- 82 -

5.9K 782 441
                                    

මතක හැටියට , ඌ සාමකාමීව අපාට්මන්ට් එක පහළට ගියා විතරයි ගාබේජ් අයින් කරන්න .... ඒත්, බේස්මන්ට් එකෙන් එළියට එන්න කලින් සෑහෙන වේගෙකින් ඇවිත් එයාගේ ඇගටම කපලා නවත්‍තපු බයික් එකට මියුන් ඇස් පියාගත්තේ , හෙන සද්දෙන් වැදුන හෝන් එකට.... මිනිහට සිරාවට උන දේ හිතාගන්න සැහෙන වෙලාවක් යන්නැති, ගවීෂ් දෙවෙනි පාරටත් හෝන් කරලා  හිනා වෙවීම බයික් එක පිටිපස්සට ගත්තේ මියුන්ගේ මූණේ තියෙන කේන්තිය දිහා බලාගෙන....

ඇගටම කපපු සුදු පාට යමහා එක උඩ  කේන්තියෙන් නැවතුන මියුන්ගේ කළු පාට ඇස් ඉක්මනින්ම පුදුමෙන් ලොකු උනේ , ගවීෂ් හෙල්මට් එක ගලවල කොන්ඩෙත් තාලෙට ගසලා කොල්ලට ඇහැක් ගහද්දි....

" අහ් මල්ලියාහ්... !! කොහෙද අනේ මේ උදේ පාන්දර අපෙත් සිල් බිදිනවනේ ?? " ගවිෂ් කොහෙන්දො මන්දා උස්සගත්ත ඩයලොග් එකක් අතැරියේ මියුන් ඇදන් ඉදපු ඇදපු දිහා උඩ ඉදන් යටට බලන්නත් අමතක නොකර... කළු පාට කොට ශෝට් එකට.... ටී එක රෝස පාට. !!!එව්ව්ව් කවද ඉදන් මූ අදින පාටක්ද මෙහ්...

බුදු අම්මේ තාම කන්ෆියුස් වෙලා බලන් ඉන්නේ... ගවීෂ් ආයෙම ආතල් එකට බයික් එක මියුන්ගේ ඇගට රේස් කලේ , කොල්ලව පියවි සිහියට ගන්න... ඇහ් යකෝ.. ඔච්චරට අදුරගන්න බැරිද ? කේශ කළ්‍යාණිය ඕන නම් වැවිලා ඇති සිංහරාජේ වගෙ... වෙන වෙනසක් නෑ, මේ ගවීෂ් කොල්ලා කවදත් හැන්ඩියා...

" තිමෞර්ය !! " මියුන්ගේ කටින් අන්තිමට පැන්නේ ගවීෂ් සන්සුන්ව හිනා වෙද්දි...

"  එක්සැම් එකට සතියයි නෙද... මොනවද මේ රවුම් ගහ ගහ කරන්නේ ? "  ගවීෂ් සැරෙන් ඇහුවේ මියුන් කෙලින්ම බයික් එකේ ෆ්ලුයිඩ් ටැන්ක් එකට අත තියලා තවත් ළං වෙද්දි.... එයා වචනයක්වත් කතා කලේ නෑ, නිකන් ගවිෂ් ඇත්තටම මෙතන ඉන්නවද නැද්ද කියන්න වගේ ගවීෂ් දිහා බලන් ඉදියා විතරමයි..... මියුන්ගේ එක බැල්මයි, ඇග ගිනිගන්න හැගීමත් එක්ක එයාගේ ගාඩ් එකට වඩා උඩින් ඇස් රතු පාට වෙන්නැති කියලා ගවීෂ් අනුමාන කලේ මියුන්ගේ ඇස්වලින්ම එ රතු පාට එයාට පරාවර්තනය වෙන නිසා....

හරියටම කිව්වොත් මියුන්ගේ ඒ ඇස්වල කිසිම කලබලයක් නෑ... අගලක්වත් මග අරින්නේ ඇතුව මියුන්ගේ ඇස් එයාගේ මූණ උඩ එහේ මෙහේ යද්දි ගවීෂ් හෙල්මට් එක බඩට තද කරගත්තේ මේ වෙලාවේ බඩෙන් එන අමුතු සද්ද මියුන්ට ඇහෙයි කියලා ලැජ්ජාවට.... එයා මියුන්ට එහෙමම බලන් ඉන්න දීලා බිම බලාගත්තේ වෙන මොකටවත් නෙවේ... මෙහේ ඛනිජ පාෂාණවල විවිධත්වය හොයන්න...... ඔව්...  !!!

- Plot 23 -Where stories live. Discover now