- 83 -

5.8K 762 318
                                    

" යකො තව කනවද ???? " ගවීෂ් ශොක් එකෙන් ආයේ ඇහුවේ මියුන් කටේ පුරොගෙනම ඔළුව වනද්දි... ඇයි දෙය්යනේ දැන් පිගන් කියක්ද !!!

" ඕවත් දාන්න.... නෑ ඕක එපා... සැරයි.... " කටේ පුරෝගෙන තව ඇගිල්ල දික් කර කර උපදෙසුත් දෙනවා ඒ මදිවට... විසාල කරදරයක් උනානෙ මේක...

" අරිනවා කට ! මෙච්චර මාස ගානක් පිටි ගිල ගිල ඉදල... අහන්න දෙයක්ද පිටිගුලියක් වගේ පිම්බෙන එක...!!   " ගවීෂ් සැරෙන් කිව්වෙ මියුන්ගේ කටට බත් ඔබල... අපරාදේ කියන්න බෑ දුන්නම ගිලිනවා කිසි කරදරයක් නැ.. දැන් ආයේ ගියාම අරවින්ද්කාරයගේ ඔලුව කන්න ඕනේ , ඇයි යකො මේ කොල්ලා මාස ගාණක් තිස්සේ කාලා බීලා තියෙන්නෙ පිටි ගුලි !!!  හරිම අගේට හොයලා බලලා තියේ ඌත්.... ප්ෆ්ෆ්ට්.... 

"  මහත් වෙලාද ? " මියුන් ඇහුවේ එයා දිහාම බලන ගමන්...

" යැයි යැයි... කාලා කාලා හවසට බුදිය ගන්නද !! ඔය ඇති දැන්.. " ගවීෂ් කිව්වේ නැගිටින ගමන්... ඒත් මියුන් ගවීෂ්ව නවත්ත ගත්තේ කටේ තියෙන ගුලිය අමාරුවෙන් ගිලගෙන...

" ඕකේ තව තියේනේ... " මියුන් පිගානට එබුනේ ගවීෂ් ඇස් රෝල් කරලා තිබ්බ අන්තිම කටත් එකතු කරලා මියුන්ගෙ කටේ ඔබද්දි... බලහන් බලහන් !! කොල්ලව බලන්න ඇවිත් අන්තිමට උනේ බේබි සිටින් කරන්න.... අලි බබෙක්ව නලවන්නයි....අලි බබෙක්ට කවන්නයි..... මියුන්ට එහෙමම ඉන්න ඇරලා බැල්කනියෙන් ආයේ ඇතුළට ගිහින් මිනිහා පිගානත් හෝදලා අතත් හෝදගත්තේ කාලා වැඩි නිසා ගුඩුස් එකකුත් අරින අතරේ....

කිචන් එකේ වටයක් හැරුනම බලන්න පුළුවන් බිහන්ඩ්ද සීන්ස්.... ඒක දැක්කම කකුල් දෙක පණ නැතුව යනවා.... මුලු කුස්සියම ඩෙගා නටලා.... අනන් මනන් සේරම ඇදලා දාලා , බිම වතුර එකයි.... හරියටම කිව්වොත් බිමට කුඩා තත්වයේ ගංවතුරක්.... හොට් ප්ලේට් එකේ තියපු භාජන දෙකේ ඉතිරිවෙලා තිබ්බේ කහ වැඩි අල හොද්දේ අඩිය විතරයි  කියලා දැක්කම ගවීෂ්ගේ හිනාව පුපුරලා ගියේ ඌ පැන්ට්‍රියටම හේත්තු වෙලා හය්යෙන් හිනා වෙද්දි.....

කෑවේ මොනවද කියලා ඌවත් දන්නෑ.... මියුන් වගේ නඩත්තු  කරන්නම විතරක් බූදලෙන් සැලකිය යුතු ගානක් යන මනුස්සයෙක්ට අඩිය අල්ලපු කහ වැඩි අලහොදියි, ලුණු නැති බිත්තරයි ,  ළූණුයි, අමුමිරිසුයි දාලා එක වේලක් හරි කැව්වා කියන්නෙම කොච්චර ජයග්‍රහණයක්ද මිනිහො ?? ගවීෂ් ආයේ හිනා උනේ , කිචන් ටයිල් එකටත් අතින් ගහන ගමන්... ඒත් ඒක උයන්න නටපු ඩෙගා හැටියට මේක අස් කරන්න ඕනෙ කියලා මතක් වුනාම තමයි තනි ඇහැට ඇඩෙන්නේ..... ගවීෂ්ගේ හිනාවට මියුනුත් එබිලා බැලුවේ කුස්සියේ තිබ්බ දර්ශනයට තොල් තද කරගෙන.....

- Plot 23 -Where stories live. Discover now