- 100 -

4.9K 763 302
                                    

අනිත් සේරටම කලින් ගවීෂ් , ඉක්මනින්ම මියුන්ව පිටිපස්සට කරගෙන නවත්ත ගත්තේ , අරවින්ද් සනෝශ් දිහාවට තද බැල්මක් දෙද්දි.....

" ඔව් ඉතින් , මේ බංගලාව නිකන්ම අරුට අයිති වුනා වෙන්නත් බැනෙ ... "

සනෝශ් නම් අරවින්ද්ගේ තද බැල්මට කට වහගත්තට මොකද ඩියෝන් ආයේ ඇහුවේ ගවීෂ් දෙවෙනි සැරේටත් මියුන්ව උරහිසෙන් තල්ලු කරලා පස්සට කරගනිද්දි... හොද වෙලාවට තිත්ත කළුවරට කාටවත් හරියට පැහැදිලි නෑ වේඝර්ණ උරුමය මේ හරියටම අත තියාගෙන ඉන්නේ මියුන්ගේ පපුවට බව.... ගවීෂ් ෆිට් එකේ දෙපාරක් විතර උරහිසට තට්ටු කළත් මොකද මියුන්ගේ අත තාම වෙව්ලනවා කියල මේ කළුවරේ උනත් ගවීෂ්ට දැනෙනවා.... ඒත් අපරාදේ කියන්න බෑ , ගවීෂ්ව කඩාගෙන නම් මියුන් අඩියක්වත් තිබ්බේ නැ....

"  මං හිතන්නෑ...." අරවින්ද් උගෙ උත්තරේ දුන්නෙ ගවීෂ් දිහාවත් නොබල... ඌ එහෙම නොහිතන බව ඇත්ත!! ඒත් , ඒක එහෙමයි කියන්න භාතිය ආශාක්‍යසිංහම කියපුව ගවීෂ් දැකලා තියෙනවා... අනිත් අතට සනෝශ්ට පවා ඒක එහෙමද අහන්න ඇති තරම් හේතුත් තියෙනවා... සධාර්න ආශාක්‍යසිංහට බය නැතුව ළං වෙන්න පුළුවන් , එයා විශ්වාස කරපු කෙනා තමයි භාතිය ආශාක්‍යසිංහ ... අනිත් අය විශ්වාස කළත් නොකලත් , ලොකු අම්මට එයා ලියපුවයින් මොනවා ඇත්ත උනත් නොවුනත් සධාර්න ආශාක්‍යසිංහව මරන්න එයාට සිද්ධ වුනා කියන එක මෙතන ඉන්න හැමෝම !!! හැමෝටම දවසක පිළිගන්න වෙන ඇත්තක්....

" නැ... භාතිය ආශාක්‍යසිංහ තමයි එයාව මැරුවේ.... " ගවීෂ් කිව්වේ මියුන්ගේ උරහිසෙන් අතඇරලා උගේ අත තද කරලා අල්ලගන්න ගමන්..

" උබට එහෙම කියන්න බෑ ගවීෂ් ! " අරවින්ද් කිව්වේ ගවීෂ් තවත් මියුන්ගේ යන්තමින් වෙව්ලන අත තවත් තද කරගෙන...කොල්ලට දරාගන්න අමාරුයි.. ආපස්සට මියුන්ගේ ඇගිලි එයාගේ සුළැගිල්ල ගුලි කරගත්ත විදියට ඒක හිතාගන්න ගවීෂ්ට අමාරුත් නෑ.... ඒත් දවසක ඌත් මේක දැනගන්නම ඕනේනෙ.....!! අඩුම එයා මීට වඩා දේවල් දවසක දැනගන්න ඕනේ නේ.....

" මට එහෙම කියන්න හේතු තියෙනවා... "  ගවීෂ් කතා කලේ , අරවින්ද්ගෙ ඇස් ඒ පැත්තට හැර වෙද්දි.. ගවීෂ් කලින් ඉදපු තැන වෙනස් බව තේරුනත් අරවින්ද් ඒ පැත්තට ටෝච් එක අල්ලන්නේ නැතුව ඉන්න පරිස්සම් උනේ මියුන්ව මෙච්චර හොදට සන්සුන් කරගත්තේ ගවීෂ් බව හොදටම දන්න නිසා....... ඔව් , කලින් මියුන් කඩන් පැන්නට දැන් , එයා සන්සුන්.. සන්සුන් කියන්නේ නිශ්ශබ්දයි කියන එක.... මොකද මියුන්ගේ අත  වෙව්ලනවා... ඒත් එයා එක පාරක්වත් ගවීෂ්ගෙන් ආපස්සට ඇහුවේ නෑ ඒ ඇත්‍තද කියන්න.... එක පාරක්වත් ඒ වචනෙට පිටින් ගියෙත් නැ.... කොච්චර විශ්වාස කරගන්න අමාරු උනත් එයා කරපු එකම දේ ගවීෂ්ගේ සුළැගිල්ල අතේ ගුලි කරගත්ත එක විතරයි ...

- Plot 23 -Where stories live. Discover now