- 53 -

5.4K 779 106
                                    

" මැණිකේ මම ආයෙ ගෙදර එනව...යෝ මැණිකේ මම - !!!...."

ගවීෂ් සින්දුව මහ හය්යෙන් බෙරිහන් තියන ගමන් සුදු මාමගේ සාලෙට කඩන් වැදුනේ කොහෙත්ම අවිනාශ්ගේ නෝන්ඩි බැල්ම බලාපොරොත්තුවෙන් නම් නෙවේ !!!...  මේ මොකො මේ ඩබලත් මෙහේ ??? අහ් මේ එයාලාගේ ගෙදරනේ ... හෙහ්... අහ්හ්හ්හ් මේ දෙන්න කැෆේ එක වේලාසන වහල ගෙදර ඇවිත්ද එතකොට ?? අහ්හ් සුදු මාමත් ඉන්නව... මදැයි හිතුවේ අරූ විතරක් ඇති කියලනෙ...

"අහ්හ්හ් ආවද ?" සුදු මාමා ඇහුවේ ගවීෂ් අත් දෙකටයි කරෙයි හැම තැනම එල්ලන්, උස්සන් ආපු බඩු මලු පැත්තකින් තියද්දි....ආයේම එළියට ගිහින් මිනිහා තවත් තඩි මළු දෙකක්ම උස්සන් එනකං මෙතුල බලාගෙන ඉදියේ නිකටට අත තියන්..... මූ පැනලා යන්නම බඩු උස්සන් ඇවිත්ද කොහේ... හෙන බඩු ගොඩක් ඇද්දා වගේ අත් දෙකත් ගසලා, කලිසමත් උස්සන ගමන්ම මිනිහා හැරුනේ අනිත් තුන් කට්ටුව දිහාවට....

"අපෙ අප්පේ, මයේ පෙම් කැකුල ඔය මොනාද බොන්නෙ... ?"

ගවීෂ් ඇහුවේ මේසේ උඩට වාඩි වෙලා සුදු මාමාගේ කසාය එක අතේ තියාගෙන ඉදපු මියුන්ගේ බෙල්ලට අත දාන්න හිතාගෙන උනාට, මිනිහා අත දාන්න කලින්ම මියුන් උගෙ අත එහාට තල්ලු කලේ අවිනාශ්ගෙයි මෙතුලගෙයි හිනාව හෙන සද්දෙන් පුපුරල යද්දි....

" බුදු අම්මෝ අවී... " මෙතුල අවිනාශ්ටත් ගහල හිනා වෙනො බලල මූණ ඇද කරපු ගවිෂ් මියුන්ගේ එහා පැත්තේ පුටුව පස්සට ඇදල වාඩි උනේ මියුන්ටත්  හැටට හැටේ රවන ගමන්... ඉදල ඉදල පොඩ්ඩක් සොමැන්ටික් උනාම මෙතන... හ්හ්.. එක්කෝ ලැජ්ජද කොහේ , ඒකනෙ කන් දෙක එච්චරටම රතු උනේ ... මියුන් බිම බලාගත්ත විදිය නිසාම ගවීෂ් හිතුවේ නිකටට අතත් තියාගෙන මියුන් දිහාම බලන ගමන්... තනියම ඉන්න වෙලාවට නම් ඕකා ඕම නැ අපෙ හාමුදුරුවනෙ.... !!

"දැන් අඩු ද පාහරයෝ...අම් ? " ගවීෂ් නොසැලී ආයෙත් ඇහුවේ මියුන්ගේ මාරන්තික බැල්ම නොසලකා, යන්තන් රතු වෙලා තිබ්බ කන් පෙත්තත් ආයේම ඇගිලි දෙකෙන් අල්ලා මිරිකන ගමන්... මියුන් ආයේම උරහිස අකුළලා ගවීෂ්ගේ අත පැත්තකට කලේ ගවීෂ් හිනාව තොල් අතරේම තද කරගනිද්දි.... අනේ වාසනාවන් ඉතින් මේ මූණ... බහිරව පිළිමවත් මෙච්චර ලස්සන නෑ !!.... සුදු මාමා ඉන්න නිසා ලැජ්ජාවටනේ ඔය... හහ්.. දැන් ඉතින් ප්‍රසිද්ධියේ අතවර කරත් ඉවසන්න වෙනවා කොල්ලො...

- Plot 23 -Where stories live. Discover now