-70-

5K 711 69
                                    

" උබ කියන්නේ ඒ පොත නැතිවුනේ අවුරුදු විස්සකට කලින් කියලද ? " 

" ඔව්ව්... සමහර විට ඊටත් කලින්..."

" උබ කොහොමද දන්නෙ ? "

" උබ ඇහුවද කොහොමද මම අරුගේ අම්මයි තාත්තයි ගැන දන්නේ කියල ?? "

" නැ... උබ ඇහුවද මම ඇයි ඒක ඇහුවේ නැත්තේ කියල...? "අරවින්ද් ආපස්සට ඇහුවේ ගවීෂ් නළල රැලි කරද්දි....

" සිරාවට ! ඇයි තෝ ඇහුවෙ නැත්තෙ...?? "

" උබ ඇහුවෙ නැත්තේ ඇයි කියපන් ඉස්සෙල්ල !!!"

" හරි ඇති !! අපි ඇවිත් ඉන්නේ... " ගවීෂ් කතාව නැවැත්තුවේ තව මේක ඇදගෙන ගියොත් හොම්බට පාරක් ඇනගෙනම මේක කෙලවර වෙන බව අත්දැකීමෙන්ම වගේ තේරුණ නිසා....

කොල්ලෝ දෙන්නා හිටගෙන ඉදියෙ සැහෙන වනවාස උන පරණ දේවාල මන්දිරයක ගල් දොරටුවක් ගාව..... රතු පාට කොඩි වැල් හැම අතටම ඇදල සැහෙන ගුප්ත පෙනුමක් තිබ්බ මේ තැන කොහොමටත්, කන්දෙන් එපිට පහළ නිම්නයේ එයාලගේ විලේජ් එකේ තියෙන ස්වරූපයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මට්ටමේ අදුරු මූසල තැනක් කියල පළවෙනි බැල්මෙන්ම කියන්නට පුලුවනි.... ඒ හැම එකකම ලොකු කළු පැල්ලම් කාලෙකට කලින් උන ගින්නක් නිසා ඇති උන දේවල්......සේරමටත් වඩා ගොම්මන් වෙලාව නිසාමදෝ එතන තිබ්බේ සැලකිය යුතු මට්ටමක භූත ගතියක්.... තාමත් මේ ගමන ආපු එක ගැන කොල්ලො දෙන්නගෙම හිතේ තියෙන්නෙ අවිශ්වාසයක්.........

ගවීෂ් හුස්මක් ඇද්දේ ඒ තත්පරේට එකිනෙකින් වෙන් කරගන්න බැරි සුවදවල් නහය කාවැදගෙන යද්දි.....
සමහර වෙලාවට, අතඇරල දාලා ගොඩක් කල් නිසාම ඇතුලෙන් එන්නේ තෙත හතු කොටන්වලින් එන ජාතියේ පුස් සුවදක්... ඒත්, උණුවෙන් පිච්චෙන සුවද පිච්චමල් හදුන්කූරක සුවදත් කොහෙන්දෝ මන්ද ඒ සුවදටම එකතු වෙලා... කැද දාපු පරණ රෙදිවල සුවද එන්නේ බොහෝවිට දිරලා තියෙන කොඩිවැල්වලින් වෙන්න ඕන... ම්ම්, අගුරු සුවද....  , අළු පස්වල එන අමුතු සුවද...... අහ්හ් !! ඇතුලේ පේන ලා එළිය එහෙනම් එන්නෙ මේ වැනිලා සුවද ඉටිපන්දමෙන් !!  හරි අමුතු කම්බිනේශන් එකක්....

" මොනවද දැනෙන්නේ ? "

" අළු පස්වල සුවදයි , බිම්මල් සුවදයි.... වැනිලා සුවදයි... වරෙන් යන්න කවුරුත් අපිව දකින්න කලින්...." ගවීෂ් කිව්වේ කිසිම පැකීලීමක් නැතුව සීමාවෙන් ඇතුළට අඩිය තියන අතරේ.... අරවින්ද් තාම සීමාවෙන් එළියට වෙලා බලාගෙන ඉදියේ පැකිලීමෙන්....

- Plot 23 -Where stories live. Discover now