- 55 -

5.5K 795 146
                                    

'' ඇයි සීතල ද තමුසේට ? ''

'' ම්හ්..'' ගවීෂ් නැහැ කියන්න ඔළුව දෙපැත්තට වැනුවේ මියුන්ගේ ඇගට හේත්තු වෙලා තවත් ගුලි වෙන ගමන්...

'' නිකන් බය නොවී හිටපන්.. දැන් ඇහෙන්නෑනේ.... '' මියුන් ඒ පාර සැර කලේ උරහිස ගසලා දාලා ගවිෂ්ව ආයේ කෙලින් කරන ගමන්.... වැස්ස නම් සම්පූර්නයෙන්ම වගේ නැවතිලා දැන්.....

'' කවුද යකො බය... '' ගවීෂ් ගෙරෙව්වේ ආයේ මියුන්ගේ ඇගට හේත්තු වෙන ගමන්....

'' පොඩ්ඩක් අහකට වෙලා ඉදපන්කො මේක හදන කං.. '' මියුන් ආයේ ගවීෂ්ව උරහිසෙන්ම එහාට තල්ලු කලේ ගවීෂ් මූණත් දෙක කරන් මියුන්ගේ මහා ලොකු වැඩේට එබෙද්දි....

'' තාම ඕක තැම්බිලා නැතෙයි... '' ගවිෂ් ඇහුවේ නූඩ්ල්ස් කප් එකට අත තියන්න හිතාගෙන උනාට ඊට කලින් මියුන් අතට ගැහුවේ ගවීෂ් කරත් බාගෙන අත එහාට ගනිද්දි..... එයැයිගේ සැර විතරක් හහ්.... ඒත්.... !!! ගවීෂ් එහෙමම මියුන්ගේ නළලට අත තිබ්බේ මියුන්ගේ අතේ තිබ්බ රස්නේ ගතියට....

'' යකො ඇග රස්නෙයි වගේ මං හිතන්නේ ආයේමත්..... ''

'' ඔව් ! කට වහගෙන ඉදපන්.. '' මියුන් සැරෙන් කිව්වේ අතේ තිබ්බ චොකලට් කැල්ල ගවීෂ්ගේ කටට ඔබලා....

'' බෙහෙත් ටික  - ''

'' මං ඒක බලාගන්නම්...  ඔච්චරයි තමයි මේ සීතලේ තැම්බෙන්නේ... පුළුවන් විදියකට කාපන්.... '' මියුන් කිව්වේ ගවීෂ්ගේ අතට නූඩ්ල්ස් කප් එක දික් කරන ගමන්...  මියුන් අහුවුන පළවෙනි කටම සාගතේක ඉදිය ගානට කටේ ඔබාගන්නවා බලාගෙන ඉදපු ගවීෂ් පුංචිම පුංචි කටක් පුරව ගත්තේ ඕනවට එපාවට... මරු කෑම්පින් අදහස් !!! උණුත් නැ, බාගේට තැම්බිලා... අරු අච්චර කටවල් කෝම කනව ද දන්නැ.. කරන්න දෙයක් නැ . අදහස මගේ නෙව...

'' රහයි අවුලක් නෑ.. '' ගවීෂ් එයාටම හිත නිවන කතා කියාගෙන දෙවෙනි පුංචි කටත් කටේ ඔබාගත්තේ එක හුස්මට කාලා ඉවර කරපු මියුන් කප් එකේ බොන්න තිබ්බ ටිකත් එක හුස්මට බීලා ඉවර කරලා හිස් කප් එක අතට ගනිද්දි... මූ යකො -

'' තමුසේ මාව ගණන් ගන්නෑ... '' ගවීෂ් අමාරුවෙන් තුන් වෙනි කටත් ගිලලා දාලා නහයෙන් කිව්වේ මියුන් ආයේම රවලා ගවීෂ් ගාව තිබ්බ නූඩ්ල්ස් කප් එක උදුරලා ගද්දි... ඒපාර කන්නත් දෙන්නැද්ද ?

- Plot 23 -Where stories live. Discover now