- 30 -

5.5K 818 28
                                    

දවස් දෙකක් හරියට නින්දක් නැතුව , අරවින්ද් පුටුව උඩට වැටුනේ හෙට පහන් පූජාවට ඕන කරන සේරම ලැස්ති කරලා ඉවර වෙලා.. හෙට විශේෂයි.. හෙට මුලු විලේජ් එකම අදුරු වෙනවා.....සේරමලා අදින්න ඕනත් කළු... එකිනෙකාගේ මූණ නොපෙනන තරම් අදුර සංකේතවත් කරන ජගුවර් වෙස් මුහුණු පළදින්න වේඝර්ණලාට වගේම ආශක්‍යසිංහලා ඇතුළු සේරම යොරෙල්ස්ලාට නියම වෙලා තිබුණා...
මියුන් පොදු කාමරෙන් ඇවිත් පුටුව උඩින් වාඩි වුනේ අරවින්ද්ගේ සීතල බැල්ම සත පහකට ගණන් නොගෙන... පොඩි අය සේරම නිදි.. ක්‍රිෂ් නිශා අක්කා එක්ක මෙවීනා ඩෙකරේෂන්ස් බලනවා... මේ දවස්වල කොහොමත් සේරමලාගේ ජීවිතය මේකනේ....

'' මං මේ උබෙන් අහනව ද නැද්ද කියලා බැලුවේ '' අරවින්ද් පටන් ගත්තේ ඔරලෝසුව දිහාත් බලන ගමන්... කොහෙද ආයේ පාන්දර ඇදුම් වැඩෙයි , පහන් ටිකයි චෙක් කරන්න තියෙනවා.. නිදාගන්න වෙලාවක් නෑ හරියට...

'' උබේ ෆෝන් එකට මොකද උනේ ? '' අරවින්ද් ඇහුවේ මියුන් උරහිස් දෙක අකුලද්දි... මියුන් උත්තරයක් නොදීපු නිසාම , යකා ඉහට නැග්ගත් මරාගන්න වෙලාවක් කලාවක් ශක්තියක් නැති නිසාම අරවින්ද් ආයේ පුටුව උඩින් ඇල වුනේ ඇස් දෙක පියවීගෙන එද්දි.. ඒත් ඉතිරි වැඩ ටික මතක් වෙනකොට නින්ද ලෙප්ට් වෙනවා...

'' එහ් !!! ෂිට් .. ඩ්‍රොප් සෝන් එකේ සෙකියුරිටි චෙක් කරන්න බැරි උනා !!! '' අරවින්ද් කිව්වේ තනියමම එයාගේ සංවාදේ දිගට අරන් යන ගමන් පුටුවෙනුත් නැගිටලා..

'' ඕන නෑ... අර කෙට්ටු උස යොරෙල් කොල්ලාට කිව්වා මං... '' මියුන් කිව්වේ අරවින්ද් එහෙමම වාඩි වෙද්දි...

'' හිවාන් ද ? එයා බලලා මදි නේහ් ? අනික කිසිම එළියක් නැනේ, දන්නවනේ පොඩ්ඩ එහේ මෙහේ උනොත්...  '' අරවින්ද් ඇහුවේ විශ්වාසයක් නැති පිට...

'' නේ මියුන් ? '' අරවින්ද් ආයේ ඇහුවේ මියුන්ගෙන් හරියට උත්තරයක් ගන්න... ලේසියට උත්තර දෙන එකෙක් නං බැරිය... මියුන් ඔළුව වැනුවේ අරවින්ද් දිහා බලාගෙන....

'' මගේ නං ඔළුවට වද දෙන්නේම පහන් පූජාව.. එතනින් පස්සේ නං අපිට ගේමක් නෑ... මට ඔය වේඝර්ණලා සත පහකට විශ්වාස නෑ !!! ''  අරවින්ද් කිව්වේ මියුන් ඒකටත් ඔළුව වනද්දි..

- Plot 23 -Where stories live. Discover now