වෙනද වගෙම සන්සුන් නිස්කලංක බවින් අඩුවක් නොතිබුනත් , වෙනදා නැති පාලුවකින් පිරිලා තිබ්බ නිම්නය දිහා බලපු ගවීෂ් කන්ද පීරගෙන එන හුළගෙන්ම ලොකු හුස්මක් අරන් පපුව පුරවගත්තේ , හදවතේ පාළු අරින්න වගේ හැගීමකින්... කොච්චර හය්යෙන්, කොණ්ඩෙත් අවුල් කරන් එහෙන් මෙහාට හමාගෙන යන හිතුවක්කාර හුළගෙම කොටසකින් පපුව පුරවගත්ත පළියට හදවතත් පිරිලා යනවා නම් , අපි ආයේ ආයේ සුසුම්වලට ඉඩ දෙන්නේ ඇයි ?
දවල් වෙලාවේ මෙතනට තනියම එන්න කොහෙත්ම හිතලා නොතිබුනාට , පහළ පේන කොළ පාට නිම්නය, ඈත හිමින් හිමින් මීදුමෙන් වහගන්න කදුපන්තිය අතර මැද , චුට්ටක් විතර බර වුන හදවතක් එක්ක තනිවෙනවා කියන්නේත් හරි අමුතු හැගීමක්... මේ නුපුරුදු තැනක් නෙවේ... ඒත් , ගගේ සද්දෙටවත්, ඇගේ වැදීගෙන යන හුළගටවත් කොහෙත්ම පුරවන්න බැරි අඩුවක් අනිවාරෙන්ම එතන තියෙනවා...
අතේ තිබ්බඩේසි මල් පොකුර පරිස්සමෙන් එතනම බිමින් තියපු ගවීෂ් කොළ පාට තණකොළ ගොඩ උඩට ඇදන් වැටුනේ මූණ පුරාවට එක ක්ෂණිකයකින් හිනාවක් ඇදිලා යද්දි... ඒ හිනාව අමුතු හිනාවක් වෙන්න ඕනෙ, තාමත් සම්පූර්ණයෙන් හොද නොවුන තුවාල පෑරෙද්දි තණ බිස්ස ඒක ආදරෙන් පිළිගත්තට ස්තුති කරන්න වගේ ඇදිලා ගිය.... ඇත්තටම මේ තණකොළ උඩ දැනෙන්නේ ඒ තරම්ම සැහැල්ලුවක්....
සමහර විට භාතිය ආශාක්‍යසිංහ මීට අවුරුදු දහ අටකට කලින් අද වගේ දවසක , මෙතනදි සදහටම ඇස් පියාගන්න ඇත්තේ මේ වගෙ සැහැල්ලු හැගීමකින් වෙන්න ඕනෙ .. සමහර විට නොවෙන්නත් පුළුවන් ... එත් ඉතින් අර වදකාර චූටි කොල්ලව පපුව උඩට හිර කරගත්තම සැනසීමක් දැනුනෙ නැත්තන් තමයි පුදුම....
" .. ඒ කියන්නෙ උබ එතනට කලින් ගිහින් තියේ ? මියුන් විතරයි හරියටම තැන දන්නේ.. මිනිහා එහෙනන් උබව එක්කන් ගිහින් තියේ නේහ් ? පුහ්. අප්පුච්චාට එයාගේ මහා වික්‍රමේ තරම පෙන්නන්න වෙන්නැති.... "
" තමුසෙ මහා ඉරිසියාකාර කතා කියන්නැතුව හිටපන් හරිද... භාතිය ආශාක්‍යසිංහ ඇයි කන්දක් අස්සේ පොඩි එකාව උස්සන් බඩ ගෑවෙ ? එයාලව හොයාගන්න බැරි උනා නම්--"
YOU ARE READING
- Plot 23 -
Fantasyගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සු...