- 73 -

5.3K 715 180
                                    

ආශක්‍යසිංහ මැන්ශන් එකේ නිහඩතාවය බිදිලා ගියේ ලී තරප්පු පෙළ දිගේ පැතිරුන අරවින්ද්ගේ අඩි සද්දෙට.... කෝමටත් වේඝර්ණ මැන්ශන් එක වගේ නෙවෙ ආශක්‍යසිංහ මැන්ශන් එකේ දෙවෙනි පරම්පරාවයි තුන් වෙනි පරම්පරාවයි ඉදපු කාමර පැහැදිලිවම මැද මිදලක් මැදින් දිවෙන ලොකු කොරිඩොවකින් වෙන් උනා.... ගහ කොළ එක්ක එයාලගේ තිබ්බ අධ්‍යාත්මික සම්බන්ධය නිසාමදෝ මැන්ශන් එක ඇතුලෙ තිබුනෙත් හරිම ජීවි බවක්.....ඒත් අරවින්ද්ට අනුව ලේ පුළුට තැවරුන තෙත පුස් ගදක්.....

එයා අත් දෙක බැදගෙන කොරිඩෝ එකෙන් නැවතුනේ තාමත් පහළ සාලයේ ඉන්න ක්‍රිෂ් දිහා බලන අතරෙ.... තාමත් උස් වෙන දෙවෙනි පරම්පරාවේ කටහඩවල් මැන්ශන් එක පුරා දෝංකාර දෙනවා..... එයා විතරක් නෙවේ තුන් වෙනි පරම්පරාවේ කිසිම කෙනෙක්ට මේම ඈතින් ඉදන් බලන් ඉන්නව මිසක් පහළට බහින්න තහනම් බව මතක් උනාම අරවින්ද්ගේ කෙන්‍තිය ගිනිගන්නේ මැන්ශන් එක පුපුරලා දාන්න පුලුවන් තරමේ ආවේගයකින් ... තාමත් ඩ්‍රෑන් ඉන්නෙ ක්‍රිෂ්ට ගුලි වෙලා... ක්‍රිෂ් කොල්ලව තුරුලු කරන් ඉන්න විදියට අරවින්ද්ගේ ඇගේ ලේ හීතල වෙනවා..... එතන බලාපොරොත්තු තියන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ නිශා අක්කා විතරයි ...ඒත් එයා කියල මොනව කරන්න ද ?

" මොකක්ද දැන් මෙයාලට මේකෙ තියෙන අවුල ? " එහෙන් සනෝශ්ට මල පැනල....  තනොශ් සනෝශ් දෙන්නට තද උනොත් කන්‍රට්‍රොල් කරන එකත් ලේසි නැහැ.....

" පව් අර අක්කට සිහියත් නෑ.... " තනෝශ් කිව්වේ සනෝශ්ගේ අතින් අදින ගමන්...

" අක්ක නෙවේ බූරුවො...."

" ඒනං ? "

" අය්යා අය්යා....."

" ඒ වුනාට ඒ වුනාට.... ඉණ ඒම කෙල්ලෙක් වගේනෙ..... අනේ ඌය්යාආ !!! "  තනෝශ් කිව්වේ සනෝශ්ගෙන් පස්සට වැදුන පාරට මූණත් බෙරි කරගෙන....

" සනෝශ්... " අරවින්ද් කතා කලේ කල්පනාවෙන්...තාම පහළ දේවල් කොහොම විසදෙනවද කියන්න මිනිහට විශ්වාසයක් නැ.... මෙවීනා එළියේ, මියුන් කොමටත් ආයෙ ඇතුළට එන්නෙ මාස තුනකින්.... ඉතිරි ට්වින් ඩබලයි, නිනේලියි, හේෂාර්යායි විතරයි .....

" අරවින්ද් අය්යේ ? " සනෝශ් ඇහුවේ අරවින්ද්ගේ බැරෑරුම් බව පිරුන මූණ දිහා බලාගෙන... තවමත් අවුරුදු පහළව උනාට තනෝශ්ට කෙසේ වෙතත් සනෝශ්ට නම් තිබ්බේ අරවින්ද් වගේම හිතුනොත් කරනවා වගෙ මුරණ්ඩු ගති.... අරවින්ද් , මියුන් වගේම සැහෙන තරමට වගකීමක් ගන්න පුළුවන් ජාතියේ , ඒත් උන් දෙන්නටම වඩා සිරාවටම හොස්ස අගින් මැස්ස යන්න බැරි ජාතියේ එකෙක්... ඒකට තනෝශ්.... !! ඌ කොයි වෙලෙත් එවරෙඩි පිට ඉන්නේ සනෝශ්ට තුවාල වුනාම සනෝශ් වෙනුවට අඩන්න.... ඒම නැත්තන් මොකක් හරි බිම දාලා කඩන්න.... , හෙනට ප්ලැන් කරල කරන ස්ප්‍රයිස් ස්පොයිල් කරලා විනාස කරන්න.. කවුරුහරි කාටහරි දෙයක් කියන්න එපා කිව්වොත්, තනෝශ් නන් වැඩේ පටන් ගන්නෙම, ඒ මනුස්ස ඉස්සරහම ඕක කටින් පන්නගෙන..... ඉතින් ට්වින් ඩබල එකතු උනාම ඇවිදින පරමාණු බෝම්බ.... ඒකට , උන් දෙන්නාගේ නංගි නිනේලිත් එකතු උනාම හිරෝශිමාව නෙවේ ලෝකෙම ලෙප්ට් කරන්නත් බැරිකමක් නැති වචනෙන් වර්ණනා කරන්න බැරි සුසංයෝග!!...

- Plot 23 -Where stories live. Discover now