-45-

4.9K 764 162
                                    

කටවැඩි කෙල්ලට ,

සන්නිවේදනය දියුණු වෙලා නැති , ඔයාලාගේ රතු ඇස් රාජධානියට මට අන්තිමේ දි පරෙයි සන්දේශයක් එවන්න සිද්ධ වුනා එහෙනම් !!.. මට තාමත් හිතාගන්න බැරි , ඔයාගේ අර නහය දිග පිය රජ්ජුරුවන් වහන්සේ ඔයාට කියලා ටෙලිෆෝන් එකක් දෙන්නේ නැති එක ... හරි එක අතකට කටවටේ ගාගන්නැතුව අයිස්ක්‍රීම් කන්න බැරි පොඩි ළමයින්ට මොකට ද ඕවා ? ( අහ්හ් දැන් ඉතින් මං පොඩි ළමයෙක් නෙවේ කියලා අඩි හප්ප හප්ප කෑගහන්නකො පුළුවන් නම්... )

මේ සතියේවත් ඔයාට ඉස්කෝලේ යන්න අදහසක් තියෙනවා නම් , නරක ළමයෙක් නොවී මට ඒ ගැන කලින් කියන්න...

මීට,
අර හීනවල ඉදපු නිල් ඇස් බූතයා.. !!

ප.ලි - මං මේක තිබ්බේ පිටිපස්සේ පාළු ලැන්ටන් එක ගාව.... විශ්වාස කරන්න ඔයාගේ අර වූල් බලු නට්ටා මාව කෑලි කරන්න තිබ්බා !!..

.
.
.
.
.
.
.
.
හිතුවක්කාර බර්ඩ්‍රේන් කෙල්ලට ,

ඔයා ඔය කියන්නේ ඔයාගේ කී වෙනි නංගි ගැන ද කියන්න මට හිතාගන්න බැ!!.. අර කොන්ඩ කරල් දෙකක් ගොතපු හැමතිස්සේම ගහගන්න එන කෙල්ල ද ? නැත්තන් අර අනිත් කෙට්ටු උස කෙල්ල ද ? කවුරු ගැන උනත් , ඔය දෙන්නම එක වගේ භයානකයි ... කොහොම නමුත් අසනීප එයාට නම් , ඔයා ඉස්කෝලේ නොයන්නේ මොකද කියලයි මට තේරෙන්නේ නැත්තේ.... කම්මැලි හොර කෙල්ලට ඉස්කෝල කට් කරන්න හේතුවක් නෙවේ ද ඔය ඕන ?

ඔයා අහන්නේ රක්ත පූජා දවසේ තුවාලය ගැන නම් , ඔව්, දැන් අතට ලොකු ප්‍රශ්නයක් නැහැ... ඔයා මං ගැන වද වෙනවා කියලා දැනගන්න ලැබීම සතුටක්...( දැන් නෑ කියයි !! ) ඒ වගේම මට ඒක ඔයාගෙන් අහන්න බැරි උන එක ගැන ඔයා ලස්සනට මතක් කරලා දුන්නා.. ඉතින් , ඔයාගේ අතට කොහොම ද දැන් ?

මීට ,
හීනවල නෑ කියන ඩ්‍රොමිඩා බූතයා....

ප.ලි - හරි , මමත් එහෙනම් මින් පස්සේ ටයිඩ්‍රැක්ස් එකෙන්ම ලියුම් තියන්නම්... අහ් , මං හිතුවට වඩා ඔයාගේ අත් අකුරු ලස්සනයිනේ ( ඉස්කෝලේ කට් කරලා මෙච්චර දෙයක් කරන්න පුළුවන් ද ? )

.
.
.
.
.
.

නපුරු ඇස්වලින් රවන්නියට ,

- Plot 23 -Where stories live. Discover now