- 111 -

5.8K 745 719
                                    

එක දිගට වුන කලබල ගොඩකට පස්සේ, පහුගිය කාලය පුරාවට සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ ගිලිලා තිබ්බ බන්ෂ් එක අද ආයෙම ඝෝෂාවලින් පිරිලා ගිහින්.. ඒ වෙන මොකටවත් නෙවේ , ඩ්‍රොමිඩා ප්‍රධාන පෙළ උරුමය අරවින්ද් ශනාර්ග ආශාක්‍යසිංහගේත් , මෙවීනා අයාන්දි ආශාක්‍යසිංහගෙත් විවාහ ගිවිස ගැනීමට.... වැඩිමනත් එක්කලා පහු ගිය දවස්වල වේඝර්ණාරච්චි පෙළපත පැත්තෙන් ආරංචි උන විස්තර උත්සවේ හැමෝගෙම කටවල් අග රැදෙන උණුසුම් ආරංචි වෙලා ඉවරයි ....

පවුලෙන් නෙරපපු මෙතුල වේඝර්ණාරච්චිගේ අතුරුදහන් වීම , ආර්ය වේඝර්ණාරච්චිගේ සිව්වෙනි පරම්පරාවේ සිගිත්තා ගැන අනාවැකි , සහය පෙළ මැදුර උණුසුම් විදියට පිළිගත්ත ආර්යගෙ බාල මිණිපිරී ආශදි වේඝර්ණාරච්චි , ඒ අතරෙම වේඝර්ණ උරුමයට සහය පෙළට ඇතිවුන හිමිකම , ළමයා කාගේද , දරු දුකට පැනලා ගිය වේඝර්ණ උරුමය මාස්ට ගවීෂ් තිමෞර්ය වගේ මාතෘකා මේ වෙද්දි ඩ්‍රොමිඩා යොරෙල්ස්ලා අතර පැතිරිලා ගිහින් ඉවරයි .... හැමදේම එක්ක වේඝර්ණාරච්චි මැන්ශන් එක පිටතින් මළගෙයක් වගේ නිහඩ වුනේ , ආශාක්‍යසිංහ පාර්ශවය ඒකටත් හරියන්නම උත්සවේ සැමරුම් පවා දෙගුණ තෙගුණ කරද්දි....

එකත් එකටම ආශාක්‍යසිංහලා කලාකාමී මිනිස්සු කියලා හිතෙන්නෙ මුන්ගේ එන්ගේජ්මන්ට් සෙරමනිස් දැක්කම.. අරවින්ද්ගේ බැන්ක්වෙට් එක ප්ලැන් කරලා තිබ්බේ තනිකරම ආශාක්‍යසිංහ කියල කියන්න පුළුවන් කැලැවක් මැද්දෙ.... කැලැවක් වගේ, වනාන්තරෙ ව්ගේ කියල අපේ ගවීෂ් මේ ඉරිසියාවට කිව්වට , බන්ෂ් එකේ හරිම නෝමල් විදියේ ඩෙකරේශන්ස්වල පවා තිබ්බේ අමුතු ලස්සනක්.... ඇත්තටම එයාගේ එන්ගේජ්මන්ට් එක දවසේ තිබ්බ ටෙන්ශන් එක මෙතන නැ කියලමයි, ගවීෂ්ට හිතෙන්නේ.... ඒ ආශාක්‍යසිංහ ඉහළ පෙළේ හොදකම නිසා නෙවේ.. සමහරවිට මේ ගොනා , ගොන් කරත්තෙට කරගහන්නේ මාර ආසාවෙන් නිසා වෙන්න පුළුවන් .....

අරවින්ද් , උගේ එන්ගේජ්මන්ට් එකට කලින් කොහොම හරි සම්පූර්ණ කරපු එක දෙයක් තිබ්බා...ඔව් , මෙතුල වේඝර්ණාරච්චිව හොයාගත්‍ත එක... අහ් !! සමහරවට හරියටම කිව්වොත් මෙතුල වේඝර්ණාරච්චිව හංගලා තිබ්බ තැන *අහම්බෙන් වගේ* හොයාගත්ත එක.... හැබැයි මේමයි හොයාගත්ත කිව්ව්ට සුදු මාමව එතනින් එළියට අරන් තිබ්බේ චූටි මාමා... අරවින්ද් කළේ එයාලගේ වත්මන් ලොකේෂන් එක වලෝර දෙවොල කියල හොයාගත්ත එක..... සුදු මාමව හම්බුනාම ගවීෂ්ගේ ඊළග් ප්ලැන් එක උනේ පුළුවන් තරම් ඉක්මනට සුදු මාමව බලන්න යන එක.... ඒත් අපරාදේ කියන්න බෑ එයැයිව බූත බංගලාවට එක්කන් ආව එකා ඒකට තදින්ම විරුද්ධ උනේ එයා කියන දේ අහන්නැති බව දන්න නිසාම ඩියෝන්වත් ඇපේට අල්ලගෙන .... අන්තිමට සීයා එයාව මරන්න වගේ හොයන නිසායි, සුදු මාමා බේරගත්ත එක එයාගේ වැඩක් කියල හිතන නිසයි ඩියෝන් දාපු දැඩි වාරණ ටික අකමැත්තෙන් උනත් පිළිගන්න ගවීෂ්ට සිද්ධ උනා.... ලොකු අව්ලක් නැ කිව්ව්ට සුදු මාමාගේ නළලෙයි අත්වලයි තුවාල තිබ්බ බව ගවීෂ්ට දැනටම ඇහිලයි තිබ්බේ..... එක අතකට අවී මාමායි , අත්තම්මයි ඉන්න නිසා එයාට බයක් නැහැ, සුදු මාමා ගැන තියෙන බැදීමට එන වදවීම හැරුනම....

- Plot 23 -Where stories live. Discover now