- 91-

4.7K 765 428
                                    

" කොහෙද මේ...."

" ෂ්ස්....සද්ද කරන්න එපා ... වරෙන්..." ගවීෂ් කිව්වෙ ඩියෝන්ගේ අතින් ඇදලා ඌව ටෙන්ට් එක ඇතුළට තල්ලු කරන ගමන්....

ගවීෂ් ෂේප් එකේ ඩියෝන්වයි වාශිත්වයි ඇතුළට යවලා එයත් ටෙන්ට් එක ඇතුළට රිංගගත්තේ ටෙන්ට් එක ඇතුළේ ඉදපු සේරමලා හොල්මන් දැක්ක ගානට බලාගෙන ඉද්දි.. මගුල හත් දෙනෙක්ට හැරෙන්න ඉඩක් තියෙද කියහන්කො මේක අස්සේ...

'' බලන් ඉන්නේ ?? වාඩි වෙයන් ඉතින්.....'' ගවීෂ් කිව්වේ වේඝර්ණලාව යන්තං වාඩි කරව ගන්න අතරේ.. මූණට මූණ ආශක්‍යසිංහලා - වේඝර්ණලා ...... අරවින්ද් , මියුන් , සනෝශ් , තනෝශ්...  මේ පැත්තේ ගවීෂ් , ඩියෝන් , වාශිත්....

'' කැගහන්න එපා හරි ? ගැනු ළමයි ඇහැරුනොත් හෙන කේස් එක ඊළගට... '' තාම මොනව ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉදපු පොඩි උන්ට සැර කරපු ගවීෂ් , වාශිත්ව එයාගේ ඔඩොක්කුවට අරගත්තේ ටෙන්ට් එක දැනටම හොදටම පැක් වෙලා තිබුන නිසා...

මියුන් , අරවින්ද් කෝමටත් කලබලයක් කරන්නැ.... පොඩි එකා ඉතින් ගවීෂ් කියන එකකට හෝය්යා...
ප්‍රශ්නේ තියේනේ ට්වින් ඩබලයි , ඩියෝනුයි ඇවිලුනොත් තමයි... ගවීෂ් දිහා ටික වෙලාවක් ප්‍රශ්නාර්ථයකින් බලාගෙන ඉදපු ඩියෝන් මුකුත් නොකිය ඉතිරි වෙලා තිබ්බ එකම හිස්තැනින් වාඩි වුනේ, එහා පැත්තට සෙට් වුන සනෝශ් විසබීජයකින් ඇත් වෙනවා ඩියෝන්ගෙන් එහාට යද්දි.. තනෝශ් මේ මාරුවෙන් මාරුවට බලන්නේ ටෙන්ට් එක අස්සට රිංගගත්ත වේඝර්ණලා දිහායි , උන් සේරටම ඇතුළට එන්න දිලා බලාගෙන ඉදපු අරවින්ද් අය්යා දිහයි...

අවුරුදු දහස් ගාණක් තිස්සේ , උතුරට දකුණට හුළගට ඇරෙන්න හුවමාරුවක් නෑ කියල දිව්රුම් දීපු වංශ දෙකක , ජීවත් වෙන තුන් වෙන පරම්පරාව... එකම ටෙන්ට් එකක් ඇතුලේ , වෙව්ලන සීතලේ නයිටකට සෙට් උනාම .... !!

ඉස්සර ඉදන්ම මේ කොල්ලො ටික එක්ක ඇනගෙන තියෙන්නේ වතාවක් දෙවතාවක් නෙවේ... දෙගොල්ලො විසින් සදාදරණීය විදියට දායාද කරගත්ත තුවාල කැළැල් තාම දෙගොල්ලොන්ගේම ඇගේ තියෙනවා... ඒම උන්ම මූණට මූණ බලාගෙන වාඩි වෙලා ඉන්නවා කියන එක පොඩ්ඩක් නෙවේ සැහෙන්නම අබූත සින් එකක්..

- Plot 23 -Where stories live. Discover now