- 44 -

5.7K 797 91
                                    

'' හොදටම ෂුවර්ද ඔයාට මෙහේ ඉන්න ඕනමයි කියලා ? ''

ගවීෂ් දෙවෙනි සැරේටත් ආශදීගෙන් ඇහුවේ කෙල්ල විශ්වාසෙන් ඔලුව වනද්දි... අද උදේ යුවිනිදුගේ මෙමෝරියල්ස් බන්ෂ් එකෙන් තියලා වතාවත් කරලා ආවාට පස්සේ සෑහෙන්න හිත හදාගෙන ඉන්නේ එක අතකට කෙල්ල දැන්....

'' මගේ කියලා ඉතිරි වෙලා ඉන්න එකම අය්යව තනි කරන්නේ නෑ.. '' ආශදී විශ්වාසෙන් කිව්වේ ගවීෂ් එයාලාගේ පොදු කාමරේ දොර ගාව නතර වෙද්දි.... මේ සතියට ආශදී කොච්චර ළං වුනා ද කියල කියනවා නං කෙල්ල නෙවේ මෙහාට අවායින් පස්සේ එක අගලක් ගවීෂ්ගෙන් හෙලවුනේ.... මෙතුලව නෙරපන දවසේ ගවීෂ්ගේ හැසිරීමට අනං මනං කියාගෙන ආපු ඥාති මලගිය ඥාති සේරම හැමෝම ආශදීගේ මිනීමරු ඇස් දෙකෙන් කන්ට්‍රෝල් කරගන්න ඒකිට හොද හැකියාවක් තිබුනා... එදා වාස් එක පොළවේ ගැහුවට පස්සේ ඒකිගේ මිනීමරු ඇස් අවතක්සේරු කරන්න තරම් කවුරුත් මෝඩ වුනේ නැහැ ගවීෂ්ට හිතුන විදියට.....

'' තැන්ක්ස්... '' ගවීෂ් කිව්වේ අවංකවම....

'' රිලැක්ස්... '' ආශදී මතක් කළේ , ගවීෂ් ඇරලා දීපු දොරෙන් ඇතුළට යන ගමන්... පොදු කාමරේ වෙනදාට වඩා ගොඩක් පාළුයි...

'' අපි පහ විතර ද ? '' ඩියෝන් ඇහුවේ ගවීෂ් ඔළුව වනද්දි.... වෙනදා වගේ උපදෙස් ගන්න සුදු මාමා නෑ... යුවිනිදු ඉදිය දවස්වල මෙතන විනාස කළත් අද එයත් නෑ... සුදු මාමා ගියාට පස්සේ චූටි මාමාත් හරිම නිශ්ශබ්දයි... අද එයත් නෑ මෙතන..... වාශිත් මෙතන ඉදියාට , බරපතළ දේකට අදහස් දෙන්න තරම් කොල්ලා තාම පොඩියි....

'' හ්ම් මෙහෙමයි... '' ගවීෂ් පටන් ගත්තේ කාමරේ ඉතිරි හතර දෙනා දිහාම බලන ගමන්.... මෙතන වෙන දේවල් එයා වගේම හැමෝම දන්නවා කියන්න ගවීෂ් දන්නවා... වාශිත් ඇරුනම හැමෝම යුවනිදුට සිද්ධ වුන දේත් දන්නවා....

'' මං දන්නවා මේක එච්චර හොද කාලයක් නෙවේ කියලා.... හැමෝම අල්ලන් ඉන්නේ අමාරුවෙන්.... අපි අල්ලන් ඉන්නම ඕන... ඇත්තටම අපි පහයි ඉතිරි... ඒක හොද ඉලක්කමක් නෙවේ... '' ගවීෂ් අවංකවම කිව්වේ වේඝර්ණලාගේ ප්‍රධාන පවුලේ , නුමුහුම් තුන් වෙනි පරම්පරාවෙන් ඇත්තටම දැන් ඉතිරි පස් දෙනෙක් නිසා....

- Plot 23 -Where stories live. Discover now