- 112 -

6.7K 782 614
                                    

" හාචුහ්....!!! හාචුහ්....!!!!. හාචුහ්... !!!!!!!! " එක පේළියට ගියපු කිවිහුම් පේළිය නිසාම
ගවීෂ් ඇස් දෙකත් පොඩි කර කරම වේඝර්ණ උරුම රහස් පොත වැහුවේ සැහෙන මහන්සියකින්.... ටිකකට කලින් මුදුන් වෙලා තිබ්බ ඉරත් දැන් නම්  බටහිරට බර වෙලා ගිහින්......

පහු ගිය දවස්වල සොල්දරයට වෙලා රෑ තිස්සෙත් පිනී බෑවට එයාට තිබුනට වඩා පොඩ්ඩක්වත් මනවිෂ පාලනේ කරගන්න පුළුවන් වෙලා තිබ්බේ නැ.... සැරින් සැරේට මරල දාපු අතීතෙ ඇවිස්සෙන එක ලේසි නැ... සීයා කසේ පළවෙනියටම ඇග තුවාල කරද්දි දැනුන වේදනාව ආයෙම සැරින් සැරේට දැනෙද්දි , ලේ ගෑවුන අත්වලින් පොත් කියවද්දි සුදු මාමා අඩපු හැටි , යුවනිදු අය්යගේ මරණේ වගේ සැහෙන දේවල්වල මතක එක සැරේ එයාව රිද්දන්න පටන් අරන්.... ඒ දුර්වල වීම ගවීෂ්  ධාහන්රා එකකට ඇතුළු වෙන එක නවත්තන්න තරම් ප්‍රබලයි.....

ගවීෂ් , පොත් දෙක අතට අරන් නැගිට්ටේ කකුල්වල හිරි අරින අතරේ.... ඊයේ රෑ ඉදන් අද හවසටත් කිට්ටු වෙනකන් එක ඉරියව්වෙන්ම මනස සන්සුන් කරන්න හදපු එක සැහෙන මෝඩ වැඩක්. ඒත් ගවීෂ්ගේ හිත පිළිගන්න ලෑස්තිම නැහැ එයාට ධාහන්රා එකක් ආයෙම හොදට කරගන්න බැරි බවක්.... සොල්දරයෙන් බැස්ස ගවීෂ්ගේ ඇස්වලට මුලින්ම අහුවුනේ ලයිබ්‍රියේ බීන් බෑග් එක උඩම නින්ද ගිහින් තිබ්බ මියුන්ව.... පොත පපුව උඩ... කණ්ණාඩි දෙක මිස් ප්ලේස්වෙලා නහයෙන් පහළට ලිස්සලා ඇවිත්... ඒත් දොයි සැපට...

පුදුමයක් නැ මෙතනින්ම පොතක් පෙරලන් වාඩි උන එක... මොකද මෙතනට සොල්දරය පේනවානේ ... ඒත් කොල්ලට මහන්සියටමද මන්ද එතනම නින්ද ගිහින්... මැන්ශන් එකට ගිහින් සැපට නිදාගන්නැතුව මු මේ කරන විකාර වැඩවලට ගවීෂ්ගේ යකාත් නගිනවා... ඒත් ඒ යකාටත් සොච්චමින් හරි ආල හැගුම් පහල වෙනවා.... මියුන් මෙ ආයේ දුවන් ආවේ අද උදේ පාන්දර .... ඉර එළිය හරියට වැටෙන්නත් කලින්.... ගවීෂ් කොහොමටත් උදෙ කෑම මග අරින නිසාම එක පාරක් විතරක් මේකා සොල්දරයට එබිලා , එයා ඉන්න බව ෂුවර් කරගෙන ගිය බව ගවීෂ්ට මතකයි... ඒත් දවල්ට කන්න කතා කරන්න දෙතුන් පාරක්ම ඇවිත් අන්තිමට බැනුම්නුත් අහගෙන ගස්සන් ගිය බවත් ගවීෂ්ට ලාවට වගේ මතකයි.... මියුන් ගෙනාපු දවල් කෑම එහෙමම මේසේ උඩ බව දැක්ක ගවීෂ් ගිල්ට් ගතියෙන් බෙල්ල කැසුවේ මූණත් ඇද කරගෙන.... දැන් හවස තුන පහුවෙලා උනත් කන්න තියා මියුන් ඒක දිගැරලාවත් නැති බව ගවීෂ්ට පේනවා.... ඕවට තමයි ඉතින් ආයේ මලයකා ඇවිස්සෙන්නේ...
පොත් දෙක පැත්තකින් තියලම ගවීෂ් කොල්ලා දිහාවට කිට්ටු කළෙත් ඒකමයි.....

- Plot 23 -Where stories live. Discover now