- 33 -

5.4K 813 46
                                    

'' මේ ඉන්නේ !! .. '' ගවීෂ්ගේ කටහඩට ඔළුව උස්සලා බලපු මියුන් අදාළ නෑ වගේ ආයේ ගග දිහා බැලුවේ ගවීෂ් තොල් දෙකත් තද කරන් ගල උඩින්ම වාඩි වෙද්දි... ලොකු කම බලහන්කො ඉතින් !!! මූව හොයාගන්නම කොච්චර වෙලා ගියා ද ? ගගක් අයිනට වෙලා මෙතන....

'' උබ ඕක යැව්වේ නැද්ද ? '' මියුන්ගේ අතේ තිබ්බ ෆ්ලෝටින් ලැන්ටන් එක දිහා බලන ගමන් ගවීෂ් ඇහුවේ මියුන් ලැන්ටන් දෙකම ගලේ පැත්තකින් තියද්දි.... ඉන්න එකක් නෙවේ දෙකක්ම තියේ ?? අනික - ආහ්හ් මගේ එකනේහ්... ගවීෂ් හිතුවේ මියුන් දිහාත් බලලා ලැම්ප් එක අතට ගන්න ගමන්... උත්තර දෙන පාටක් නං ඤැහ්....

'' ඒහ් මේහ්.. මං මේ තමුසෙට කතා කරන්නේ... '' ගවීෂ් නහයෙනුත් පිඹින ගමන් කිව්වේ මියුන් මුකුත් කියන්නැතුව ගවීෂ් දිහා හැරිලා බලලා ඉස්සරහා බලාගනිද්දි.... අඩො ආපස්සට බැනගෙන එනවා නං එකක්.. මේක හෙනම අමුතුයිනේහ්.... මුට ඩෝං ගිහින් ද ? හරි , සුදු මාමාගේ ප්‍රශ්නේ විසදෙනකං පැයක් විතර..... පහන් පූජා උත්සවෙන් පස්සේ බන්ෂ් එක පැත්තට ගිහින් තත්වේ බලලා , යොවන්දිව මැන්ෂන් එකට ඇරලලා , හෙට දවසේ වැඩ ටික සේරම ලැස්ති කරලා එනකොට ඉතින් පොඩ්ඩක් පරක්කු උනා තමයි !!.. වැඩිය නෑ ඕකා ඕන නං පැය තුනක් බලං ඉන්නැති උපරිම...!! හරි ඉතින් මං ඉන්න කියලා කිව්ව ද මුට ? නැනේ. !!! ඉදිය එක උගේ අවුල හහ්.... ඒත් කතා කරන්නැති එක මටනේ අවුල !!!,..

'' ඕයි..... තාම දවස ඉවර නෑනේ ඉතින් ! තව පැයක් විතර තියේ් !! මේක පත්තු කරපන්... කො ලයිටර් එකක් තීද ? '' ගවීෂ් මියුන්ගේ ඉණට කකුලෙන් අනින ගමන් ඇහුවේ මියුන් මුකුත් කියන්නැතුව සාක්කුවෙන් ලයිටර් එක ඇදලා ගවීෂ් දිහාවට විසි කරද්දි... හොද වෙලාවට අල්ල ගත්තේ !, හහ් අතට දුන්නම මක් වෙනව ද ඕක...

'' අහවල් එකට ද උබ මෙච්චර වෙලා ඉදියේ ඉතින් ? ? ''

'' අහවල් එකට !! '' මියුන් ඒ පාර රවලා උත්තර දුන්නේ ගවීෂ්ගේ මූණේ යන්තං හිනාවක් යද්දි... ඔය ඉන්නේ ගස් ගදයා !!

'' දැන්වත් මේක යවමුද ? '' ගවීෂ් ආයේ ඇහුවේ ලැම්ප් එක උස්සලා පෙන්නන ගමන්..

'' තමුසේ ඇයි මගෙන් අහන්නේ ? '' මියුන් ඇහුවේ ගවීෂ් රවද්දි... ඇයි යකු , යකාගේ කතානේ මෙව්වා !

- Plot 23 -Where stories live. Discover now