- 96 -

6.7K 772 686
                                    

" හාඅ හාඅ හා චුහ්හ් !!! " ගවීෂ් හචිං එක ඇරියේ නිදිමතේම ඇස් පොඩිකරන ගමන්... ජනේලෙන් පේන පිනි බිංදු වැටෙන ලස්සන කොළ පාට තැනිතලාවේ උඩින් පායල තියෙන වළාකු ---- බුදු අම්මේ රෙද්ද !!!

කොන්ද දිගේ උඩට පැතිරිලා ආවේ ඇවිලිලා ගිය ගතියක්... අහ් ශිට් !!  ගවීෂ් එහෙමම ඇස් පියාගත්තේ උගේම නළලට අත තියාගෙන.... වෙලා තියෙන ආපදාව බලන්න එයාටම හය්යක් නෑ.... අනික කොහේ කියලා බලන්නද ? එයාගේ ඇග වටේ සම්පූර්ණයෙන් ඔතලා තිබ්බ බ්ලැන්කට් එකට උඩින් මියුන් එයාව ආයේ වතාවක් පරිස්සමට ඔතාගෙන තිබ්බේ කොල්ලාගේ අත් දෙකෙන්.....  එහෙන් මේ මල් පිබිදෙන උදේ පාන්දර ආයෙ පිබිදෙන්න දගලන......--  නෑ ඕන්නැ... ....

" ඕයි !! " ගවීෂ් කතා කලේ ඇස් අරින්නෙවත් නැතුව... මේ වෙද්දි පරම්පරා දෙක අවදිවෙල නම් දෙන්නම ලෙෆ්ට් !!  මියුන් සද්දයක් නෑ... ගවීෂ් යන්තන් ඔළුව හැරෙව්වේ මියුන් දිහා බලන්න......

මියුන්ගේ දිග ඇස් පිහාටු සැහෙන සැනසිමකින් පියවිලා...වැඩියෙන් විස්තර කළොත් කම්මුල් පවා තාම රතු පාටයි.. ජනේලේ අතරෙන් එන ඉර එළිය කෙලින්ම වැටිලාමදෝ කොණ්ඩේ පාන් දුඹුරු පාටින් දිලිසෙනවා.. මිනිහගෙම වචනවලින් වගේ උපමාලංකාරයක් දැම්මොත් , එයාව පුච්චන්න හදන ඉර එළියට පිළිවෙලකට පිච්චෙන බටර් පාන් ගෙඩියක් වගේ... ළගින් පොඩියට බටර් කැරොල් සුවදකුත් එනවා.... මේ වගේ දෙයක් දැක්කම කරන්න හිතෙන්නේ එකම දෙයයි... වෙන මොකක්ද දැනෙන තරමට හව් ගාලා හපන්න ඕන !!!.

මියුන් තාම නිදිමතේ , ඒත් ගවීෂ් හැරුන බව දන්නවා කියලා අගවන්නදො මන්දා මියුන්ගේ රස්නේ අත් ගවීෂ්ගේ ඉණ හරියෙන් ඇදලා ළගට ගත්තේ සැහෙන ඉවසිමකින්.... බ්ලැන්කට් එක අතරෙන් උනත් ඒ අත්වල රස්නේ හොදටම ගවීෂ්ගේ ඇගට දැනෙනවා.... ලැජ්ජ හිතෙන වැඩනේ කරන්නේ දැන් මේකා... ඊව්.. මොකක්ද අර ඊයේ උනේ එතකොට ?  අරකනේ.. ඔව් ඒක තමයි.... මියුන් තව ගවීෂ්ගේ ඉණ වටෙ තිබ්බ ග්‍රහණය තද කලේ නිදිමතේම වගෙ... තව මේම ඉදියොත්.... ගවීෂ් යන්තන් හැරුනේ ඒ හැරිච්ච ඉරියව්වට එක පාර එක එක තැන්වලින් එක එක රිදිලි ඩවන්ලෝඩ් වෙද්දි.... ටව්කම්ඩ දෙය්යනේ පස්ස !!!

" මියුන් ?? ඕයි..අරුන් ඇහැරිලාද දන්නැ.. "

" ම්ම් ? "

- Plot 23 -Where stories live. Discover now