- 81-

4.6K 737 231
                                    

කාලයත් එක්ක හිතුව තරමින්ම හොදට එයාල දෙන්නටම මුහුණ දෙන්න බැරි බව උරුමයන් දෙක තේරුම් අරගෙනයි ඉන්නේ... මාස තුන සැහෙන ඉක්මනින් ගෙවිලා ගියත්,  භාතිය ආශාක්‍යසිංහ එයාලට ඉතිරි කරපු හෝඩුවාව, අයෝද්ම එයාලට දීපු ටයිඩ්‍රැක්ස් එකේ වාර්තා පොතත් එක්ක එයාලා ගොඩ නගපු තර්ක මිස අවුරුදු දහ අටකට කලින් සිද්ධවුන දේවල් ගළපගන්න බැරුව උරුමයන් දෙකම හිර වෙලා....මොකද කොහේ හරි ආයේමත් හිස්තැනක්....

ලයිබ්‍රියේ අහුමුළු අවුස්සලා හොයාගත්‍ත පිටුවක් ඉරාගත්ත යාදම් ගිවිසුමේ පිටපත අස්සේ හිතුවා වගේම භාතිය ආශාක්‍යසිංහගේ පණිවිඩයක් තිබ්බා.. ඒක තුණ්ඩුවක්... මොනවදො මන්දා අංක ගොඩක් ලියපු... මොනව උනත් උට තේරෙන භාෂාවකින් ඕක ලියන්න තිබ්බා... තාත්තායි උගේ පුතණ්ඩියාටයි තියෙන මොළ හැමෝටම නෑනේ.... අන්තිමේදි උරුමයන් දෙක අතේ ඉතිරි උනේ ඒ තුණ්ඩුවයි, පිටුවක් ඉරාගත්ත යාදම් පිටපතයි, ඒ අස්සේ තිබ්බ පැරණි ඍෂි හෝඩියේ අකුරුවලින් කුරුටු ගාපු කටු සටහනකුයි විතරයි ...... ඒ දේවල් එක්ක කොහේ කොහේ මාස ගාණක් තිස්සේ හෙව්වත් දෙන්නම එකම තැන... ජගුවර් ආත්මය පෙනී ඉදියට පස්සේ මැන්ශන් දෙකේ උත්තරීතර පදවි නිහඩයි.. ඒ නිහඩ බවම තමයි උරුමයන් දෙක තවත් නොසන්සුන් කරන්නේ....

" ඕයි මේක ආයෙ කියවපන්.... " අරවින්ද් කිව්වේ පුරාණ අක්ෂරවලින් ලියලා තිබ්බ පොත ගවීෂ්ට දික් කරන ගමන්.. ඔව් ඒක හරියට කියවන්න ඒ අකුරු හරියට දැනන් ඉදියේ ගවීෂ්...

" බර්ඩොමිඩා කෙනෙක් මරන්න බැහැ... ඒකට යාදම් වතාවත් ඔනෙ... උබට මතකනේ එදා අර අයෝද්මකාරයා කිව්වේ... ඒ නමුත් එක බර්ඩ්‍රොමිඩා කෙනෙක් ජිවතුන් අතර ඉද්දි තව කෙනෙක් ඉපදෙන්නෙත් නැහැ... ඒක සොබා දහමට අයිති දෙයක්... සොබා දහම අනුසාරයෙන් වෙන්න පුළුවන් දෙයක්... ඒ නියම කඩන්න තරම් බලවත් දෙයක්...  " ගවීෂ් ආයේ සාරාංශය කියවන් ගියේ , කී වෙනි පාරටද දන්නෑ ඇග හිරි වැටෙද්දි... ඒ හැම වචනෙකම හංගලා තිබ්බේ මියුන්ගෙ බරපතලකම... එක විදියකින් නෙවේ සෑහෙන විදියකින්...

" මං දන්නැ සුදු මාමේ මේවා... " ගවීෂ් එපා උන ගානට කිව්වේ එයාගෙ ඉස්සරහ දිහ ඇරලා තිබ්බ පොත් ගොඩ දිහා බලලා සුදු මාමගේ ඇග උඩට පොඩි එකෙක් වගේ කඩා පාත් වෙලා.... අරවින්ද් නම්, පෑනත් කටේ ගහන් අහෙන් මෙහෙන් කොළ තියාගෙන හොයනවා.... භාතිය ආශාක්‍යසිංහත් පුදුම ආතල් තමයි දෙන්නෙ...එක කොලේකින් මෙහෙට... තව කොලේකින් අරහෙට.. යකො රහස් පරීක්ෂණයක් කරවන්නද යන්නේ ?

- Plot 23 -Where stories live. Discover now