- 42-

5.5K 851 172
                                    

'' මේ කැලේ මොක්කු ඉන්නවද දන්නෙත් නෑ !!! තමුසේට නම් පිස්සු !! '' ගවීෂ් කෑගැහුවේ එයාව ගලෙන් උඩට ගන්න අත දීපු මියුන්ගේ අත එහාට තල්ලු කරලා දාන ගමන්..... දැනටම අදුරු වැටීගෙන ඇවිත්....

'' ඕන මගුලක් කරගන්නවා එහෙනං.. '' මියුන් දමලා ගහලා උඩ ගලට නැග්ගේ , ෆෝන් එකේ ටෝච් එක නැතුව ගවීෂ් ෆුල් අසරණ වෙද්දි...

'' ඔය රෙද්ද මෙහාටත් අල්ලනවා !!! '' ගවීෂ් ඒ සැරේ බෙරිහන් තිබ්බේ ගල උඩම වාඩි වෙන ගමන්.... උට තාම විශ්වාස කරන්න බෑ මේ යකා එක්ක , කළුවරේ ගග දිගේ උඩට යනවා කිව්වම !! උඩහා ගලෙන් නැවතුන මියුන් , ආයේ කේන්තියෙන් මුමුණ මුමුණ ගවීෂ්ව උඩට ඇදලා ගත්තේ  ෆෝන් එකේ ටාේ්ච් එක ඒ පැත්තට අල්ලන ගමන්....

'' උබ කලින් මෙහේ ඇවිත් තියේ ද ? බ්‍රින්ධව් කන්දට කවුරුත් යන්නැනේ ? '' ගවීෂ් ඇහුවේ දණහිස ගාවටම උඩට වතුර තිබ්බ ගග දිගේ මියුන්ගේ පිටිපස්සෙන් එහා ඉවුරට මාරු වෙන ගමන්.... දවල් වෙලාවක ආවා නං අනිවාරෙන්ම මේ හරිය ගොඩක් ලස්සන ඇති... ඒත් කොහේ ද !!! හද එළියත් හරියට නැති තිත්ත පට්ට කළුවරේ ෆෝන් එකේ එළියෙන් මේ කෙහෙල්මල් ගමන ආපු එක නං එච්චර හොද අදහසක් කියලා ගවීෂ්ට හිතෙන්නේ නෑ....

'' කට වහගෙන ... එනවා නං වරෙන්... නැත්තන් හැරිලා පලයන්... '' මියුන් සැර කළේ ගවීෂ් හිතලාම වතුර අවුස්සලා මියුන්ගේ ඇගට ඉහිද්දි... කට වැඩියි සෑහෙන්න කෝමත් !!

'' ෆෝන් ඒක !! '' මියුන් කැගැහුවේ එයාගේ ෆෝන් එක උඩට උස්සන ගමන්....

'' මට තමුසේ එක්ක ටිකක් කතා කරන්නයි ඕන !!.. මේම ගියොත් කන්දට යන්න කලින් මං මැරිලා ඉදිවී !! '' ගවීෂ් කිව්වේ ගගෙන් ගොඩ වෙලා අඩිපාරක සලකුණක්වත් නැති කැලෑව මැද්දෙන් එයාව ඉස්සර කරගත්ත මියුන් දිහාවට ආයේ හැරෙන ගමන්.... පපුව හරියටම උසට ලොකු ඉලුක් පදුරු .... මේවා අස්සේ මොක්කු ඉන්නව ද දන්නෑ !!!  සීතලයි , හුළග කපාගෙන ඇවිත් මූණේ වැදෙනවා... පදුරු සර සර ගාන්නෙත් ඒ තරම් වේගෙන්..... පදුරු අතරේන් ඇවිදගෙන ඇවිත් අන්තිමේ පිනි වැටුන තණකොළ බිස්සක මියුන් නැවතුනේ ටෝච් එක අල්ලලා වට පිට බලන ගමන්......

'' හ්ම් ....බලපන්.. ''' ෆෝන් එකේ ටෝච් එක ඕෆ් කරපු මියුන් කිව්වේ ගවීෂ්ගේ උරහිසෙන්ම අල්ලලා ඒකාව එහා පැත්ත හරවන ගමන්.......දෙය්යනේ.... - 

- Plot 23 -Where stories live. Discover now