- 79 -

4.7K 726 200
                                    

" හිටපු ආශාක්‍යසිංහ උරුමය, භාතිය ආශාක්‍යසිංහගේ මුද්‍රා තියපු ලියුමක්, ප්‍රධාන ඍෂිතුමා ගාව තියෙනවලු... ඒකේ ගොඩක් රහස් තියෙනවලු...?.. "

සම්පූර්ණ විලේජ් එකම, කොටින්ම වේඝර්ණාරච්චිලා පවා කතාවට ඇදල ගන්න තරම් ප්‍රබල උන ඒ කතාව දැන් හැමෝටම නොරහසක්... මේ වෙද්දි විලේජ් එකේ ඇතිවෙලා තියෙන්නේ කලාතුරකින් ඇතිවෙන විදියේ නොසන්සුන්කාරී බවක්... ඉතින් ඒ අද ..භාතිය ආශාක්‍යසිංගේ මරණයෙන් හරියටම අවුරුදු දහ අටක් සම්පුර්ණ වෙන දවස... ඉතින් එයාගෙ ස්මරණ සංවත්සරය අනිවාර්යයෙන්ම පරම්පරා දෙක ඇවිලෙන්න ඕනැ තරම් ඉඩකඩ තියෙන තැනක්... එක දිගට සිද්ධවෙන දේවල් නිසා කොහෙත්ම කාටවත් මේ ගැන හොද හැගීමක් තිබුනෙම නැති තරම්...

බන්ෂ් එකේ අභ්‍යන්තර පුස්තකාල ගර්භය පිපිරුනාටත් පස්සේ ,  අසීමිත ශක්තියක් ගැන සැක පහළ උනාටත් පස්සේ , භාතිය ආශාක්‍යසිංහගේ විශ්වාස කරගන්න බැරි අකල් මරණය එයාම කලින් දැනගෙන ඉදිය එකක් බව  සහතික කරන ලියමනක් ??  ඒ පුංචි ඇවිස්සුමෙන් අතීතයේ අළු අවුස්සලා , පරම්පරා දෙකම දැන් ඉන්නේ අළු යට ගිනි පුපුරු හාරන තත්වෙක...

" ඒ ලියුම අපිට ඕනෙ.. " ඒ ආරංචියෙන් පස්සේ ආර්ය වේඝර්ණාරච්චිගෙන් නිකුත් වුන පළවෙනිම අණ.. අණ විතරක් නෙවේ , මේ වෙද්දි කවදාවත් නැතුව බන්ෂ් එකේ පුදුම ගාඩ් එකක්... පරම්පරා දෙකෙන්ම.. ආශාක්‍යසිංහලා විශ්වාස කලේ භාතිය ආශාක්‍යසිංහගේ මරණය ගැන වේඝර්ණලාගේ තියෙන සම්බන්ධය මේ ලියුමෙන් ඔප්පු වෙන බව.... වේඝර්ණලා විශ්වාස කලේ , ආශාක්‍යසිංහලගේ අදුරු රහස් මේ ලියුමේ තියෙන බව....

ඒව ඔය කොහොම උනත් දැන් ගවීෂ් මෙච්චර වෙලා කන්ටැක්ට් කරගන්න හදන්නේ ෆෝන් එක ඕෆ් කරල දාලා තියෙන අදාළ පරම්පරාවේ මහලොකු උරුමය අරවින්ද්ව !.. සිහිය ආවත් හරි , යන්තන් නැගිටගත්තා ඒත් හරි, අර ඇම්බැටි එළ හරකා ෆෝන් එක ඕෆ් කරගෙන !! හදිසියකට උගේ අප්පටද කියහන්කෝ කෝල් කරන්නේ.. ?

" ඩියෝන් මේහ්හ්. " ගවිෂ් බැරිම තැන කතා කලේ,ෆෝන් එක සාක්කුවෙ ඔබාගෙන... මේ වෙලාවේ හැමෝම බන්ෂ් එකේ... ඒත් අරවින්ද්කාරය නැහැ පේන මානෙක.. ශිට් මේ මගුල!! උට කියන්න කිසිම චාන්ස් එකක් ආවෙ නැහැ එදා එයාලගෙ ලොකු අම්මව රැවැට්ටුවේ , එයාව කිඩ්නැප් කළෙත් භාතිය ආශාක්‍යසිංහමයි කියල... එහෙම කරපු භාතිය ආශාක්‍යසිංහ මේ ලියුමෙ මොන වගේ දේවල් ලියල ඇද්ද ? අච්චර ලොකු අම්මට ලිව්ව ලියුම් සේරම බොරු නම් ,!! එයාට එච්චර බොරුවක් කරන්න පුළුවන් නම් !! ඇතුළෙ මොනවා නම් තියෙන්න බැරිද !!

- Plot 23 -Where stories live. Discover now