- 32 -

5.5K 840 76
                                    

'' කොහෙද මෙච්චර වෙලා ඉදියේ ?  ''

දාඩිය නාගෙන දුවගෙන ආපු ගවීෂ්ව ඈත තියාම පිළිගත්තේ යොවන්දිගේ සද්දේ... ඒ පාර යොවන්දිට ටිකක් තද වෙලාද මන්දා.. සාධාරණයි සාධාරණයි... මෙතන තව පරක්කු උනා නම් එයාට වඩා බැනුම් අහන්නේ යොවන්දි.... වැරැද්ද එයාගේ නිසාම ගවීෂ් ලයිටර් එක ඉල්ලගත්තේ අති ගෞරවනීය ෆුල් ස්කේල් හිනාව යොවන්දිට දාන ගමන්.... කොහේද ? අත තාම වෙව්ලනවා , ගල් ගැහිලා වගේ.... කැපිලාත් හොදට තිබ්බ අතටනේ මේම කළේ  !!!!

'' ඒක පත්තු කරගන්නත් බෑ... '' යොවන්දි රවලා කිව්වේ ගවීෂ්ගේ අතින් ලයිට එක උදුරගන්න ගමන්....  යොවන්දිගේ  බැනුම් නම් තාම නැවතිලා නෑ... අත් දෙකෙන් තාම වැඩක් ගන්න බැරි තරමට ගල් වෙලා තියෙද්දි ලයිටර් එකක් පත්තු කරන්න ?  මේකිට ඕවා තේරෙනව ද !!!  තොල් දෙකත් තද කරගෙන ලොකු ජේඩ් ලැන්ටන් එක උඩට කරලා ගත්ත ගවීෂ් යොවන්දි ඒක පත්තු කරන කං බලාගෙන ඉදියේ ඒ වෙනකොටත් අහස ආක්‍රමණය කරන්න සේනාවක් ගානට එකින් එක එකතු වෙන පහන් එළි නිසා... ගග දිගටම පහන්වලින් එළිය වෙලා.... අපරාදේ කියන්න බැ මාරම ලස්සන අවස්ථාවක්... තුන්වෙනි පරම්පරාවම මේ වගේ දෙයක් දකින පළවෙනි වතාව..... හුළගත් එක්ක ඒ මේ අතට පාවෙන එළි.... වෙන විදියකට කිව්වොත් ප්‍රාර්ථනා....

ඩියෝන් එයාගේ ලැන්ටන් එක යවන්නත් කලින් සාර්ථක ලෙස පුච්චගෙන කර්ස් කරන සද්දේට ගවීෂ් ඒ පැත්ත හැරිලා හිනා වුනේ , ආශදිගේ ලැන්ටන් එක ඒ වෙනකොටත් උඩට අත ඇරලා ඉවර විදිය දැකලා...  සීයාගේ විතරක් නෙවේ , ඥාති පරපුරේම ඇටෙන්ෂන් එක කොහොමත් තියෙන්නේ යොවන්දි පත්තු කරන ලැන්ටන් එකෙන් අල්ලන් වටේ පිටේ උන්ගේ ලැන්ටන්ස්වලට හිනා වෙන ගවීෂ් දිහාවට.... මේකනේ ඕන ඉතින්... වේඝර්ණාරච්චිලාගේ ඊළග ගෞරවනීය ආදරණීය පෙම් වෘතාන්තය.....මොන රගපෑමක්ද ඉතින් ?... ගවීෂ් හිතුවේ යොවන්දි පත්තු කරපු ලැන්ටන් එකට හුළං පිරෙන කං එහෙමම උඩට කරලා අල්ලගෙන... එයාලාගේ රතු පාට එළියට පේන විදියට හදලා තිබ්බ ජේඩ් ලැන්ටන් එකට කලින්ම ආශක්‍යසිංහලාගේ නිල් පාට ජේඩ් ලැන්ටන් එක අහසේ පාවෙනවා මෙතනට උනත් ගවීෂ්ට පේනවා... හහ් අරවින්ද්ගේ එක... කාත් එක්ක ද දන්නැ යැව්වේ ?

- Plot 23 -Where stories live. Discover now