- 4 -

7.8K 1K 118
                                    

'' මං දන්න විදියට ඕක තමයි ආශක්‍යසිංහ ෆැමිලි එක... '' චූටි මාමා ඉවර කලේ මෙච්චර වෙලා නිදි කරපු ආශදීට යොවන්දි හයේ පහරක් එල්ල කරද්දි...

'' එතකොට අරූ අනාථයෙක්ද ? ඔහො.. '' ඕක තමයි මෙච්චර වෙලා අහන් ඉදලා ගවීෂ් හොයාගත්ත වැදගත් කරුණ...

'' අපිට ආරංචි එහෙමයි... '' සුදු මාමා කිව්වේ චූටි මාමා කියපුවා කන්ෆර්ම් කරලා...

''එතකොට අරවින්ද්ගේ අක්කනේ නිශා ?? එයා අන්ධ උනේ උපතින්ද නැත්තන්... '' යොවන්දිගෙන් ප්‍රශ්නයක්...

'' උපතින්.. දන්නවනේ අපේ අය අතරේ ඒම දේවල් වෙන්න පුලුවන් ලේසියෙන්ම.. '' චුටි මාමා උත්තර දුන්නේ හැමොම නිශ්ශබ්ද වෙද්දි..

'' කවුද .. මේ මේ.. ආහ් සනෝශ් තනෝශ් දෙන්නා... ඒ දෙන්නව අදුරගන්න විදියක් තියද ? ''

'' මං හිතන්නේ එක්කෙනෙක් වමත්කාරයෙක්.. අනිත් කෙනා දකුණින්. හැබැයි සනොශ් ද තනොශ් ද කියන්න දන්නැ.. '' ඩියෝන් කිව්වේ උන් දෙන්නව නං කලින් දැකලා තියන නිසා...

'' ඔතන මේන් ෆැමිලි එක අරවින්ද්ලාගේ එකනේ ? එතකොට මියුන් ඉන්නේත් මෙවීනාලා එක්ක නිසා ඒක සබ් ෆැමිලි 1 ? .. එතකොට සනොශ් තනෝශ් දෙන්නයි ඒ දෙන්නාගේ නංගියි ඉන්න එක සබ් ෆැමිලි 2..? එතකොට අර ටොම්බෝයි අක්කායි එයාගේ නංගියි සබ්ෆැමිලි 3 ? හරිද හරිද ? ''බෙහොම අමාරුවෙන් නම් ටික මොළේට එන්ට කරගත්ත ආශදී කිව්වේ එයා හරියි කියලා කියන්න වගේ චූටි මාමා දිහා බලන ගමන්...

'' හරි. දැන් ගවීෂ් කියන්න මොකටද එයාලා ගැන හෙව්වේ ? ''

'' නිකන් .. මුකුත් නැ. ප්‍රශ්නයක් නැ.. දැනගෙන ඉන්න එක හොදයිනේ.. '' ගවීෂ් නැගිට්ටේ මුකුත්ම නොවුන ගානට....

.
.
.
.
.
.
.
.

'
'

'' සූන්‍යෂ්ටිකයන්ගේ ඩී එන් ඒවල මේ කියන අනිත් ප්‍රදේශ එහෙමත් නැත්තන් අන්තර්ජානවලට කෘත්‍යයක් නැහැ... ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ එහෙම නෙවේ..සෑම කොටසකටම අනිවාර්ය කෘත්‍යයක් තියෙනවා ... මේකත් අපිට ප්‍රධාන වෙනස්කමක් විදියට ගන්න පුලුවන්.. එහෙනං අපි ඉතිරි ටික..... '' මිස් ක්ලාස් එක ඉවර කරන්නත් කලින් ළමයි ටික පොත් බැග්වලට ඔබාගෙන යන්න ලැස්තිය...

- Plot 23 -Where stories live. Discover now