්නා කිරියි පැණියි වගේ... ඉතිහාසයේ එක් දවසක අර වේඝර්ණාරච්චිලගේ යුවනිදු හොද පාරවල් දෙක තුනක්ම කැවෙත් මියුනුයි අරවින්ද්නුයි එකතු වෙලා නෙලපුවයින් තමයි... දැනුත් මේ ෂොප් එකට පැන්නේ නිශා අක්කගේ බර්ත්ඩේ එකට මොනවාහරි ගන්න හිතාගෙන තමයි..

'' මේකේ සිල්ව චේන් එක නැද්ද ? '' අරවින්ද් ඇහුවේ ලස්සන අඩසදක් හැඩේට කපලා තිබ්බ දියමන්ති පෙන්ඩන්ට් එක අතට අරගෙන.... ඇස් දෙක පියාගෙන ඒක දැනෙන විදිය අතගාලා බලපු අරවින්ද් ඔළුව වැනුවේ ඒක ගමු කියන්න... නෙක්ලස් එක ගන්න තුන්වෙනි පරම්පරාවම වගේ දායකත්වය දරලා තියෙනවා කිව්වොත් වැරදි නෑ.. ක්‍රිෂ්ගෙන් තමයි වැඩි කොටස.. අනිත් අය සේරමලා තාම ඉතින් ඉස්කොලේ යනවනේ..

- Plot 23 -Where stories live. Discover now