- 106 -

4.4K 727 330
                                    

සාමාන්‍ය ආලොකයත්, වාතාශ්‍රයත් අඩුවෙන් ලැබෙන ,වේඝර්ණ මැන්ශන් එකේ අදුරු ඩන්ජන් එක සම්පුර්ණයෙන්ම වගේ නිහඩතාවයක ගිලිලා.... ගවීෂ් තාමත් අවිනිශ්චිතව උනත්, කෙලින් හිටගෙන බලාගෙන ඉදියේ සීයා දිහා... ඊයේ ඩිනර් එකේදි සීයාගෙ තිබ්බ අසාමාන්‍ය සන්සුන් ගතියත් එක්ක අද එයාට උදේ පාන්දර ඩන්ජන් එකට කැදවිම ලැබෙනකොටම ගවීෂ් පහළට බැස්සේ ඕනෙම දේකට ලෑස්ති පිට... ඒත් එයාගේ ඉස්සරහා කකුලක් පිට කකුලක් දාන් ඉදපු සීයාගේ ඇස්වල තියෙන්නෙ අධම- සන්සුන් පෙනුමක්... ඉතින් ඒ ඇස්වල ඊළග තීරණය කල් ඇතිව කියන්න අමාරුයි වගේම දරුණුයි......

" ගවීෂ්ට මම එන්න කිව්වේ ඇයි දන්නවද ? " ආර්ය වේඝර්ණාරච්චි ඇහුවේ එයාගේ තේජ්ස පිරුන ඉරියව්ව මාරු කරලා සුවපහසු ඉරියව්වකට එන අතරේ... 

" නෑ සීයේ... " ගවීෂ් උත්තර දුන්නෙ ස්ථිර හඩකින්.....

" වාඩි වෙන්න පුතා... " සීයාගේ මේ ඕනවට වඩා සන්සුන් කටහඩ ඇත්තටම ගවීෂ්ව තවත් සීතල කරවනවා... ඒත් එයා වෙනසක් නොපෙන්වාම සීයාගෙ පැත්තේ තිබ්බ සෝෆා එකෙන් වාඩි උනේ කකුල් දෙක පිළිවෙලකට ළගට අරගෙන.....

" පහුගිය දවස්වල වැරදි ගොඩකුත් උනානේ..... "

" මට සමාවෙන්න සීයේ... " ගවීෂ් හිතට විරුද්ධව ඒ හිස් වචන මිමිණුවේ අත මිට මොළවගෙන .... කොහොමටත් මේ දවස්වල ගවීෂ් සෑහෙන තරමින් නිහඩයි.... ඉදල හිටල හරි කටින් පිට වෙනවා නම් ඒ මේ විදියේ හිස් වචන විතරයි .... ඒ වගේම මේ දවස් ටිකේම ගවීෂ් ඉදියේ රූම් එකේම විතරයි .. කොටින්ම එළියට බහින්න තියා මියුන් මොනවා කරගත්තද කියලවත් හොයන්න තරම් කොල්ලා ඉදියේ සිහියක නෙවෙයි... දවස ගෙවෙන්නෙ කොච්චර ඉක්මනින්ද , හෙමින්ද වෙලාව යනවද නැද්ද දන්නැති කාල රික්තකයක හිර වෙලා වගේ.....

මියුන් විතරක් නෙවේ මේ මැන්ශන් එකේ අනිත් හැමෝම පවා එයාට තරමක් දුරට මගඇරුන බව ගවීෂ් දන්නවා.. මේ අපායෙන් ගැළවෙන්න තිබ්බ එකම බලාපොරොත්තුවේ බාගයක් තිබ්බේ අරවින්ද්ගෙ කර උඩ... ඉතින් දැන් ඒ එකම බලාපොරොත්තුවත් නිකන් පැත්තක් කඩන් වැටුන වහළක් වගේ...  කවදාවත් තනි කණුවක් උඩ වහලක් ගහන්න බෑ වගේ තවදුරටත් මේක අල්ලන් ඉන්නවද නැද්ද කියන්න ගවිෂ්ට විශ්වාසයක් නැ.... දැනට පවා එයා සීයා දිහා බලන්නේ තමන්ගේ විශ්වාසේ බිදුන ඇස් සීයාගේ මූණට ගේන තෘප්තිමත් වියරු හිනාව නොදැක්ක ගානට.....

- Plot 23 -Where stories live. Discover now