- 102 -

4.6K 747 304
                                    

හේමා ආර්යාවගේ ඇස් මුලින්ම හොරකම් කළේ අවී මාමාගේ අතින් අල්ලගෙන ඇස් පිය ගහන්නෙවත් නැතුව බලාගෙන ඉදපු මෙතුල මාමා.... සමහර විට ඇයගේ ඒ තුරුණු බව මැකිලා යන මූණේ ඕනවටත් වඩා සලකුණු තිබුනා අවිනාශ්ට උනත් ඒ කවුද කියලා අදුරගන්න.... ඇරත් , මෙතනින් ඇය වේඝර්ණ මැදුරේ ජිවත් උන අතීතය මතක තිබුනෙ බර්ඩ්‍රේන් යොරෙල් කෙනෙක් උන අවිනාශ්ට විතරමයි....

" මැඩම් ?? " අවි මාමා කිව්වේ පුදුම තරම් කම්පනයෙන්.... කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් උන වේඝර්ණ ආර්යාව ගාවදි එයාගෙම බාලම පුතාගේ අතින් අල්ලගෙන ඉන්න එක ගැන දැනුන කම්පනයටම අවී මාමා එයාලගේ පැටලිලා තිබ්බ අත් පිටිපස්සට ගන්නවත් ගවීෂ් බලාගෙන.. ඒත් එයා පවා නිශ්ශබ්දව බලන් ඉදියේ ඉවසීමෙන්....

" අවිනාශ් යාදව් ?? මිගු යාදව්ගේ කොල්ලා .... ඒ ඔයාද පුතා ? " ඇය ඇහුවේ , මේ ඇය හොයාගෙන ආවේ කාවද කියලා අනිත් අයට තේරුම් යද්දි.... එතකොට ආර්යාව ආවේ අවි මාමාව හොයාගෙනද ?

" මැඩම් ....? " අවී මාමා තවමත් පැටලිලා.....

" ටයිඩ්‍රැක්ස් එක ඔයාගේද පුතා දැන් ? පහළට ආවමයි සිද්ධ උන දේවල් දැනගත්තේ.... ම්ම්... ඔයාව මුණ ගැහෙන්න නම් තමයි ආවේ.... ඒත් --- " ඇගේ ඇස් එල්ල උනේ අවී මාමත් එක්කම ඉදපු මෙතුල මාමා දිහාවට...

සුදු මාමා තවමත් ඉන්නේ සෑහෙන කම්පනයකින් බව ගවීෂ්ට පේනව... ඇරත් අත්‍තම්මා මේ කිසිම දෙයක් දන්නෙත් නැහැනේ....ගවීෂ් අරවින්ද් දිහා බැලුවේ එයාට හාට් ඇටැක් එකක් නොඑන්න ඒක කියාගන්න විදියක් හොයාගන්න....

අනිත් අතට මෙතුලත් ඇස් ඒ හුරු පුරුදු මූණ ගාව තවමත් ළතවෙන්නේ හිතට දැනෙන හුරුකම නිසාමයි ... ගවීෂ්ගේ පළවෙනි කැගැහීමෙන්ම ඒ කවුද කියලා එයා අදුරගත්තත් තවමත් මෙතුලට තියෙන්නෙ අවිනිශ්චිත ගතියක්.... එයා තමන්ව වදපු අම්මාව මුණ ගැහෙන පළවෙනි වතාව !! අවුරුදු විසි හතකට පස්සේ....!!

" මේපල්... ඒ ඔයාගේ.... " අවිනාශ් හිමින් මිමිණුවේ මෙතුල තවත් අවිනාශ්ගේ අත තද කරගද්දි..... එයා දැනටම ඒක දන්න බව තේරුන අවිනාශ් ඉක්මනින්ම නිශ්ශබ්ද උනේ එයාව සන්සුන් කරගන්න පිටට තට්ටුවක් දාලා..... කොහොමටත් කිරි ඇරෙන්නත් කලින් මෙතුලගෙන් ඈත් වුන ඇයට මේ සැලසුම් නොකල හදිසි හමුවීම තරමක කම්පනයක් වෙන්නම ඕනේ.....

- Plot 23 -Where stories live. Discover now