- 67 -

5K 774 366
                                    

" මියුන් ?? " අරවින්ද්ගේ ඇස් ශොක් එකටම පුපුරන්න ඔන්න මෙන්න .. මියුන්ගේ කොළ පාට ඇස් අරවින්ද්ව හරියට අදුරගත්ත බවක් පෙනුනේ නැ .... එයා ඇදෙන් බිමට බැස්සේ අරවින්ද් විතරක් නෙවේ ගවීෂ් පවා කෝකටත් අඩියක් පිටිපස්සට තියද්දි....බර්ඩ්‍රොමිඩා කෙනෙක් ගැන එයාලා අහල තිබ්බ පුරාවෘත්ත එකක්වත් සුලුවෙන් තකන්න උරුමයන් දෙකටම නම් අදහසක් නොතිබුන තරම්....

" ගවීෂ්.... දෙය්යන්ගේ නාමෙට මේකා බර්ඩ්‍රොමිඩා කෙනෙක් !!!!! " අරවින්ද් උගුරෙන් කැගැහුවේ කෝකටත් වගේ එයාගේ වටේ තිබ්බ වාතය එකතු කරගෙන..... ගවීෂ් පවා එයාගේ බර්ඩ්‍රේන් බල ජාන ශක්තිය එකතු කරගත්තත් ෆයිට් කරන්න තඹ සතේක අදහසක් මිනිහාගේ ඔලුවෙ නම් නැ.... අනික කොහෙද, එයාට එයාගේ බලේ සම්පූර්ණයෙන් දැනෙන්නෙත් නෑ කියලා ගවීෂ් ඉක්මනින්ම තේරුම් ගත්තේ තවත් අඩියක් පිටිපස්සට තියන අතරෙ...

"  අ...අපි.... මො.මොකද....කරන්නෙ... ? "  අරවින්ද්ට වචනත් පැටලෙනව....

" මං දන්නැ... " ගවීෂ් කෙටියෙන් උත්තර දුන්නේ මියුන්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන්.. ඇයි ඒ... ඒ ඇස් හරිම හිස්.... නිකන්.... කිසිම දෙයක් නැ... ලොකු වෙනවා පොඩි වෙනවා... එයාට හැගීම් නැති ගානට... !!

" යකො...මූ එළියට ගියොත් මොකද වෙන්නෙ  ??? මුට ඇටෑක් කරන්නත් බෑ මෙක උගේ බලය උපරිම වෙන වෙලාව.. " අරවින්ද් කිව්වේ අවිශ්වාසෙන්... ගවීෂ් ඒකටත් නිහඩයි.... ඒත් ඇගම සීතල වෙලා කියල මිනිහට හොදටම දැනෙනව.... මියුන් සන්සුන්, ඒත් සන්සුන්කම ඇතුළේ කිසිම හොදක් නන් උරුමයන් දෙකටම නොදැනුන තරම්....

" මියුන්.... ??? " ගවීෂ් කතා කළේ එයාට කියලවත් අවබෝධයක් නැති ගානට මියුන්ගේ ලස්සන කොළ පාට ඇස් හොදටෝම හිස්....

" මොකද කරන්නෙ ගවීෂ් !!... දැන් මොකද කියහන් කරන්නේ...  !! බර්ඩ්‍රොමිඩා කෙනෙක් !!! ඒකත් මියුන්ම !! මම සීයාට මොකද කියන්නේ ??? !!!!  " අරවින්ද් තාමත් උගුර යටින් කියවනව.....

" පොඩ්ඩක් නහයෙන් අඩන්නැතුව ඉන්නවද කෙල්ලෙක් වගේ !!! එයා මුකුත් කරන්නේ නෑ... " ගවීෂ් කිව්වේ මියුන් තාම එයාලට ගහන්නවත් මෙතනින් එළියට යන්නවත් අඩියක්වත් නොතිබ්බ නිසා... එයා එයා එක්කම ෆයිට් එකක් ,.. ලොකු වෙන කණිනිකා... නළල රැලි වැටෙන ලිහිල් වෙන විදිය.... එතන මොකක්ද වෙන්නෙ ?

- Plot 23 -Where stories live. Discover now