- 8 -

6.7K 966 71
                                    

අද දවල් ඉදන් තිබ්බ ඔළුව කැක්කුම එන්න එන්නම වැඩි වෙනවා කියලා තේරුන මියුන් , ඕන හෙනයක් ගහන්න කියලා ක්‍රිෂ් දීපු බෙහෙත්වලින් දෙවෙනි වේලත් එක උගුරට ගිලලා ආයේම එළියට බැස්සේ තව දවස් දෙක තුනක් විතර එයාට ටයිඩ්‍රැක්ස් එකේම ඉන්න වෙයි කියලා හිතුන නිසා.. කොහේද ඔළුවේ තියන බැන්ඩේජ් ගැලෙව්වට තාම තුවාල වේලුනා විතරයි... විලේජ් එකේ උනත් හදිසියකට ගන්න ඇදුම් නැතුව නෙවේ , ඒත් මෙහෙට වඩා එළියෙන් ගත්තම කාගේවත් අවධානේ නැති නිසයි , අවංකවම කිව්වොත් මෙහේ ඇදුම් මියුන්ට මෙලො රහක් නැති හින්දයි මිනිහා අප්ලෝෂ් එක ගාවට ආවේ සාක්කුවට අත් දෙකත් දාගෙන...

'' අප්ලොෂ් .. '' ලොකුම ලොකු ඕක් ගස් දෙකක් මැද්දැවට වෙන්න පරණ දේවස්ථානයක දොරටුවක් වගේ පෙනුමක් ගත්ත පොඩි බිංගෙය තමයි බර්ඩ්‍රේන්වරුත් , ඩ්‍රොමිඩියන්වරුත් වගේම සාමාන්‍ය යොරෙල්වරුත් ජිවත් වුන විලේජ් එක , සාමාන්‍ය ලෝකෙන් වෙන් කරපු උමං දොරටුව... උමගක් කියලා කිව්වට  මහ පාරක් තරම් පළල් අප්ලොෂ් එක විවෘත වෙන්නේ අතඇරලා දාපු පරණ ගොඩනැගිල්ලකට.. මෙච්චර කාලේකට වහලා දාලා තියෙන නිසාත් , ඒකේ අයිතිය තිබුනේ යොරෙල් කෙනෙක්ට නිසාත් කිසිම කෙනෙක් හොයන්නැති පාළු ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලෙන් අප්ලොෂ් එක ඉවර වුනා.... එතනින් පස්සේ හැමදේම අතිශය සාමාන්‍ය වුන සාමාන්‍ය ලෝකේට මුහු වෙන එක මියුන්ට මහ ලොකු දෙයක් උනේ නැහැ...

ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න ... මිනිස්සු සේරම වැඩ ඉවර වෙලා ගෙදර යන නිසාම ටවුන් එක කඩිගුල ඇවිස්සුනා වගේම තමයි... එයාට පුරුදු ෂොප් එකටම පැනගත්ත මියුන් ඉස්සෙල්ලම බැලුවේ ඈත තියාම එයා දැක්ක ඩමි එකේ ඕට්ෆිට් එක දිහා... වොහ්...වොෂ්ඩ් ලයිට් බ්ලූ ඩෙනිම් එකට ගානටම මැච් කරවලා අන්දලා තිබ්බ සුදු පාට බැගී ටී එක.. ඩමි එකත් එක්ක තියලා බැලුවම ඒකේ අමුතුවම ගතියක් තියේ... ටී එකේ මැටීරියල් එක අතගාලා බලපු මියුන් එහා පැත්තේ තිබ්බ එයින් ටී එකක් අතට ගත්තේ සයිස් එක තෝරන ගමන්... සුදු ටි එකේ යට හරියට වෙන්න කළු තින්ත ඉහිරිලා වගේ තිබ්බ ඩිසයින් එකට මියුන්ට දැනටම හිත ගිහින් ඉවරයි.. ඒ වුනාට ඩමි එකට ලස්සනට වුනාට එයාට කොම වෙයිද මේක ඇන්දොත් ? මියුන් ආයේ ඩමි එක අල්ලලා බැලුවේ ටී එක එයාට තියලා මිරර් එක දිහා ෂේප් එකේ බලන ගමන්....

- Plot 23 -Where stories live. Discover now