- 94 -

5.2K 751 391
                                    

'' ඔහ් ! මෙන්න එතකොට - ගෑනු ළමයෙක්...!!! ??? ''

මියුන් තාලේට කිව්වේ ඇස් දෙකත් බෝල කරලා ගවීෂ්ගේ ලැජ්ජාවෙන් පිරිච්ච මූණට එබෙන ගමන්.... සැක් !!වනේ හතුරෙකුටවත් මේ වගේ වෙන්න හොද නෑ.... ගවීෂ් කට ඇද කරගෙන , ලැජ්ජ නැතුව ආයේ මල ලේන්සුව අස්සේ දාගත්තේ මියුන්ව නොදැක්ක ගානට....

ම්ම් ? පොඩ්ඩක් ඔහොම නවතින්න.... ඔව් , මේ වෙලාවේ මියුන්ගේ මූණ විස්තර කලේ නැත්තන් ඒක ලොකු අපරාදයක්.. සමාව දෙන්න බැරි අපරාදයක්... දත් සෙට් එකම එළියට දාගෙන සතුට හංගන්න පොඩ්ඩක්වත් මහන්සි නොවුන මියුන්ගේ මූණ.... කහ පාට එළියට හරිම ... හරිම......... ලස්සනයි යකුනේව්ව්.... මේ බලන් ඉන්න විදියට යටිබඩ පුරා ලොකුම ලොකු සර්කස් එකක්.... කතුරු ඔන්චිල්ලාවක උඩ යට යනවා තරං වේගෙන් බඩම ඇඹරෙනවා ද කොහේ....

තමුසේටත් මාර වැඩ තමයි වෙන්නේ ගවීෂ් ... ඉස්සෙල්ලම අර රවාගත්ත මූණට පිස්සු වැටුනා.. ඊළගට ඇස් පිහාටුවලට... ඊළගට කට කෙළවර ඇදෙන පුංචි හිනාවට.... ඒ කාලේනුත් පස්සේ බනිනකොට සැර වෙන මූණට.... නොපෙනන ඈතක් බලාගෙන දාර්ශනික ටෝක් දෙන මූණට ... ඊටත් පස්සේ පොඩි එකෙක් වගේ ගස්සන මූණට... දුක හිතුනම කට පැත්තකට කරන් ඇස් අඩවන් කරගන්න බැල්මට.... දැන් හරිනේ අමාරුව !!! මෙන්න හදුන්වාදෙන අලුත්ම පිස්සුව.... මියුන්ගේ මේ මූණ.... මේ මෝඩ කොල්ලත් දවසින් දවස එයාව පිස්සුවට්ටන එකේ සිමාවකුත් නැ.... ආයේ ආයේ අලුත් දේවල් තියෙන මනුස්සයෙක් ගාව ඒම ඇතියි කියලා හි තෙන දෙයක් තියෙන්න පුළුවන් ද ? ඔව්නේ , මියුන් කොහොමත් තමන්ව එළියට දැම්මේ ටිකෙන් ටික.... පරිස්සමට....

'' ඉතින් , රවන්නත් අමතක වුනා නේ ද ?...'' මියුන් මතක් කලේ ගවීෂ්ගේ සැහැල්ලුවෙලා තිබ්බ මූණට එක සැරේටම හෙන ගැහුවා වගේ රැවිල්ලක් මැවෙන හැටි දිහා බලාගෙන... දැන් ඉතින් රවලා වැඩක් ද ? පිස්සෙක් වගේ කටත් ඇරන් බලන් ඉදියට පස්සේ ? මෙච්චර වෙලා මෙලො සිහිකල්පනාවක් නැතුව එක තැන පිහිදදා තිබ්බ මියුන්ගේ අතට මිනිහා අවධානේ යොමු කලේත් දැන්...

අරවින්ද්ට කටක් ඇරලා කියන්නේ කොහොමද කියපන්කෝ , හරියකට පැයක් කලින් මියුන් නෙවේ මල්සරා ආවත් දිය කරගන්නෑ කියල දහ අතේ දිවුරලා තිබ්බ පපුව දිය කරගෙන අහවරයි කියල....!! නඩුව අහන්න කලින්ම , නිදොස් කොට නිදහස් කරලා ඉවරයි.... ලැජ්ජ වෙයන් ගවිස්.... එව්ව්...

- Plot 23 -Where stories live. Discover now