- 46 -

4.8K 767 139
                                    

සිනල්යා ,

පින් ඉක්මනින්ම මට ලිව්වට !! කිසිම දෙයක් දැනගන්න විදියක් නැතුවයි ඉදියේ.... අප්පච්චිගේ මහා ඔත්තු සේවයෙන් මං සමහර දේවල් දැනගත්තා.. ඒත් ඒවායින් ඔයා හොදින්ද නැද්ද කියලා මට දැනගන්න විදියක් තිබ්බේ නෑ කෙල්ලේ.... මේ දේවල් අස්සේ ඔයාට එළියට එන්න බෑ කියලා මං දන්නවා...

සීයාගේ ආත්මය ජගුවර්ට බාර කරන්න... ඔහු ආදරෙන් සීයාව බාර ගනීවි...මේච්‍යූරි ගහේ ආසිංශනත් අනිවාරෙන්ම ඔයාගේ සීයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනවා කරනවා... ඔයා ඒක ගැන අඩන්නේ නැහැ කියලා මම හිතනවා.... නේද ?

කලබලේ අඩුවුනාම , ඉක්මනින්ම ඔයාව හමුවෙලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා... වේඝර්ණලා ආර්ය වේඝර්ණාරච්චි අතට ආපු එක අපිට ලේසිත් නෑ , ඔයාටත් නැහැ.... එතකොට ඔයාගේ අතට වගකීම් වැඩිවේවි , ඒක නිසා මෙතනින් එහාට මට වුන දේවල් ඔයාට වෙනවට මම කැමති නැහැ... ඔයාගේ නංගිලා මල්ලිලා පොඩියි කියලා ඔයාට තනියම දරන්න වෙන්නේ නෑ , මං ඉන්නවා.... ( මට හිතාගන්න බැරි , ආර්ය වේඝර්ණාරච්චි තවදුරටත් උරුමය ගෑනු ළමයෙක්ට දේවි ද ? එයාගේ අදහස් ටිකක් දරුණු විදියට පිරිමි ස්වෝත්තමවාදී කියලයි මං අහලා තියෙන්නේ... එක අතකට ඔයා මේකෙන් නිදහස් වෙනවා නම් මං වැඩියෙන් කැමතියි..)

භාතිය ..

ප.ලි - එළියට පැනගන්න ලැබුනොත් , මට ටෙලිෆෝන් කරන්න....

.
.
.

අති පණ්ඩිත උත්තමාවිය !!,

හරි සමාවෙන්න ඔයාලාගේ මහා පරම්පරාව ගැන අදහස් ප්‍රකාශ කළාට .....මගෙයි වැරැද්ද.... ඒ වගේම ඔයා ආශක්‍යසිංහලා ගැන කියපු ටිකට මට සතුටු වෙන්න බැහැ.... අපි කතා නොකළ යුතු මාතෘකාවලට මේ පෙළපත් උලව්වත් දාලා තියාගන්න...

ඔයා හිතනවා වගේ කොහොමටවත් , මං පරිපූර්ණ මනුස්සයෙක් කියලා හිතාගෙන හැසිරෙන්නේ නැහැ.. ඒක ඔයාට ඔප්පු කරන්න මං කරන්න ඕන මොනව ද කියලා මට තේරෙන්නෙත් නැහැ... මං දන්නවා , ගොඩක් බර්ඩ්‍රේන් යොරෙල්වරු පවා මට පරිපූර්ණයි කියලා කියන බව... ඒක තියෙන්නේ මං කතා කරන විදියේද , මං හැසිරෙන විදියෙද , නැත්තන් මගේ හදවතේ ද කියලා මං කවදාවත් හොයලා නැහැ . ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා..( මොකද උදාහරණයක් වශයෙන් ඔච්චර පරිපූර්ණ නම් ඇයි මං තාමත් තනිකඩ කියලා ඔයාට ප්‍රශ්නයක් එන්නට එපැයි දැරිවි...)

- Plot 23 -Where stories live. Discover now