- 124-

9.8K 949 1.4K
                                    

ට්‍රයිඩ්‍රැක්ස් එක ළග ඉදන් ගග දිගේ තියෙන ගුරු පාරේ ගවීෂ් නිවීසැනසිල්ලේ ඉස්සරහට ගියේ අත් දෙකත් බැදගෙනමයි....වටේ තරංග සීල් කරගෙන ඉදියට මොකද , එයාට පේන මානෙන් තනියම ඇවිදින මියුන්ව ගවීෂ්ට හොදටම පේනවා.... මෙලො සිහියක් නැතුව අහස දිහා බලාගෙන , සමහර වෙලාවට නැවතිල  ගග දිහා බලාගෙන.... සෑහෙන පාළුවෙන් වගේ හුළං වැදි වැදි ..... ගල් දෙකක් අරගෙන පොඩි එකෙක් වගේ උඩ දදා!!...එක අතකට ඒකා ඇතුළේ අමුතුම මගඇරුන පොඩි එකෙක් ඉන්නවා...

මියුන් කවදාවත් සාමාන්‍ය වෙලාවල්වලදි එයාගේ බලයන් පාවිච්චි නොකළට මියුන්ට ඒ ගැන හොද අවබෝධයක් තිබ්බ බව ගවීෂ් දන්නවා... හරියට කොල්ලගේ අතේ තියෙන මල වගේ.... රෑට ඇකිලිලා යන මල මියුන්ගේ අත උඩ පරිස්සමට පෙති දිගඇරිලා.... ඇරත්, මියුන් වටේ ගස් කොළන්වල පවා තියෙන්නේ හරිම අමුතු රිද්මයක්... මියුන් තනියම ඉන්නවෙලාවට ඒ හැගීම විදින්න අමතක කරන්නෑ ලේසියට....

ගවීෂ් දැන් ටික වෙලාවක ඉදන් මේ පරතරය තියගෙනම මියුන්ව ෆලො කරන්නේ මේ විකාර සේරම ටික බලාගෙන.... කොච්චර සද්දේ දැම්මත් මොකද අන්තිමට ලෙවින්ගේ කන්කරච්චලයෙන් බේරෙන්න තමා ගවීෂ් මේ මියුන්ව හොයන් පාරට බැස්සේ..... මැරෙන්න හැදුවනේ බැන්නා ගගා !! ඒත් වැඩිවෙලාවක් නෙවේ කොල්ලට මියුන්ගෙන් හැංගිලා ඉන්න උනේ... මියුන්ගෙ හරිත ඇස් කෙළින්ම විදියේ පිටිපස්සට එල්ල වුනෙ ගවීෂ්ව ඉලක්ක කරගෙන... හරියට එයාව ෆලෝ කරපු බව කලින්ම දැනගෙන ඉදියා වගේ නිශ්චිත බැල්මක්.... ගවීෂ් සාක්කුවලට අත් දාගෙනම නැවතුනේ මීටර් දහයක විතර පරතරයක් තියාගෙන....

ඉස්සර , යාදම් එක කාළේ මේ විදියට මෙතනදිම වගේ මියුනුයි එයායි නැවතිලා ඇස් දිහා බලාගෙන ඉදිය බව ගවීෂ්ට මතකයි... මියුන්ගේ තනි කළු ඇස් එක්ක , රතු ඇස් පටලගන්න හදපු එදායින් පස්සේ ..... අද ඒ පුදුමය පිරිලා ගිය කොළ පාටින් පිරිලා ගිය ඇස් දිහා ගවීෂ් බලාගෙන ඉදියේ සන්සුන්ව... ගවීෂ් ආයේ එයි කියල බලාපොරොත්තු නොවුනත් ඒ ඇස්වල ඒකට ඇති තරම් සතුට ප්‍රකාශ වුනා...  ඒත් මියුන්, ආයේ ඉස්සරහ හැරුනේ තමන්ගේ පාඩුවේ.... මියුන්ට කලින් තද උන විදියට ඒක වෙලාසන අනුමාන කරපු ගවීෂ්නුත් මියුන් ගාවට දුවන් ආවේ , එහෙමම නැවතිලා කොල්ලගේ ඉණ වටේ අත දාගෙන ළගට ඇදලා අරගෙන... ගවීෂ්ගේ ඇස්වල තවමත් තියෙන්නේ අමුතු නපුරුගතියක් කියල නෝට් කරගත්ත මියුන් ගවීෂගේ අත අයින් කළේ පාඩුවේ..... ඒත් ඊළග සැරේ ගවීෂ්ගේ අත නැවතුනේ මියුන්ගේ ඉණ ගාවින්... මියුන්ව තදින් අල්ලගෙනම ගවීෂ් කොල්ලගේ ඇස්වලට එබුනේ අභියෝගාත්මක විදියට... ගවීෂ්ගේ අඩ මත් ගතිය හරියට පේන්නේ එතකොට... ඒක අමුතුම විදියක ආධිපත්‍යයක් තිබ්බ ඇස් දෙකක්...මියුන් දෙවෙනි සැරේටත් අත එහාට කළේ , ගවීෂ් තුන් වෙනි සැරේටත් කොල්ලගේ ඉණෙන් තද කරද්දි...

- Plot 23 -Where stories live. Discover now