- 118 -

8.3K 910 1.2K
                                    

සැලකිය යුතු තරම් වෙලාවක් තිස්සේ සම්පූර්ණ ඩන්ජන් එකම ලොකු නිශ්ශබ්දතාවෙකින් පිරිලා ගිහින් තිබුනා..... ගවීෂ් වගේම අරවින්ද්ගේ ඇස් යොමුවෙලා තිබ්බෙ කළු ලෝගුවට යටින් මතුවුන නිශ්ශබ්දතාවෙට... ගවීෂ්ගේ ඇස්වල එයාගේ සැකය ගැන පැහැදිලි විශ්වාසයක් තිබ්බා වගේම අරවින්ද්ගේ වේදනාව කාගත්ත ඇස් එල්ල වෙලා තිබ්බේ ලෝගුකාරයාගේ බෙල්ලට වෙන්න වැටිලා තිබ්බ වේඝර්ණ උරුමයේ මාලේ දිහා... එයාගේ ඔළුව වැඩ කරන්නේ ඒ මාලේ අතට ගන්න පුළුවන් විදියක් ගැන විතරමයි.....

" ඇයි නිශ්ශබ්ද චූටි මාමේ ? " ගවීෂ් ආයේ ඇහුවේ කට අයිනෙන් ඇදුන සමච්චල් හිනාවක් එක්ක.... ගවීෂ්ගේ වචනත් එක්ක අරවින්ද් ගැඹුරු හුස්මක් ගත්තේ එයාගේ අනුමානය පැහැදිලිව තහවුරු උන නිසා... ඒත් එතන තිබ්බේ නිශ්ශබ්දතාවයක් විතරමයි....

ගවීෂ් අමාරුවෙන් නැගිටලා ගල් කණුවට හේත්තු උනත් අභිරහස් පාර්ශවයෙන් කිසිම විදියකින් උත්තරයක් එයාට නොලැබුන තරම්...ඒ වෙනුවට එතන තිබුන සම්පූර්ණ නිශ්ශබ්දතාවේ බිදිලා ගියේ එයාල දිහාවට ඇහුන කලබලකාරී අඩි සද්දෙන්... ඒ දිහා ඇහැක් අරල බලන්නවත් ගවීෂ් කරදර නොවුනට මොකද අරවින්ද් නම් සෑහෙන ආවේගෙකින් දම්වැල් ඇද්දේ දැනටමත් සම්පූර්ණයෙන් උළුක් උන කකුල නිදහස් කරගන්න.....

ඉසිවර වේඝර්ණාරච්චි වගේම ප්‍රිවිරු වේඝර්ණාරච්චි ඇවිත් , සවින්ද වේඝර්ණාරච්චිගෙ එහා පැත්තෙන් හිට ගන්නවා අරවින්ද් බලාගෙන ඉදියේ සෑහෙන ආවේගෙකින්... ද්‍රෝහිය.. !!!! අරවින්ද්ගේ තොල් අතරින් මිමිණුනේ ප්‍රිවිරුව දැක්ක ඇසිල්ලෙමයි... ගවීෂ් ඒත් ඒ ගැනවත් වැඩි පුදුමයකට පත් උන බවක් නොපෙනුන තරම්....එයා ඉදියේ එක්කො වේදනාව නිසාම පියවි සිහියෙන් ඈතක.. එහෙමත් නැත්තන් මේ වෙන දේවල්වල වේගය හිතාගන්න බැරි තැනක... අරවින්ද් ගවීෂ් දිහා බැලුවේ ගල් කුළුණට හේත්තු වෙලා ඉන්න ගවීෂ්ට අඩුම සිහිය තියෙනවද කියල විශ්වාසයක් නැතුව... නළල දිගේ හීනියට ගලාගෙන එන ලේ සීරාව මේ වෙනකොටත් ගවීෂ්ගේ කම්මුල් පහු කරලා ඉවරයි... ඉද හිටක අමාරුවෙන් ගන්න වේදනාකාරි හුස්ම ඇරුනම ගවිෂ් සම්පූර්ණයෙන්ම නිශ්චලයි.....

- Plot 23 -Where stories live. Discover now