- 68 -

5.6K 775 332
                                    

" තව වැඩි වෙලාවක් නෑ නේද? "

" පැය බාගෙට නන් අඩුයි..." අරවින්ද් උත්තර දුන්නේ පුස්තකාලේ තහනම් අඩවියේ තිබුන පරණ පුස්කොළපොත් දිහා බලන අතරෙ.. එළියේ අකුණු පුපුරනවා ගවිෂ්ට ඇහෙනව.... දැන් නම් විලේජ් එක තරමක් දුරට හරි කලබල වෙන්න ඕනෙ, ඒත් කිසිම වෙලාවක එයාලා බන්ෂ් එකේ  පුස්තකාලෙ තහනම් ගර්භය සර්ච් කරන්නෙ නැති බව ගවීෂ්ට විශ්වාසයි... මියුන් තාමත් එහෙමම එයාගේ ඇගට ගුලි වෙලා... බැනල බැනලම එයා හොද ළමයා වගේ ඉන්නවා තාම...ඒත් ඉදල හිටල නරක වැඩත් කරනව....

කොටින්ම මේ දැන් ඉන්න විදියත් අන්තිම නරකයි.... මියුන් තනිකරම ඉන්නේ ගවීෂ්ට බර වෙලා..... ඉන්නෙ කොහොමද කියනව නන් මියුන් අගලක් එහාට මෙහාට උනත් යටි බඩ දිගේ යන හිරි වැටීමට ගවීෂ් අම්බානෙක අසරණ වුනේ දෙතුන් පාරක් නෙවේ.... සරල වචනෙන්ම කියනව නන් මූ ඇදගෙන ඉන්න ඇදුම් නැත්තන්........ නෑ ඒ ගැන කතා නොකර ඉන්න එක හොදයි....කොහෙද එහාට කරන්නත් බෑ යුධ ප්‍රකාශ කොරනවනෙ.... !! 

" මෙහ්... අපිව හොයනවද දන්නෙ නැ...? " ගවීෂ් ආයෙම ඇහුවේ මේ වගේ වෙලාවක අනිවාරෙන් වේඝර්ණ උරුමයත් ආශක්‍යසිංහ උරුමයත් අතුරුදහන් වෙන එක කොහෙත්ම සාමාන්‍ය නොවෙන නිසා....

" සරලයිනෙ, මම බ්‍රින්ධව් කන්දේ හොයන්න ගියා...උබ හනිමූන් නයිට්.. සරලවම ඒ වගෙ එකක්නෙ වෙන්නෙ මෙතන.... "  අරවින්ද් දැනෙන්න නොදැන්න නෝන්ඩිය අතඇරියේ කාරණේ තිබ්බ ඇත්ත නිසාම ගවීෂ් ස්පීච්ලස් වෙලා කට වහ ගනිද්දි...

" උබ කොහොමද යොවන්දි එක්ක විසදගත්තේ ? "

" අනෙ මන්දා ඕයි .. මම මහ කැත වැඩක් කළා වගේ ....  "

" ඒමනේ කොහොමත්...... උබ ඒකිට සැලකුව විදියෙන් හෝප්ස් තියාගන්නැති ..... ඇයි මතක නැද්ද පෙරහැරේදි එහෙම උස්සගෙනත් ගියේ ??? ** මට මේකිව මහ බරක් වගේ පේනවද උබට බ්ලාහ් බ්ලාහ් ....** අන්තිමට පෙරහැර ඉවර වෙනකන් අනිත් එකා අතුරුදහන්.... "

" යකෝ !! උබට දෙයක් කිව්වම හිත හැදෙන්න මුකුත් කියන්න බැරිද ? " ගවීෂ් නොරිස්සීමෙන් ඇහුවේ බුම්මගෙන අහක බලාගන්න අතරෙ.. ගවීෂ් නහයෙන් පිම්බේ අරවින්ද්ට උනාට අහක යන තොප්පිය ගානට වට්ට ගත්ත මියුන් ඔලුව උස්සල බැලුවේ ඇස් ලොකු කරගෙන.....

- Plot 23 -Where stories live. Discover now