- 108 -

5.5K 745 622
                                    

අමු අඹ , ජමනාරං , වෙරළු , මාදම් , පිනි ජම්බු ,  කැලෑ පේර , හීන් කරඹ , ඩොංගා කිරල , යකුල් මරන් , කටු ඇඹිල්ල....... මෙලෝ ගැළපීමක් නැතත් ඔය තමා අද ගිනි අව්වේ කැලෑව පිරල අපේ ගවීෂ් බෑග් එකක් පිරෙන්න කඩාගත්ත පළතුරු ජාති ටික... එන ගමන් ඩොංගා ගෙඩි දෙක් තුනක්ම බඩට ගිය එක වෙනම කතාවක්... කමක් නෑ කෝමත් ඔය ඌෂ්ණ ජාති නොකැවට... අද දවසට කියලා හරි ගියේ මේක විතරයි ...

උදේ පැය දෙක තුනක් බන්ෂ් එකට රස්තියාදු කරපු ගවීෂ් ඉතිරි සම්පූර්ණ වෙලාවෙම කළේ සුදු මාමා ගැන පිස්සුවෙන් වගේ හොයපු එක... සමහර වෙලාවට එයාගේ හැකියාවන් එක්ක ගාඩ්ලාගේ කතාවලට හොරෙන් ඇහුම්කන් දීගෙන පවා ඉදියට ගවීෂ්ට ඒ ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උන එක කොල්ලව තව නොසන්සුන් කරනවා.... සුදු මාමව හංගපු තැන හොයාගන්න මෙච්චර අමාරු ඇයි කියන එක එයාව තව කලබල කරනවා කිව්වොත් හරි.... ගවීෂ් දැනට දන්නේ අනිද්දට කලින් එයා සුදු මාමව හොයාගන්න ඕනේ කියන එක විතරයි .. ඊට පස්සේ කවුරු තියලා ප්‍රිවිරුව මරන්න තර්ජනේ කරයිද කියන්න එයා ඇත්තටම දන්නේ නැ!!....

" තිමෞර්ය !!!.." ඩ්‍රොප් සෝන් එකේ අතුරු වීදියේ සම්පූර්ණ නිශ්ශබ්දවය බිදන් , එයා කවදාවත් අහලා නැති තරමට සද්දෙකින් පැතිරුන කටහඩට ගවීෂ් තිගැස්සුනේ එතනම නැවතිලා...

ඔව් එයා තමයි !! .... පාරෙන් එහා පැත්තේ සාක්කුවලට අත් දාන් බලන් ඉදිය මියුන්ගේ ඇස්වල තිබුනේ ළගට එන්න අවසර ඉල්ලන විදියේ බැල්මක්...  පහුගිය දවස්වල පපුවේ එකතුවුන බර හැගීම ආයේ ලස්සනට පපුව බර කරනවා මියුන්ව දැක්ක ගමන්.. හැගීම්වලටත් එක අතකට පුදුම අසහනයක් නේ තියෙන්නේ මේ මනුස්සයා දැක්ක ගමන් සේරම උඩට එනවා...... මේ දවස් ටිකේම කොච්චරවත් මග ඇරියට තවත් , මග අරින්න බැරි තරම් එයාගේ හිත දුර්වල නිසාම ගවීෂ් මියුන්ට ඕකේ එක දෙන්න ඔළුව වැනුවේ ශේප් එකේ.....

මියුන් පාර හරහා මාරු වෙලා එනකන් , ගවිෂ් අතුරු වීදියේ පැත්තකට උනේ කාගෙවත් ඇහැ නොගැටෙන විදියට.... මියුන් දුවන්, ඇවිත් එයාගේ ඉස්සර හිට ගන්නකන්ම ගවීෂ් එයා දිහා බලාගෙන ඉදියේ අතේ තිබ්බ බැග් එකත් අතේ ගුලි කරගෙන... එයාගේ පපුව දැන් නම් ගැහෙනවා කියලා ගවීෂ්ට ඇහෙනවා !! ඔහ් ඒ කියන්නේ උබ තාම මැරිලා නැ ගවීෂ්....... පපුවට පුළුවන් තවම හය්යෙන් ගැහෙන්න......

- Plot 23 -Where stories live. Discover now