- 52 -

5.4K 769 120
                                    

ගවීෂ් බයික් එක ඩ්‍රොප් සෝන් එක අැතුළට වෙන්න නවත්තලා , ඉතිරි ටික පයින් ගග පැත්තට ඇවිදගෙන ආවේ එයාගේ උඩින් දාගත්ත හූඩි එකෙන් මූණ පුළුවන් තරම් කවර් කරගන්න ගමන්.... එයා විනාඩි දහයකට වඩා පරක්කු වුන නිසා හරි නම් මේ වෙනකොට මියුන් ඇවිත් ඉන්න ඕන... ඒත් පේන මානේක මියුන් නොහිටිය නිසාම එයා පහළ ගං ඉවුරේ ගල් තලාවට බැස්සේ මියුන් ඉන්න තැන අනුමාන කරන ගමන්.... ආහ් ඔය ඉන්නේ !!

'' ඒයි !! .. '' ගවීෂ් කතා කළේ ගල් තලාව උඩ වාඩි වෙලා ඉදිය මියුන් දිහාවට අඩියට දෙකට ළං කරන ගමන්... කොන්ඩේ පිටිපස්සට වෙන්න දාගෙන ඉදපු කළු පාට කැප් එකට මිනිහාගේ මූණ වැහිලා තිබ්බත් , මියුන්ගේ අත් තිබුනේ එයාගේම වටේ එතිලා... සීතලට ගුලි වෙච්ච පොඩි එකෙක් වගේ ඔළුව උස්සලා බලපු මියුන්ගේ මූණේ ඇදිලා තිබ්බේ කියවගන්න බැරි හැගීමක්.... අනේහ් -

'' පාහරයා.... '' ගවීෂ් සන්සුන්ව කතා කලේ මියුන් ගාවින් දණ ගහගෙන ඔළුවට අත තියන ගමන්... යකො !!ගිනි රස්නෙයි... !!! තාම නළලට ලාවට දාඩිය දාගෙන එනවා විතරයි... මොන ***ක්ද බලන්නකො එළියේ කරන්නේ හුළං වැදි වැදි.... ඒත් තව හිනාත් වෙනවා ? !!

'' එපා හිනා වෙන්න මාත් එක්ක !! '' ගවීෂ් සැර කළේ එයා උස්සන් ආපු එකේක බඩු තිබ්බ වෙට් ටිෂූස් පැකට් එක එළියට ඇදලා අරන් මල්ලෙන්ම මියුන්ගේ ඔඩොක්කුවට දමලා ගහන ගමන්...

'' මට ඒත් විනාඩියකට හිතුනා , තමුසේ එන- එකක් .. නැති වෙයි කියලා... '' මියුන් කිව්වේ එයාගේ කැප් එක ගලවලා පැත්තකින් තියන ගමන්...මිනිහාගේ කටහඩ සැහෙන දුර්වලයි....කවදාවත් දැකපු නැති තරමට මියුන් දුර්වලයි... ඇයි දෙය්යනේ මේ ? ගවීෂ් මියුන් දිහා බලන් ඉදියේ මොනවා කියන්න ද හිතාගන්න බැරුව... තොල් පවා සුදු මැලි වෙලා ...

'' මේ ඇතුළකට යමං ? '' ගවීෂ් කවදාවත් නැති තරමේ සන්සුන් විදියට ඇහුවේ නළලට වැටිලා හුළගට දග කරන මියුන්ගේ කොණ්ඩේ අතරින් අත යවලා හිමින් ඔළුව අතගාන ගමන්... පව් - ඇස් පියාගන්නවත් එක්ක.... නළලට වැටිලා තිබ්බ මියුන්ගේ කොන්ඩේ උඩට කරපු ගවීෂ් හිමින් වෙට් ටිෂූ එකක් මියුන්ගේ නළළ උඩින් පරිස්සමට හිටින්න ඇරියේ සුදු මාමා කලින් එයාට මේම කරලා නිසා....එයාගේ ඔළුව උඩ තිබුන ගවීෂ්ගේ අතින් හිමින් අල්ලගත්ත මියුන් අත පහළට ගත්තේ යන්තං හිනා වෙලා... සුදු මැලි වෙලා තිබුන තොල් අතරේ විතරක් ඇදෙන ලා හිනාවක්.....

- Plot 23 -Where stories live. Discover now