- 43 -

5.6K 839 73
                                    

'' දැන් තමුසේට නිකමටවත් හිතෙන්නැද්ද උබ ඕම ඉන්න එක මට වදයක් කියලා ? '' මියුන් මෙච්චර වෙලා තිබ්බ නිශ්ශබ්දතාවේ බිදලා ඇහුවේ ගවීෂ් මෙච්චර වෙලා බෙල්ල බදාගෙන මොන මගුලක් කරනවද කියලා හිතාගන්න බැරුව....

'' වදයක් උනත් මොකද.. !! තමුසේටනේ.. ''

'' දැන් රෑම මෙතන ඉන්න අදහස.. ? ''

'' තමුසේට අඩුවයසින් ගලකින් වැටිලා ඒම මැරෙන්න ආස නං ටෝච් එකත් පලයම්.. මං හෙළවෙන්නෑ.. !! හාාාචුහ් !!!  '' ගවීෂ් විශ්වාසෙන් කිව්වේ හතර වෙනි හචිං එකත් යවන ගමන්...

''  මීට පස්සේ තමුසේ එක්ක රෑක පිනී බාන්න කලින් දෙපාරක් හිතනවා !!! '' මියුන් ගෙරෙව්වේ හචිං එකෙන් එයාගේ මූණටම විසිවුන ගවීෂ්ගේ කෙළ නිසා .... හේ හේ.... කටට අත තියන්න ඉතින් අත ළග නෑනේ මොනා කරන්න ද ...

'' මං ඇත්තටම අහන්නේ තමුසේගෙන් !! උබව හොයන එකක් නැද්ද ? '' මියුන් ආපහු ඇහුවේ ගවීෂ්ව ටිකක් එහාට කරන ගමන්....

'' සීයා නෑ අද ... ඇයි උබට හෙට ක්ලාස් එකක්වත් තියේද ? '' ගවීෂ් මූණත් ඇද කරගෙන ඇහුවේ මියුන් දැන් දෙතුන් පාරක්ම යන්න අදහසක් නැද්ද කියලා අහපු නිසා....

'' තමුසේගේ ඔළුව හොද නැද්ද ? !! ''

'' තමුසේ අච්චර දේවල් කියලා මගේ ඔළුව හොදින් තියෙයි කියලා හිතනව ද ? !!!  '' ගවීෂ්නුත් ආපස්සට ඇහුවේ මියුන්ට පයින් පාරකුත් අනින ගමන්...

'' ඉතින් ?  ''

'' ඉතින් කිතුල් !!  දැන් මට මේ හුළග එක්කත් ඉරිසියයි....  හාචුහ්!!!  .... ඇවිත් මෙතන උබේ ඇගේ වදිනවට ...! '' ගවීෂ් කිව්වේ රෑ වෙන්න වෙන්න තවත් හීතල වෙන ඇහැට පේන්නැති හුළගට රවන ගමන්....

'' මල සමයං... !! '' මියුන් තොල් දෙක තද කරගත්තේ හිනා යන්න කලින්....

'' අහ්හ්.... හෙට උබේ ඥාති සහෝව මීට් වෙන්න තියේ... යාදම් එක ඉවර වුන ගමන් කියලා හිතාගත්තට කොහෙ ද - '' ගවීෂ් කිව්වේ අරවින්ද් එක්ක දාගත්ත ෆයිට් එක මතක් කරන ගමන්...

'' අහ් ඒක අල්ලලා දාපන්.. ''

'' අල්ලලා දාන්න ? අහ් එහෙම ද ආශක්‍යසිංහ මහත්තයොව් ? තමුසෙලාගේ හෙන මොළේ අැති බෝතල් කටු ප්ලැන් එක - '' ගවීෂ් රවන ගමන් කිව්වේ හෙට අරවින්ද්ට රිටර්න් එක දෙනවා කියලා එයාටම සපථ කරගන්න ගමන්...

- Plot 23 -Where stories live. Discover now