- 87 -

4.7K 720 356
                                    

" එහෙනම් උබලා පැරදුනොත් අරවින්ද්ටත් ආශාක්‍යසිංහ මැන්ශන් එකේ වහළ උඩට නැගලා ඒකම කරන්න වෙයි... "

" ඒකටඅපි පැරදෙන්න එපැයි..... "

" ඇයි අපි පරදින්න උබලට අපි මොක්කු වගේද පේන්නේ ? "  ඩියෝනුත් ආපස්සට කට ගැහුවේ ගවීෂ්ටත් වඩා හය්යෙන්...

" ලෑලි ඉරන වඩුමඩුවක් වගේ... "

" උබලට.... !!!"

" ඩියෝන් !! ඩියෝන් !! වාඩ් වෙයන්.. " ගවීෂ් කිව්වේ ඩියෝන්ව එක්දාස්විසිදෙවෙනි පාරටත් ඇදල වාඩි කරවන ගමන්.... මේ මනුස්සයාගේ කේන්තිය එක්ක කොහොමද කියහන්කෝ මහා සමාදාන ප්ලැන් එක ක්‍රියාත්මක කරන්නේ ? අනික හෙනම අසාධාරණයි යකෝ !! මියුන්ට සිංදු කියන්න පුළුවන් වෙන්න ඇත්තේ ලොකු අම්මාගෙන්.... ලියුම්වල හැටියට භාතිය ආශාක්‍යසිංහට තාලෙට අප්පුඩියක් ගහන්න බෑ ඔන ඔට්ටුවක්... ඒම එකේ හරි නම් ඌ ඉන්න ඔනෙත් වේඝර්ණ ටීම් එකේ චහ්... අර්වින්ද්කාරයා මෙතන පරණ තරහක් පිරිමහනවා...කු. හ. ක. යා !!

"ඔන්න අලුත් සිංදුවක් එහෙනම්.... " අරවින්ද් කිව්වේ වේඝර්ණලා ටිකත් එයාලගේ සන්තකේටම තිබ්බ බොංගෝ එක අරන් ඒ පැතිවලට හැරිලා වාඩි වෙද්දි.... මෙතන තනිකර තියෙන්නෙ මරාගැනීමක් !! ඇයි වෙන මොකක් හරි වගේ පේනවද ? හහ්....

" අනන්තයට යන පාර දිගෙ....
අනන්තයට යන පාර දිගේ...
ඇය එනවා....
ප්‍රාර්ථනාවේ... " 

හරිත නිම්නයේ සීතල අතරින්...
පිනි වැස්සේ....
අනන්තයට යන පාර දිගේ...
ඇය එනවා....
ප්‍රාර්ථනාවේ....
මල් පොකුරු අරන්....
සීතල පිනි වැස්සේ...."

" උබල..." අරවින්ද් කිව්වේ ගවීෂ්ට උඩින් ආශදී දිහා හැරෙන අතරෙ.... ඔව් ඌ පවා දන්නවා වේඝර්ණලාගේ  සිංදු කියන්න පුළුවන් එයාට විතරයි කියලා.... හැබැයි අපරාදේ කියන්න බෑ වේඝර්ණලා සෙට් එකේම අඩුව පුරවන්න පුළුවන් විදියේ හරිම යුනික් පවර්ෆුල් කටහඩක් තමා කෙල්ලට තිබ්බේ.....

" ඉගිබිගි පානා නෙතු මානේ ඉදිමි නැවතීලා....
නොඉදුල් හාදුව ළග හෙව්වේ සෙනෙහේ නොවේද මා....
මතු හිමි නොවුනට කම් නැ ශියාවේ.....
දනිමී පමාවත් මගෙමයි....
නොහෙලූවානම් මා මුලාවේ
අදටත් නුඹේ ළගමයි...

- Plot 23 -Where stories live. Discover now